• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘සිල්ක් රූට්’ පාටියේදී අමරවීර බයවෙලා

September 16, 2020
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
‘සිල්ක් රූට්’ පාටියේදී අමරවීර බයවෙලා
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ 20 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමෙන් අනතුරුව එය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එතෙක් නිහඬව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ලොකු සද්දයක් දමමින් කියා සිටියේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කමිටුවක් පත්කරනවා යැයි කියාය. ඉන් අනතුරුව ඒ පිළිබඳව සාකච්ඡා කොට මධ්‍යම කාරක සභාවේදී ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවද එකල ශ්‍රීලනිප ප්‍රධානීහු මාධ්‍යයට කියා සිටියහ.

මෛත්‍රීපාල 20ට කැමැත්තෙන්…

මේ ආකාරයට ශ්‍රීලනිපය අදහස් දක්වද්දී බොහෝ දෙනා සිතා සිටියේ එකත් එකටම මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන්ම ගෙනා 19 වැනි සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඔවුන් දැඩි තීන්දුවක් ගනු ඇතැයි කියාය. එහි ඇති ඇතැම් වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මතුකරනු ඇතැයි කියාය. නමුත් එවැන්නක් සිදුවූයේ නැත. ශ්‍රීලනිපයෙන් 20 ගැන සොයා බැලීමට කමිටුවක් පත්කෙරුණේද නැත. කිසිදු විරෝධයක් පළවූයේද නැත. අඟහරුවාදා පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ආණ්ඩුව ගෙන ඒමට නියමිත 20 වැනි සංශෝධනයට සහයෝගය ලබාදීමටද ශ්‍රීලනිපය තීන්දු කර තිබීම විශේෂ සිදුවීමක් විය.
මේ ආකාරයට මෛත්‍රිපාල 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීන්දු කළත් දයාසිරිලා හා දුමින්දලා එසේ සිටියේ නැත. ඒ අනුව දින 2ක් තිස්සේ සිය ජංගම දුරකතනද විසන්ධි කොට දයාසිරි, දුමින්ද ඇතුළු කණ්ඩායමක් 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී ඔවුන් තීන්දු කළේ මෛත්‍රිපාල කුමන තීන්දුවක් ගත්තද කාරක සභා අවස්ථාවේදී 20 වැනි සංශෝධනයේ සඳහන් ඇතැම් වගන්තිවලට එරෙහිව සංශෝධන ගෙන ඒමටය. විශේෂයෙන් ස්වාධීන කොමිෂන් සභා ඇතුළු තවත් වගන්ති කීපයකටම එරෙහිව එසේ දයාසිරි, දුමින්දලා කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන ඒමට තීන්දු කර ඇති බව ආරංචිය.

අමරවීර මාරුවෙයි

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහාගේ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේ පැවැත්වෙන විට එහි පිටත මාධ්‍යවේදීන් කැමරා රැගෙන සිටියේ 20 සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තීන්දුවක් ගනු ඇති බවට වූ පූර්ව විශ්වාසය මතය. ඒ අනුව රැස්වීම නිමාවී එකා දෙන්නා එළියට එද්දී මාධ්‍යවේදීන් ඔවුන්ගෙන් අදහස් විමසා සිටියත් කිසිවකුත් ඔවුන්ට පිළිතුරු දෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. බොහෝ දෙනා සිනාසෙමින් ‘ඒක නිකම් සාකච්ඡාවක් විතරයි’ යැයි කියමින් ප්‍රශ්නවලින් ලිස්සා යන ආකාරයක් දැකගන්නට ලැබිණ. මහින්ද අමරවීර පිටතට පැමිණෙන විට මාධ්‍යවේදීන්ට කියාගෙන ගියේ “මට හදිසි මඟුල් ගෙදරක යන්න තියෙනවා. ඒ හින්ද මම යනවා” යැයි කියාය.

මාලඹේ ‘සිල්ක් රූට්’ පාටිය

කෙසේ වෙතත් අමරවීර ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම නිමාකොට කෙළින්ම ගියේ මඟුල් ගෙදරක නොව මාලඹේ පිහිටි ‘සිල්ක් රූට්’ නමින් හැඳින්වෙන විශේෂ අවන්හලටය. එහි අමරවීර විසින්ම විශේෂ උත්සවයක් සංවිධානය කොට තිබිණ. ඒ, පසුගිය මහ මැතිවරණයේදී තමන්ට සහාය පළ කළ පිරිස් හට ස්තුති කිරීම සඳහාය. 300කට අධික පිරිසක් ඊට සහභාගිව සිටි අතර ඉහළ පෙළේ මත්පැන් වර්ග පමණක් නොව රසමසවුලින්ද, සංගීතයෙන්ද උත්සවය අලංකාරවත් වී තිබිණ. ශ්‍රීලනිප කොළඹ ආසන සංවිධායකවරුන්ද, ගායක ගායිකාවන්ද, නළු නිළියන්ද, නිරූපණ ශිල්පිනියන්ද එම අලංකාරවත් බව තවත් වැඩිකොට තිබිණ. කෙසේ වෙතත් කිසිදු මාධ්‍යවේදියකුට අමරවීර ඊට ආරාධනා කර නොතිබීමද විශේෂ සිදුවීමක් විය.

බයෙන් බයෙන් උත්තර දෙයි

මාධ්‍යවේදීන් නොමැති වුවද කොළඹ ආසන සංවිධායකවරුන් එම අවස්ථාවට සහභාගි වී සිටිම නිසා මාධ්‍යවේදීන් නැති අඩුව පිරවූයේ ඔවුන්ය. ඒ අනුව අමරවීර උත්සවයට පැමිණ ඔවුන් ළඟට ආ පසු මෙම ආසන සංවිධායකවරුන් කළේ අමරවීර වට කරගෙන ආණ්ඩුවේ වත්මන් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දිගින් දිගටම අමරවීරගෙන් ප්‍රශ්න ඇසීමය. “20න් ආයෙමත් ජේ.ආර්. හදපු 78 ආණ්ඩු ක්‍රමේටත් වඩා එහාට යනව නේද?”, “දැන් ශ්‍රී ලංකා එකට මොකද වෙන්නෙ? අපිට කිසිම බලයක් නෑ නේද?”, “20ට ශ්‍රීලනිපය සංශෝධන අරන් එනවද? සමහර වගන්තිවලට විරුද්ධ වෙනවද?” යනුවෙන් සංවිධායකවරුන් දිගින් දිගටම විමසද්දී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ බොහෝ පරිස්සමින් යුතුව වචන එහා මෙහා කරමින් අමරවීර පිළිතුරු ලබාදීමය. බොහෝදුරට එම උත්තරද තනි වචනයේ හෝ වචන දෙකේ ඒවා විය. එමෙන්ම විශාල බයකින් යුක්තව අමරවීර පිළිතුරු දෙන ආකාරයක්ද එහිදී දැකගන්නට ලැබිණ. “බලන් ඉන්න’, ‘ඕව හරියයි’, ‘කලබල වෙන්න එපා” යන්න අමරවීර එහිදී දුන්න උත්තරය.

ප්‍රේමලාල්ගේ කළු පැල්ලම

එමෙන්ම එදින දහවල් මරණ දඬුවම නියමව සිටි ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු වශයෙන් දිවුරුම් දීම සම්බන්ධයෙන්ද මෙහිදී කතාබහට ලක්විය. එහිදී සියලුම දෙනා පාහේ කියා සිටියේ එය ආණ්ඩුවට එතරම් හොඳ ලකුණක් නොවේ යැයි කියාය. ඊට විපක්ෂය දැක්වූ විරෝධය හේතුකොටගෙන රට ඇතුළේ විපක්ෂය හිස එසවූ බවත්, මහජන මතය ආණ්ඩුවට ඍණාත්මකව බලපා ඇති බවත් එහිදී කියැවිණ. මෙසේ අදහස් පළවෙද්දී පවා අමරවීර ඒවාට තම අදහස් ප්‍රකාශ නොකොට වචනයකින් දෙකකින් පිළිතුරු දී එම ස්ථානයෙන් පිටව ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයේ ‘මහමොළය’ අහුවෙයි

Next Post

අංක 1 සමගියයි: කොළඹ 2 නගරයයි

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.