• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අංක 1 සමගියයි: කොළඹ 2 නගරයයි

September 16, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
අංක 1 සමගියයි: කොළඹ 2 නගරයයි
Share on WhatsAppShare on Facebook

කඩි ගුළක් වගේ උදේට කලබල වෙන මිනිස්සු, මේ වීදි දිගේ රේස් එකක් වගේ දුවන්න පටන් ගන්නවා. දහය එකොළහ වෙන කොට ඒ රේස් එක ඉවරයි. හබැයි මේ නගරය පහු කරගෙන එහෙට මෙහෙට දුවන වාහනවල නැවතුමක් නෑ. අදට වඩා හෙට වාහන වැඩියි කියලා හිතෙන තරම්. දවල් දවසේ ඉරේ ගින්නෙන් දැවෙන ගහ කොළ නැති මේ නගරය නිවෙන්න පටන් ගන්නෙ ගෝල්ෆෙස් මුහුදට ඉර වැටුණට පස්සෙ.හැබැයි තැඹිලි පාට අහස යට ආයෙත් අර පරණ කලබලේම පටන් ගන්නවා. තැන් තැන්වලින් මතුවෙන මිනිස්සු හැම තැනින්ම ඇවිත් අන්තිමට නතර වෙන්නෙ ස්ටේෂමේ. ලී කැටයමින් විසිතුරු වෙච්ච මේ දුම්රිය නැවතුම ලංකාවෙ තියෙන ලස්සනම දුම්රිය නැවතුමක්. හැබැයි අවාසනාවකට මේ නැවතුමට එන කාටවත්ම මේ ලස්සන බලන්න පමාවෙන්න බෑ.
එයාට හෙට දවසට සූදානම් වෙන්න අද දුවන්නම ඕන. අද මේ ලියන මොහොත වෙන කොට කොම්පඤ්ඤවීදිය අතිශය වෙනස්. තැනින් තැන අලුතෙන් ඉපදෙන ගොඩනැගිලි අහස අල්ලලා. එක පැත්තකින් නෙලුම් කුලුන, කොම්පඤ්ඤවීදියෙ වතු අස්සෙ දියවෙන පැල්පත් ජීවිතවලට සමහරදාට දැන් නෙලුම් කුලුනෙ එළිය වැටෙනවා.ඒක පාට පාට ලෝකයක්. සාමාන්‍ය මිනිසුන්ට ළංවෙන්න බැරි තරම් දුරයි. ඒත් අපි ඉහළින් ආකාසෙ ඒ වගේ ලස්සනක් තියෙනවය කියන සතුටත් එක්ක මිනිස්සු පැදුරු කඩමලුවල ගුළිවෙනවා. එක කාලෙක විරාජමානව හිටපු නිපොන් හෝටලය දැන් මහලුයි. කැස්ලල් බාර එක දැන් නෑ. නවා හෝටලය මතක සැමරුමක් විතරයි. හැබැයි මේ නගරය හැමදාම තරුණයි.
කොළඹ නගරය විසිතුරු කරන්න පුළුවන් කම තියෙද්දිත් නම කිව්ව ගමන්ම අප්පිරියාවක් එන බේරෙ වැව දන්නවද? ආන්න ඒකට මැදි වෙලයි මේ ගම තියෙන්නෙ. මම දන්නෙ නෑ මේකට ගමක් කියලා කියන එක හරිද වැරදිද කියලා.
මොකද කොම්පඤ්ඤ වීදිය කියන්නෙ කොළඹ අංක දෙක. ඒ කියන්නෙ මේක ගමකට වඩා නගරයක්. හැබැයි නගරයක් උනත් කොම්පඤ්ඤවීදිය කියන ටවුන් එකක් නං නෑ. තියෙන්නෙ හන්දියක් විතරයි. ඒ වගේම කොම්පඤ්ඤවීදිය කියන්නෙ තාමත් සාමාන්‍ය මිනිස්සුන්ගෙ ගෙවල් තියෙන තැනක්. ඒ වගේම රජයෙ කන්තෝරු උසාවි වගේම පොලිසියක් එහෙමත් කොම්පඤ්ඤවීදියෙ තියෙනවා. ඒ වගේම මෙහෙ තියෙනවා එක එක තාලෙ කයි කතන්දර හුඟාක්.ඒවා ඇත්තටම කොහෙන් පටන් අරගෙන කොහෙන් කෙළවර කරනවද කියලා හිතාගන්න බැරිතරම්.
මම හිතන්නෙ මෙහෙට අදාළ හොඳම කතාව මම වින්දේ එකමත් එක රාත්‍රියක. එදා ඒ වෙලාවෙ මම කොම්පඤ්ඤවීදියෙ ඉන්න මගෙ මිත්‍රයෙක්ගෙ ගෙදර. මේ වීදිවල රාත්‍රී පාපන්දු ගැහිල්ල නිතරෝම වෙන නිසා මටත් ඒකට සහභාගි වෙන්න ලැබුණා. ඒ වෙලාවෙ ඒ වීදියෙ පාපන්දු ක්‍රීඩා කරමින් හිටපු අයගෙන් කීප දෙනෙක්ම ලංකාවෙ ජාතික කණ්ඩායමේ පාපන්දු ගහපු අය. ඒක තමයි මෙහෙ විදිය. සාමාන්‍යයෙන් කොම්පඤ්ඤවීදිය කියන්නෙ ක්‍රීඩාවට මාර තැනක් හම්බෙන පැත්තකට. මහා ලොකු වර්ග කිලෝමීටර ප්‍රමාණයක පැතිරිලා නැතත් කොම්පඤ්ඤවීදියට අයිති ප්‍රබල ක්‍රීඩා සමාජ කීපයක් තමයි මුවර්ස් ක්‍රීඩා සමාජය, ජාවා ලේන්, මැලේ ක්ල්බ් වගේ ඒවා. මේ කණ්ඩායමත් ක්‍රිකට් සහ පාපන්දු කියන ක්‍රීඩාවලින් ජාතික මට්ටමෙන් ජයග්‍රහණ ලබාත්ත කණ්ඩායම්. ඒ නිසාම කොම්පඤ්ඤවීදියෙන් ලංකාවෙ ජාතික කණ්ඩායම්වලට ඇතුළු වුණ ක්‍රීඩකයො විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒක කොච්චර සුලබයිද කියනවා නම් මේ ගමේ කෙනෙක්ගෙන් ඇහුවම එයාලා නම් ගොඩාක් කියාගෙන කියාගෙන යනවා. කොම්පඤ්ඤවීදියෙ ඉන්න මගෙ හිතවතෙක් ඒක කිව්වෙ මෙහෙම.
“සවුජා, ඩාවුඞ්, ටෝනි අපේ අහල පහළ ඉන්න අය. ඒ විතරක් නෙමෙයි, දැනට ශ්‍රී ලංකන් ෆුල් ටීම් ගහන ජරුවාන් ඉන්නෙත් මෙහෙ තමයි…”
ඒ වගේම කොම්පඤ්ඤවීදිය කියන්නෙ ලංකාවෙ තියෙන බහු වාර්ගික බහු ආගමික ගමක්. කොම්පඤ්ඤවීදියෙ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ජා, කාපිරි, චීන වගේ ජාතියෙ එක එක මට්ටමින් ඉන්නවා.

කොම්පඤ්ඤවීදියෙ තියෙන ඉතාම අපූරු දෙයක් වෙන්නෙ මීටර පනහක විතර දුරකින් පන්සල, කෝවිල, මුස්ලිම් පල්ලිය සහ කතෝලික පල්ලිය තියෙනවා. ඒකෙ තියෙන විශේෂිතම දේ තමයි මුස්ලිම් පල්ලියි, පන්සලයි, කෝවිලයි එක තාප්පෙකින් වෙන් වෙන තරමටම ළඟින් පිහිටා තිබීම. ඒ වගේම ගැලවීමේ හමුදා මූලස්ථානය සහ මහායාන විහාරස්ථානය තියෙන්නෙත් මේවාට කිට්ටුව.
ඒ අතරෙ දෙස් විදෙස් සංචාරකයන්ගේ ලොකු අවධානයක් තියෙන ගංගාරාම විහාරස්ථානය තියෙන්නෙත් කොම්පඤ්ඤවීදියට අයිති සීමාවෙ. ඒ වගේම ගංගාරාම සීමා මාලිකයත් කොම්පඤ්ඤවීදියෙ පිහිටා තියෙනවා.
මේ අතරෙ තියෙන බහුවාර්ගික බවට සාක්ෂි ඕන තරම්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ හැමතැනකම පැතිරිලා ඉන්නවා. ඒ අතර ජා අයගේ ප්‍රදේශය වෙලා තිබිලා තියෙන්නෙ ජාවා ලේන් එක. මැලේ අයට මැලේ වීදිය. චීන ජාතිකයන්ගෙන් කීප දෙනෙක් අදත් ජීවත්වෙන චීන වාඩියත් තියෙන්නෙ කොම්පඤ්ඤවීදියෙ.
ඒ අතර මෙහෙ එක කොටසක කාපිරි මුඩුක්කුව කියලා පැත්තක් තිබිලා තියෙනවා. ඒ ගැන හොයලා බැලුවම පහුකාලීනව ඉදිවුණ නිවාස සංකීර්ණයක් නිසා ඒක එතනින් අයින් වෙලා. හැබැයි කොම්පඤ්ඤවීදියෙ ඉතිහාසය තියෙන්නෙම කාපිරි කියන නමත් එක්ක ගෑවිලා.
ඒක ඉතිහාස කතාවක්. ඒ නිසා අපි දැන් බහුවාර්ගික කතාවෙන් යමු ඉතිහාසය පැත්තට. කොම්පඤ්ඤවීදිය කියන්නෙ ීක්ඩැ ෂික්බා. මේ බේරෙ වැවේ දූපත නිසා මේ ප්‍රදේශයට ීක්ඩැ ෂික්බා කියන නමේ අග කොටස ගැළපෙනවා. නමේ මුලකොට ඒ විදියට යෙදෙන්නෙ ඉංග්‍රීසි යුද සමය දක්වාම දිවෙන කතන්දරයක් නිසා. මේ ඉංග්‍රීසි යුද සමයේ ලංකාවට ගෙන්වපු කාපිරි හමුදා භටයන් රඳවා තිබ්බ දූපත කියලයි එදා කියන්නෙ. මේ දූපත යොදාගෙන තියෙන්නෙ ඒ කාපිරි හමුදා සෙබළුන්ගෙ තිබුණ නපුරුකම නිසාය කියලයි කියන්නෙ. ඒ අය ලංකාවට ගෙනල්ල කට කලියාවක් කාරිය දාලයි තියාගෙන ඉන්න සිද්ද වෙලා තියෙන්නෙ. ඒකට හේතුව මේ මිනිස්සු ඉතාම දරුණු මිනීමස් කන ජාතියක් වීම. කටකලියාවක් කියලා කියන්නෙ කටට දාන්න ඉබ්බෙක් වගේ දෙයක්. එහෙම නැත්නම් මේ අය ගෑනු උදවියගෙ පියයුරු එහෙම කඩාගෙන කෑවාය කියනවා. ඒ වගේම කොම්පඤ්ඤවීදියෙ ඉතිහාස කතාවෙ කියවෙන එක්තරා කටකතාවක් තියෙනවා මේ ආපු හමුදාව අතරෙ ඉඩි අමීනුත් හිටියාය කියලා. ඒත් ඒක ඔප්පු කරන්න තරම් සාධක නෑ. හැබැයි එහෙම නෑය කියලා ඉඩි අමීන් ලංකාවට ආපු කාපිරි සොල්දාදුවන්ට අයිති උනේ නෑම කියන්නත් සැලකියයුතු හේතුවක් නෑ. මෙතනදි තවත් එක කතාවක් පැහැදිලි වෙනවා. ඒ තමයි කොම්පඤ්ඤවීදියෙ එකමත් එක කාලෙක මීටත් වඩා ගොඩ බිමෙන් වෙන් වෙලා තියෙන්න ඇති කියන එක. ඒ වගේම තවත් කතාවක කියවෙනවා ගාලුමුවදොර ආසන්න නිසා මේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශය තුවක්කු, රයිෆල් හමුදාව රඳවා තිබුණාය කියලා. කම්පැනි ස්ටී්‍රට් කියන එක පස්සෙ කාලෙක කොම්පඤ්ඤවීදිය විදියට වෙනස් වුණාය කියලත් කියවෙනවා.
කොම්පඤ්ඤවීදියෙ තමයි ලංකාවෙ තියෙන එකම හයමං හන්දිය තියෙන්නෙ කියනවා. දැන් ඉතින් අපි නොදන්නා තැනක තියෙන හයමං හන්දියක් ගැන දන්න උදවිය අමනාප වෙන්න එපා. එහෙම තැනක් තියෙනවා නම් අපිට කියන්න. අපිත් කැමතියි ඒ ගැන දැනගන්න. කොහොම නමුත් කොටුවෙ ඉඳං කොම්පඤ්ඤවීදියට එන පාර, කොම්පඤ්ඤවීදියෙ නිපොන් හෝටලේ පැත්තෙ පාර, තව වොක්ෂෝල් ස්ටී්‍රට් පැත්තට තියෙන පාර, ඇස්වාට්ටුව පැත්තට යන එකසිය තිස්අට පාර, ගංගාරාමෙ පැත්තට ගිහිල්ලා ගාලු පාරට සම්බන්ධවෙන කොල්ලුපිටියට වැටෙන පාර සහ කොම්පඤ්ඤවීදිය ස්ටේෂන් එක පාර තමයි මේ පාරවල් හය. කොළඹට යන එන අය මතක තියාගන්න ඕන එහෙං වන්වේ මෙහෙං වන්වේ හින්දා මේ හන්දිය කොළඹට පිටින් එන අයගෙ ඔළුව විකාර වෙන හන්දියක්.
කොහොම නමුත් කොම්පඤ්ඤවීදිය කියන්නෙ ලංකාවෙ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හැමෝම එක වගේ එකමුතු වෙලා ඉන්න තැනක් විදියටයි දැනට කියන්න පුළුවන්.
මෙහෙ මිනිසුන්ට හැම භාෂාවක්ම වගේ කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම සිංහල දෙමළ දෙකනම් ඒ අතර අනිවාර්යයෙන්ම පුළුවන්. හැබැයි එකක් මෙහෙ කට්ටිය කතා කරන කොට අපූරු වෙනසක් තියෙනවා. ඒක වෙන්නෙ මෙහෙම. තරහ වෙන්න එහෙම එපා අපි මෙහෙම කිව්වය කියලා. මේක තමයි අපූරු කොම්පඤ්ඤවීදියෙ තියෙන විශේෂත්වය.
සාමාන්‍යයෙන් “මහත්තයා, මම හෙට හත හමාරට විතර එන්නම් හය දෙනෙක් එක්ක…”
කියන කොට, කොම්පඤ්ඤවීදියෙ කෙනෙක් ඕක කියන්නෙ මෙහෙම.
“මාත්තයා, මම එට අත අමාරට විතර එන්නම් අය දෙන්ක් එක්ක…”
කියලා. ඒක එහෙම වෙන්නෙ නූගත් කමක් හින්දා එහෙම නෙමෙයි. මේ අයගෙ භාෂා භාවිතාවයේ එක්තරා අවස්ථාවක දෙමළ, සිංහල දෙකම භාවිතා කිරීම නිසා අන්තිමට ව්‍යවහාරය වෙනස් වෙලා ගිහිල්ලා. දැන් මෙයාලගේ භාෂාවේ ලක්ෂණයක් විදියට ඒක ඉතිරිවෙලා තියෙනවා.
කොහොම නමුත් කොම්පඤ්ඤවීදියෙ ඉතිහාසය දන්න කෙනෙක්ට නං ළඟදී නැසීගිය කාසල් හෝටලේ මතක් වෙලා දුක හිතෙන්න ඉඩ තියෙනවා. මොකද කාසල් හෝටලය කියන්නෙ ලංකාවෙ ඉතිහාසයේ ආදරණීය සිහිවටනයක්. ඒකට ඇත්තටම දේශපාලන ඉතිහාසයක් පවා තිබිලා තියෙනවා. ඒත් ඉතිං මොනවා කරන්නද අවාසනාවකට මේ ගොඩනැගිල්ල දැන් කඩලා අයින් කරලා.
හැබැයි තවමත් මෙහෙ ලස්සන ස්ටේෂමක් තියෙනවා. ඒක ලංකා දුම්රිය ඉතිහාසයේ සිහිවටනයක්. මොකද මුල් කාලීන දුම්රිය ස්ථාන වලින් තාමත් ඒ විදියටම තියෙන දුම්රිය ස්ථාන කොළඹ නගරයෙ වෙන දකින්න නෑ. මේ ස්ටේෂමේ තියෙන ලෝහමය කැටයම්වලින් වටවෙච්ච කණු අපි කොහෙවත් ස්ටේෂමක දකින්නෙ නෑ.
ක්‍රිස්ටියන් ග්වේමි කියන ප්‍රංශ චිත්‍ර ශිල්පියා මේ පැත්තෙ බිත්තිවල ලස්සන රූප ටිකක් ඇඳලා ගියා කියලා සමහර තැන්වල සඳහන් වෙලා තියෙනවා. හැබැයි ඒවා දැන් නම් ඒ තරම්ම දකින්න නෑ. ඒකට හේතුව කොම්පඤ්ඤවීදිය සංවර්ධනයට යට වෙලා ශීඝ්‍රයෙන් වෙනස්වීම.
හැබැයි මේ හැම සංවර්ධන කාර්යයකටම උඩින් අදත් අපිට අපේ අමනකම් ගැන සිහිපත් කරවන අපූරු ගොඩනැගිල්ලක් ඉතිරිවෙලා තියෙන්නෙ හරියට සරදමක් වගේ. ඒ තමයි අලුතින් ඉදිවෙච්ච ආරක්ෂක සේවා විද්‍යාලයට ඉහළින් පේන “නාවා” හෝල් එක. ඒක අද වෙනකොට ඉතිරිවෙලා තියෙන්නෙ පිච්චිලා නටබුන් වෙච්ච ගොඩනැගිල්ලක් විදියට. හැබැයි ඒකෙ ඉතිහාසය ඊට වඩා වෙනස්.
මේ ගොඩනැගිල්ල හදන්නෙ එවකට ලංකාවෙ හිටපු දමිළ ධනවතෙක් වෙච්ච නවරත්නම් මුදලාලි. නවරත්නම් මුදලාලිගෙ “නවා” හෝටලේ කාමර සීයකට වැඩී. අංගසම්පූර්ණ නාන තටාකයක්, බිලියට් ඇතුළුව විවිධ ක්‍රීඩා සඳහා ක්‍රීඩාගාර මේ හෝටලේ අන්තර්ගතයි. ඔහු මේ හෝටලය හදලා තියෙන්නෙ විශේෂයෙන්ම රුසියන් ජාතිකයන් ඉලක්ක කරගෙන කියලයි කියන්නෙ. කොහොම හරි ඔහු මේ හෝටලේ එක්දහස් නමසිය අසූනමයට කලින් සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරලා තියෙනවා. හැබැයි අවාසනාවකට මේ දැවැන්ත හෝටලය විවෘත කරන දිනයට කලින් කළු ජූලිය ආවා. හෝටලයට එන්න හිටපු ආරාධිතයො පිළිගන්න එළපු රතු සළු උඩින් ආවෙ අවි ආයුධ අර ගත්ත තක්කඩි ශ්‍රී ලාංකිකයො. උන් ඇවිල්ලා මේ හෝටලයෙ හැම දේම මංකොල්ල කනවලු. කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි දක්වාම. එහෙම කරලා නිකන් ඉන්නෙ නෑ. උන් මේ හෝටලේට ගිනි තියනවා. නවරත්නම් මුදලාලි ඒ ගිනිගත්ත පැල්ලම් එක්කම “නවා” හෝටලය අතඇරලා දානවා. අදත් ඒක ඉතිරි වෙලා තියෙන්නෙ එහෙම.
කොහොම නමුත් කොම්පඤ්ඤ වීදිය විශේෂයි. සුළුපටු නෑ, මේ කොළඹ දෙක. මේ කතා හොයාගන්න අපිට උදව් කරපු තරිඳු චතුරංගට ස්තුති කරන ගමන් එකමත් එක කාළෙක කොම්පඤ්ඤවීදියෙ ඉඳලා මට මුණගැහුණා අපූරු මිනිස්කම පිරි මනුස්සයා ජයන්ත මාමව ආයෙත් වතාවක් සිහිපත් කරනවා.
එහෙනම් අපි නතර වෙනවා.
“අරිනෙ ඒනං,
ආයෙත් අම්බෙමු,
අලුත් ගංකරේකින්..
පෝයිට්ෘ වාරෙන්,
අසලාම් වලෙයික්කම්….”
ඔන්න ඕකයි කොම්පඤ්ඤවීදියෙ ක්‍රමේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

‘සිල්ක් රූට්’ පාටියේදී අමරවීර බයවෙලා

Next Post

20න් තටු කැපෙන මහජන මුදලේ මුර දේවතාවා

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.