පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දීමේ අරමුණින් රාජගිරියේ පිහිටි මහබැංකු ගොඩනැගිල්ල කුලියට ගැනීමට පාර්ලිමේන්තු මහලේකම් කාර්යාල නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව දැනගන්නට ඇත.
මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ හිටපු මන්ත්‍රීවරුන් තවමත් නිලනිවාස බාර දී නොතිබීමත්, එම නිවාස සංකීර්ණය අලුත්වැඩියා කිරීමට යෝජනා වී තිබීමත් මත මෙසේ වෙනත් ස්ථානයක් ඒ සදහා සෙවීමට නිලධාරීන් පියවර ගෙන තිබිණ.
ඒ අනුව රාජගිරියේ පිහිට මහබැංකු ගොඩනැගිල්ල කුලියට ගැනීමට යෝජනාව වී ඇති බව දනගන්නට තිබේ.










