• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පෙරළියක් කරලා හොඳම නළුවා වුණු විල්සන්

September 26, 2020
in Heart
Reading Time: 1 min read
A A
පෙරළියක් කරලා හොඳම නළුවා වුණු විල්සන්
Share on WhatsAppShare on Facebook

පසුගියදා පැවැති ‘රයිගම්’ ටෙලි සම්මාන රාත්‍රියේදී කලාකරුවන් රැසක් සම්මාන හිමිකර ගත්තා. ඒ සම්මාන අතර සුවිශේෂී සම්මානයක් තමයි වසරේ හොඳම නළුවාට හිමි සම්මානය කියන්නේ. ඉතින් 2019 වසරේ ජාතික රූපවාහිනියේ විකාශය වුණු සුනිල් කොස්තා අධ්‍යක්‍ෂණය කළ ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍යයේ ‘විල්සන්’ චරිතය නිරූපනය කළ රංගන ශිල්පියාට තමයි ඒ සුවිශේෂී වරම ලැබුණේ. ඔහු ගැන අටුවාටීකා කීමට අවශ්‍ය නැහැ. ඉතින් ඔහුට කතා කළ එය ගැන ඔබට කියන්නට.
ඉතින් ආනන්ද හොඳම නළුවා සම්මානය හිමිවීම ගැන අපි මුලින් කතා කරමු නේද?
ඇත්තටම වසර ගණනාවක ඉඳලා මේ ක්‍ෂේත්‍රයට මම වැඩ කළා. ඉතින් ඒ සියලුම අත්දැකීම් එකතු කරලා ලැබුණු වටිනාකමක් තමයි මේ. අද මම මෙතැන ඉඳීවි, හෙට තව කෙනෙක් මේ තැනට හිමිකම් කියයි. හැබැයි සුදුස්සාට සුදුසු දේ හිමි වීම සතුටක්. සුනිල් කොස්තා අධ්‍යක්‍ෂණය කළ ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළ ‘විල්සන්’ චරිතය වෙනුවෙන් තමයි හොඳම නළුවාට මෙවර ‘රයිගම්’ සම්මානය මට හිමිවුණේ.
‘විල්සන්’ පුංචි තිරයේ ලොකු පෙරළියක් කළා නේද?
ඒ තරම් පෙරළියක් කරපු නිසානේ මෙවැනි සම්මාන උළෙලෙක ප්‍රධාන සම්මානයක් ගන්න තැනට පත්වුණේ. එය මට විතරක් නෙවේ රූපවාහිනී මාධ්‍ය නාළිකාවලටම ආදර්ශයක් කියලා මම හිතනවා.
රූපවාහිනී මාධ්‍ය තුළට පැමිණි අතීතය ගැන කතාකළොත්?
1986දී තමයි මම පළමු වරට ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ. ඒ සුදත් සේනාරත්න අධ්‍යක්‍ෂණය කළ ‘මවකගේ ගීතය’ ටෙලිනාට්‍යයේ ‘පියදාස’ගේ චරිතය තුළින් තමයි. ඉන්පසු මට සුවිශේෂී ටෙලිනාට්‍යවලට සම්බන්ධ වීමට අවස්ථාව උදාවුණා. ඔය අතර මට ආනන්ද අබේනායක හමුවුණා. ඔහුගේ හමුවීමත් එක්ක මගේ රංගන ජීවිතය සුන්දර ගමනක යෑමට දොර අවකාශය වගේම සුවිශාල අත්දැකීම් රාශියක් ලබාගැනීමට හැකිවුණා. ඔය අතර තමයි අප්පච්චි, තක්‍ෂලාව, බැද්දේ කුලැටිය, වීරයා ගෙදර ඇවිත් වැනි සුවිශේෂී ටෙලිනාට්‍ය රැසකටම දායක වීමට අවස්ථාව ලැබුණේ. බැද්දේ කුලැටිය ටෙලිනාට්‍යයේත් හොඳම සහාය නළුවාටත් සම්මාන මට ලැබුණා.
‘විල්සන්’ චරිතයට ඔබට සම්මාන හිමිවෙයි කියලා හිතුවද?
සුනිල් කොස්තා කියන්නේ වර්තමාන ටෙලිනාට්‍ය කලාවේ සිටින නිර්මාණවේදීන්ගෙන් සුවිශේෂී පුද්ගලයෙක්. එවැනි නිර්මාණකරුවන් අතළොස්සයි සිටින්නේ. ඔහු නිර්මාණය කළ පියස, සුදුසුයි උසයි ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයක්ම සුවිශේෂී කඩඉම් නාට්‍ය බවට පත්වුණා. ඉතින් එවැනි නිර්මාණකරුවකුගේ නිර්මාණයක අපි රංගනයෙන් දායක වන චරිත සුවිශේෂී චරිත බවට පත්වෙනවා.
ගුණාත්මක නිර්මාණ කලාවක් බිහිකිරීමට මෙගා ටෙලිනාට්‍ය නතර කළයුතුමද?
මෙගා ටෙලිනාට්‍යවලින් කාටද ප්‍රයෝජනයක් තිබෙන්නේ. නිෂ්පාදකවරුන් මුදල් හම්බකරයි. එතැනින් එහාට කිසිම පලක් නැහැ. අවුරුදු ගාණක් එකම තැටිය කැරැකෙන එකයි වෙන්නේ. එයින් ජනතාවත් මොට්ට වෙනවා විතරයි. මෙගා ටෙලිනාට්‍ය නතර කළොත් තවත් නිර්මාණකරුවන් රැසකට නිර්මාණ බිහිකිරීමට අවස්ථාව ලැබෙයි. ඒ වගේම අපටත් නිරූපණය කිරීමට සුවිශේෂී චරිත ඉඩකඩ වැඩියි.
ඔබ නිරූපණය කරන චරිතවල ඒකාකාරී බවක් තියෙනවා කියලා චෝදනා එල්ල වෙනවා?
චරිතය තුළ එකිනෙකට වෙනස්. නමුත් අපි චරිතයක් හොඳට කළාම එවැනි චරිතයක් නිර්මාණ පිටතකින් බිහිවුණාම අහවල් කෙනා අර නාට්‍යයේ හොඳට රඟපානවා කියලා තෝරලා තීරණය කරනවා. එවැනි චරිතවලට අපි දැනගන්න ඕනෑ එයින් මිදීමට.
මේ දවස්වල අපි ආනන්දව දකින්නේ කනත්තත් එක්ක ගනුදෙනු කරන බව?
කනත්ත එක්ක දැම්ම තියාම ගනුදෙනු තියාගන්න එක හොඳයි. කවදා හරි අපි එතැනට ගිහින්නේ අපි කරපු පින් – පව් තීරණ ගනුදෙනු කරන්නේ. ඉතින් මේ දවස්වල සත්‍යා ටෙලිනාට්‍යයෙත් කනත්තත් තුළ තමයි මගේ රංග භූමිකාව දැක ගැනීමට අවස්ථාව ලැබිලා තියෙන්නේ.
ඔය අතර ආනන්ද මහව පැත්තේ මොකද කරන්නේ?
සුමිත් රත්නායකගේ සුවිශේෂී නිර්මාණයක රූපගත කිරිම් මහව අවට සිදුවෙනවා. ඉතින් මේ දවස්වල ඒ ටෙලිනාට්‍යයෙත් වැඩ කරගෙන යනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලග්ගල මහකැලේ භාවනා කර රහත් වුණු ඥානදීප හාමුදුරුවෝ

Next Post

ගෙදර බඩුවලට හරියටම හරියන තැන

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.