• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සීරියස් වෙලා ඇදවැටුණු ‘සීරියස්’ සීරියස් එකෙන්ම නැඟිටියි

September 23, 2020
in Heart
Reading Time: 1 min read
A A
සීරියස් වෙලා ඇදවැටුණු ‘සීරියස්’ සීරියස් එකෙන්ම නැඟිටියි
Share on WhatsAppShare on Facebook

ප්‍රසංග වෙදිකාව නිතර අර්බුද, හැල්හැප්පීම්වලට මුහුණ දෙන ක්ෂේත්‍රයෙක්. කලක් තිස්සේ ආලෝකය නිවී තිබූ ප්‍රසංග වේදිකාවේ ආලෝකය මේ වන විට කෙමෙන් කෙමෙන් වැටෙන්න පටන් අරන්. ඒ අතරෙ ප්‍රසංග වේදිකාව අලුත් මානයකට රැගෙන ගිය‘සීරියස්’ බෑන්ඞ් එකේ හැලහැප්පීමක් ගැන අපට අහන්න ලැබුණා. හැලහැප්පීම් මැද තම කණ්ඩායම නිවැරැදි දිශානතියට රැගෙන යන ‘සීරියස්’ නියමු ඉනේෂ් ශිරන්තන අප සමඟ සීරියස් බිඳවැටීම හා එහි අනාගතය ගැන අදහස් දැක්වූයේ මේ විදිහට.
බෑන්ඞ් එකේ ආරම්භය ගැන කතා කරලා වැඬේ පටන්ගමු?
අපි ‘සීරියස්’ බෑන්ඞ් එක විදිහට මුලින්ම එළිමහන් ප්‍රසංගයකට සහභාගි වෙන්නෙ 2014 දෙසැම්බර් 31. ඒ කියන්නෙ අපි කාලයක් තිස්සෙ පුහුණුවීම් කරල අලුත් බෑන්ඞ් එකක් විදිහට රසිකයන් අතරට එන්නෙ එදා. ඉතින් බෑන්ඞ් එක පටන් ගත්ත දවස විදිහට අපිට කියන්න වෙන්නෙ ඒ දවස තමයි.
‘සීරියස්’ පටන් ගන්නත් කලින් ඔබ සංගීත කණ්ඩායම් ගණනාවකම දක්ෂ ගිටාර් වාදන ශිල්පියෙක්?
ඇත්තටම මම ‘සීරියස්’ බෑන්ඞ් එක පටන් ගන්න කලින් බෑන්ඞ් ගණනාවකම වැඩ කරල තිබුණ. අපේ පාසලේ තිබුණ බෑන්ඞ් එකකට තමයි මම මුලින්ම සම්බන්ධ වෙන්නෙ. ඊට පස්සෙ තංගල්ලෙ ‘ඒලියන්ස්’ කියල බෑන්ඞ් එකක් ඇතුළුව බෑන්ඞ් කිහිපයකම වැඩ කරනව. ඊට පස්සෙ මට අවස්ථාව ලැබෙනව කොළඹ ඇවිල්ල නදීර නෝනිස්ගෙ ‘සරිගම’ බෑන්ඞ් එකේ ප්ලේ කරන්න. එතැනින් පස්සෙත් තව බෑන්ඞ් කිහිපයකම ප්ලේ කරල අන්තිමටම ‘සීදුව බ්‍රාවෝ’ බෑන්ඞ් එකේ ප්ලේ කරල මම බෑන්ඞ් ගහන එක නවත්වනව.
සංගීතය එපා වෙලාද බෑන්ඞ් ගහන එක නවත්වන්නෙ?
බලන අයට හරි ලස්සනට පෙනුණට බෑන්ඞ් එකක ප්ලේ කරනව කියන එක හරි අමාරු වැඩක්. මොකද අපි වැඩ කරන්නෙ වෙනස් අදහස් තියෙන පිරිසක් එක්ක. එතැනදි අපිට විශාල ප්‍රශ්න ගොඩකට මුහුණදෙන්න වෙනව. ඔය විදිහට ඇතිවුණු ප්‍රශ්න කිහිපයක් නිසා කඩයක් කරගෙන හරි ජීවත් වෙනව කියල හිතල තමයි අන්තිමට මම බෑන්ඞ් ගහන එක නවත්තල ගමේ ආවෙ.
සංගීතය එපාවුණු ඔබ අන්තිමට නතර වෙන්නෙ ‘සීරියස්’ ළඟ?
සංගීතයට මගේ තියෙන ආශාව තමයි මාව එතැන නතර කළේ. මම ගමේ ඇවිල්ල කාලයක් යද්දි හිතුණා මෙහෙම ඉන්න එක හරියන්නෑ මොකක් හරි වැඩක් කරන්න ඕනෙ කියල. නැතුව බෑන්ඞ් එකක නායකයෙක් වෙන්න ඕනෙ කියන අදහසින් නෙමෙයි මම බෑන්ඞ් එක පටන් ගත්තෙ. කලින් වැඩ කරපු බෑන්ඞ් හරහා කොහොමද බෑන්ඞ් එකක් කරගෙන යන්නෙ කියන අත්දැකීමුත් මට තිබුණ. ඉතින් ඊට පස්සෙ අපේ ගම අවටින්ම බෑන්ඞ් එකට හොඳ සාමාජිකයො ටිකකුත් එකතු වෙනව. ඒ හරහා තමයි බෑන්ඞ් එක ලංකාවේ ජනප්‍රිය බෑන්ඞ් එකක් තරමට අපිට ගේන්න පුළුවන් වුණේ.
ඔය විදිහට පටන් ගත්ත ‘සීරියස්’ ඉතාම කෙටි කාලයකින් ජනප්‍රිය වෙනව?
ඇත්තටම අපේ බෑන්ඞ් එකේ හිටපු විවිධ දක්ෂතා තිබුණු ශිල්පියො හින්ද තමයි බෑන්ඞ් එක ඒ තරම් ඉක්මනට ජනප්‍රිය වුණේ. මොකද ඒ දක්ෂතා සමාජ මාධ්‍ය හරහා ඉතාම වේගයෙන් සංසරණය වුණා. ඒ හරහා අපිට රේඩියෝ චැනල් කිහිපයකම වැඩසටහන්වලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. මම හිතන්නෙ ඒ ලැබුණු අවස්ථා හින්ද තමයි අපේ බෑන්ඞ් එක ඉක්මනින් ජනප්‍රිය වුණේ. අනෙත් එක ප්‍රසංග වේදිකාවේ අපිටම අනන්‍ය වූ හඬ. අපි ඉදිරිපත් කළ වෙනම ‘නන්ස්ටොප්’ ගීත හරහාත් අපේ ජනප්‍රියත්වය වැඩි වුණා.
ඒ තරම් ජනප්‍රියත්වයක් තියෙද්දිත් බෑන්ඞ් එකේ සියලුම සාමාජිකයන් බෑන්ඞ් එක දාල යනව?
මම විශ්වාස කරන දෙයක් තමයි කණ්ඩායමක් විදිහට වැඩ කරනව නම් අනිවාර්යෙන් විනයක් තියෙන්න ඕනෙ. වෙලාවට වැඩ කරන්න ඕනෙ. භාරගත්ත වැඩ හරියට කරන්න ඕනෙ. නැත්නම් ඒ හැම දෙයක්ම මගේ පිටින්. ඉතින් කණ්ඩායමෙන් අයින් වුණු අය මට කරපු චෝදනාව තමයි මම නිදහස දුන්නෙ නෑ කියන එක. ඒ අය බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ නිදහසක්ද කියල මට නම් හරියට කියන්න බෑ. කොහොම හරි ඔය වගේ ප්‍රශ්න තමයි මුල් වුණේ ඔවුන් බෑන්ඞ් එක කඩාගෙන යන්න.
ඔය විදිහට කඩාවැටුණු ‘සීරියස්’ නැවත නැඟීසිටීමක් ගැන අපිට ආරංචි වෙනව?
ඇත්තම කියනව නම් බෑන්ඞ් එකේ සාමාජිකයො ගියාම මට දැනුණෙ මගේ ජීවිතේ නැතිවුණා වගේ. මොකද අපි කාලයක් තිස්සේ දුක සැප බෙදාගෙන එකටම වැඩ පළ කරපු පිරිසක්. අනිත් එක මගේ මුළු ජීවිතේම මම කැප කලේ බෑන්ඞ් එක වෙනුවෙන්. එයින් පස්සෙ මට ස්ටූඩියෝ එකට යන්නවත් හිත හදාගන්න කාලයක් ගියා. කොහොම හරි ඔය විදිහට ඉඳල මම හිතුව ආයිමත් වැටුණ තැනින්ම නැඟිටින්න ඕනෙ කියල. එහෙම හිතල ආයිත් බෑන්ඞ් එක පටන් ගන්න සාමාජිකයො බඳවගන්නව කියල ෆේස්බුක්වල පෝස්ට් එකක් දැම්ම. ඒ පෝස්ට් එක දැකල හයසීයක් විතර පිරිසක් ඉන්ටව් ආව. ඒ ආපු පිරිසෙන් මට ගැළපෙන හොඳම පිරිස මම බෑන්ඞ් එකට බඳවගත්ත. මට හිතෙනව මේ පිරිසත් එක්ක මට ලොකු ගමනක් යන්න පුළුවන් කියල.
අලුත් සාමාජිකයොත් එක්ක අලුත් නිර්මාණත් දකින්න ලැබෙයිද?
අනිවාර්යෙන් අලුත්ම නිර්මාණ කිහිපයක්ම එළිදක්වන්න මේ වෙනකොට අපි පෑලෑන් කරගෙන ඉන්නෙ. එන මාසෙ අපේ පළමුවැනි එළිමහන් ප්‍රසංගය පවත්වන්න මේ වෙනකොට සැලැසුම් හදල තියෙන්නෙ. ඉතින් අලුත්ම වැඩ ටිකක් එක්ක ‘සීරියස්’ ඉදිරියෙදි දකින්න ලැබෙයි.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

20ට එරෙහිව සජිත්ලාත් උසාවි යයි

Next Post

ජනකගෙන් අලුත් තාලෙ අලුත් වැඩක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.