• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බෙග්ට පස්සේ හොඳම හඬ මගේ

September 26, 2020
in Heart
Reading Time: 1 min read
A A
බෙග්ට පස්සේ හොඳම හඬ මගේ
Share on WhatsAppShare on Facebook

විරාජ් පෙරේරා අපට හඳුනාගත හැක්කේ තරුණ නිර්මාණකරුවන් අතරින් රසිකයන්ගේ ආදරය ඉතාම කෙටි කාලයකින් දිනාගත් ගායකයකු ලෙසයි. අද නම කියූ සැණින් රටම හඳුනන ගීතවලට එල්ලවූ ගල්, මුල් තරමටම රසිකයන් ඔහු වටා රොදබැන්දේය. මේ වන විට වෙනස්ම නිර්මාණ හරහා රසික හදවත් දිනාගත් විරාජ් ජනප්‍රිය මාවතේ තමා මෙතෙක් ආ ගමන අප ඉදිරියේ පෙළගැස්වූයේ මෙලෙසයි.
විරාජ් මොනවද අලුත් තොරතුරු?
දැන් නම් ටික ටික කාර්යබහුල වේගෙන එන්නෙ. මොකද පසුගිය කාලෙ රටේ තිබුණ තත්ත්වයත් එක්ක නැවතිලා තිබුණ ප්‍රසංග ආයෙත් ටික ටික පටන් අරන් තියෙනව. ඉතින් ආයෙත් ප්‍රසංග ලැබෙන විදිහට සහභාගි වෙනව. ඊට අමතරව මගේ ස්ටූඩියෝ එකේ වැඩත් එක්ක තමයි මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ.
ඔබ අද සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායකයෙක්. මේ තත්ත්වයට එන්න ලොකු කට්ටක් කන්න ඇති?
ඇත්තටම මම හිතන්නෙ හැම ක්ෂේත්‍රයකම ඔය තත්ත්වය තියෙනව. කිසි දෙයක් අපිට නිකන් ලැබෙන්නෙ නෑ. ඒකට අපි පුහුණුවීම් කරන්න ඕන, හැදෑරීම් කරන්න ඕන, යම් කැපවීමක් කරන්නම ඕනෙ. අපිට යම්කිසි තැනකට එන්න අවශ්‍ය නම් අපි තුළ ඒ සඳහා උනන්දුවක්, උත්සාහයක් තියෙන්නෙ ඕනෙ. ඒක එක අතකින් කට්ටක් තමයි. ඒ වුණාට ඒක ජීවිතේට හොඳ අත්දැකීමක්. මම ඒක ඒ විදිහට හඳුන්වනවට තමයි වැඩිය කැමැති.
18න් පහළ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ඔබ ඒ පැත්තෙන් ඉදිරියට යන්නෙ නැතිව සංගීතය තෝරගන්නව?
ඒ කාලෙ මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණ පාපන්දු පැත්තෙන් ඉදිරියට යන්න. නමුත් පාපන්දුවලට තියෙන පිළිගැනීම සහ ඒ පැත්තෙන් ඉදිරියට ගියත් මූල්‍යමය පැත්ත ශක්තිමත් කරන්න බැරිවෙයි කියන කාරණා උඩ තමයි පාපන්දු අත්හැරල සංගීතය තෝරගන්න හේතු වුණේ.
‘මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා’ ඔබගේ සංගීත ගමනේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත්?
හරියටම හරි. මම ඔය ගීතයට කලින් ගීත දෙක තුනක් නිර්මාණය කළා. නමුත් ඒ ගීත ජනප්‍රිය වුණේ නෑ. ඊට පස්සෙ තමයි මම ‘මාගේ දෑසින් වැටෙනා’ ගීතය කළේ. ඔය ගීතය රචනා කළෙත් මමමයි. මොකද ඒ දවස්වල මට ගීතයක් කාටහරි කියල ලියවගන්න සල්ලි තිබුණෙ නෑ. ඊට පස්සෙ මම ඔය ගීතය වෙනුවෙන්ම මාසයක් විතර මහන්සි වෙලා ෆැක්ටි්‍රස් කළා. එහෙම කරල තමයි රෙකෝඞ් කරල සින්දුව එළියට දැම්මෙ. ඊට පස්සෙ කාගෙන්වත් උදව්වක් නැතිව මම හිතපු නැති විදිහට සින්දුව ජනප්‍රිය වෙන්න පටන් ගත්ත. ඒත් එක්කම විරාජ් පෙරේරා කියන නමත් ක්ෂේත්‍රයේ ජනප්‍රිය වුණා.
අඬන ගීත තුළින් ජනප්‍රිය වුණා කියන චෝදනාව ඔබට තියෙනව?
ඇත්තම කිව්වොත් ඒක හරි. ඔය අඬන ගීත, විරහ ගීත කියල තමයි මම ජනප්‍රිය වුණේ. ඒක කවදාවත් මම නෑ කියන්නෙ නෑ. ලංකාවෙ විතරක් නෙමෙයි ලෝක දිහා බැලුවමත් අපිට දකින්නෙ තියෙන්නෙ ගොඩක් ගායක ගායිකාවන් ජනප්‍රිය වෙලා තියෙන්නෙ ඔය කියන ආකාරයේ අඬන ගීත කියල තමයි. අපිට තියෙන ප්‍රශ්නය තමයි ලංකාවෙ මිනිස්සු අපේ භාෂාව හෑල්ලු කරන එක. ඒකයි මගේ ගීත ඒ විදිහට හඳුන්වන්නෙ.
ඒ චෝදනාවලින් මිදෙන්නද බෞද්ධ ගීත නිර්මාණ කිහිපයක් කළේ?
‘තතාගතයාණෙනි’, ‘සිද්ධාර්ථ ගෞතම’ කියල බෞද්ධ ගීත දෙකක් මම මෑතකදි එළිදැක්වුව. ඒක මම කළේ මගේ ආසාවට සහ මට ඕන වුණා යම් වෙනසක් කරන්න. ඒ සඳහා ඒ ගීත නිර්මාණ වුණේ. ඇත්තටම හිතුවටත් වැඩිය ප්‍රතිචාර මට ඒ ගීත සඳහා ලැබුණා. බෞද්ධ උත්සව කාලවල හැම තැනම ඒ ගීත ප්‍රචාය වුණා. ෆේස්බුක්වල පෝස්ට් පවා ගියා මොහිදින් බෙග්ට පස්සෙ බෞද්ධ ගීත සඳහා බිහිවුණ හොඳම හඬ මගේ හඬ කියල. ඇත්තටම ඒ ගැන මට නිහතමානී සතුටක් තියෙනව.
ගීත ජනප්‍රිය කරගැනීම සඳහා මියුසික් වීඩියෝ යොදාගැනීම ගැන විරාජ්ගෙ තියෙන අදහස මොකක්ද?
ඇත්තටම ඒක ඉතාම සාර්ථකව ලංකාවෙ නිර්මාණකරුවන්ගෙ නිර්මාණ කොල්ලකෑම සඳහා කරගෙන යන හොර වැඩක් කියල කිව්වොත් මම හරි. මොකද මගේ ගීතවලින් මියුසික් වීඩියෝ හරහා මේ වෙනකොටත් සමහර අය මුදල් උපයනව. ලංකාවෙ අනිත් ගොඩක් කලාකරුවන්ටත් මේ වැඬේ වෙනව. මේ වෙනකොට මම යම්තාක් දුරකට මේ ගැන අධ්‍යයනය කරල මේක වෙන්නෙ කොහොමද කියල හොයාගෙන තියෙනව. ඉතින් ඉදිරියෙදි ඒ වෙනුවෙන් පියවර ගන්නත්, නිර්මාණයේ අයිතිය තියාගෙන ඉදිරියෙදි හොඳ වැඩ ටිකක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නව.
මයික් එක පැත්තකින් තියල නළුකමට බහින්න යනව කියලත් ආරංචියි?
ඇත්තටම රඟපානව කියන එක මම ඉස්සර ඉඳලම ආසාවෙන් හිටපු දෙයක් නෙමෙයි. ඒත් මට කිහිප අවස්ථාවකදීම රඟපෑම සඳහා ආරාධනා ආව. නමුත් ඒ හැම අවස්ථාවකම මම ඒව ප්‍රතික්ෂේප කළා. ඒත් පස්සෙ මට හිතුණ සින්දු කියන එක විතරක් මදි, දක්ෂතාවය තියෙනවනම් ඒ පැත්තෙනුත් ඉදිරියට ගියාට අවුලක් නෑ කියල. ඉතින් ගිවන්ත අර්ථසාද් අධ්‍යක්ෂණය කරපු නාට්ටියකින් මුලින්ම මාව නළුවෙක් විදිහට ඉදිරියට දකින්න ලැබෙයි.
ඉදිරියෙදි දකින්න ලැබෙන නිර්මාණ ගැන කතා කළොත්?
ඉදිරියෙදි බෞද්ධ ගීතයක් ඇතුළුව තවත් ගීත නිර්මාණ කිහිපයක වැඩකටයුතු මේ වෙනකොට කරගෙන යනව. නුදුරේදීම මගේ ඒ අලුත් නිර්මාණ රසවිඳීමේ හැකියාව මගේ රසික රසිකාවියන්ට ලැබෙයි.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ENR සම්මාන උළෙලේදී විශිෂ්ටතම සම්මානය දිනාගනී

Next Post

සජිත් අද රුවන්වැලි මහසෑයේ කප්රුක් පූජාවක

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ලෝක දේශපාලන කරළිය යළිත් රත්වෙයි! ලෝක නායකයකු ගැන හද දවන පුවතක්! ස්වභාවික විපත් ගැනත් ප්‍රවේසමෙන්! මෙරට තත්ත්වයේ සාමකාමී බවක්! රට...

Read more
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.