• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

2026 සංගීතෙට සමුදෙනවා මචානෝ

September 12, 2020
in Heart
Reading Time: 2 mins read
A A
2026 සංගීතෙට සමුදෙනවා මචානෝ
Share on WhatsAppShare on Facebook

‘කෝ… මල්ලි සද්දෙ….’
‘තව මදි… තව හයියෙන් දාමු සද්දෙ…’
මේ ප්‍රසංග වේදිකාවේ රිද්මයය. ඒ රිද්මය ඔස්සේ සුවහසක් පිරිසකගේ ආදරය දිනාගත් තරුණ ශිල්පීන් අතර ඉඳුනිල් අන්දරමාන්නට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ප්‍රසංග වේදිකාවක් තරම් අලංකාරවත් නොවූ තම සංගීත ගමන ගැන ඉඳුනින් අපි කිව්වේ මේ විදිහට.
කොහොමද ඉඳුනිල් මේ දවස්වල ජීවිතේ කියලම වැඬේ පටන්ගමු?
ඇත්තටම පසුගිය දවස්වල රටේ තිබුණ තත්ත්වයත් එක්ක නැවතිලා තිබුණ ප්‍රසංග නැවත ටික ටික ආරම්භ වෙලා තියෙනවා. මට ලැබෙන කාල වේලාවත් එක්ක තෝරාගත් ප්‍රසංගවලට විතරක් සහභාගි වෙන්න මම තීරණය කරල තියෙනව. ඔය වගේ වැඩත් එක්ක තමයි මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ.
ඉඳුනිල් අන්දරමාන්න ගායකයෙක් වෙන්නෙ කොහොමද?
ඇත්තම කිව්වොත් අපේ පවුල සංගීතයත් එක්ක කිසිම සම්බන්ධයක් තිබුණ පවුලක් නෙමෙයි. ඒ වුණත් මට සංගීතයට තිබුණ කැමැත්තත් එක්ක ලොකු කට්ටක් කාල මාතර සුපර් ඒන්ජල් කියන බෑන්ඞ් එකේ ඩ්‍රම්ස් වාදකයෙක් විදිහට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනව. ඊට පස්සෙ මාතර ක්ලැසිකල්, ලයිලැක් කියන බෑන්ඞ්වලට සම්බන්ධ වෙලා වැඩ කරනව.
‘පර්පල් රේන්ජ්’ ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත්?
ඇත්තටම ඔව්. පර්පල් රේන්ජ් හරහා තමයි මගේ නම මුළු රටම හඳුනගන්නෙ. ඇත්තටම ගායකයෙක් වෙන හීනයක් හැමෝටම තියෙනව. නමුත් රටම ආදරය කරන චරිතයක් වෙන්න හැම ගායකයෙක්ටම බැහැ. එවැනි බොහෝ දෙනෙක්ගෙ ආදරය ලැබෙන චරිතයක් වෙන්න මට පුළුවන් වුණේ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම හරහා. අනෙක් පැත්තෙන් මමත්, චාමර වීරසිංහ වගේ ගායකයන් ඉන්න එක බෑන්ඞ් එකටත් ලොකු ශක්තියක් වුණා.
ඉතින් පර්පල් රේන්ජ්වලට ලොකු ශක්තියක් වෙද්දි චාමර – ඉඳුනිල් අතර හැලහැප්පීම් එහෙම ඇතිවුණේ නැද්ද?
ඇත්තටම මමයි චාමරයි පර්පල් රේන්ජ් බෑන්ඞ් එකට එකතු වෙන්නෙ එකම කාලෙක. ඒ ඔස්සේ අපි දෙන්නම ගායකයන් වශයෙන් වෙනස්ම පැති දෙකකින් ඉස්සරහට යනව. නමුත් අපි අතර කවදාවත් ප්‍රශ්න ඇතිවෙලා නෑ. ඉදිරියටත් අපි අතර කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නෑ.
ඔබ ජනප්‍රියම තලයක ඉන්නකොට පර්පල් රේන්ජ් බෑන්ඞ් එකෙන් ඔබව අයින් කරනව?
ඔව්. 2007දි තමයි ඒ සිදුවීම වෙන්නෙ. ඒක ඇත්තටම මගේ තිබුණ අඩුපාඩුවක් නිසා තමයි ඔවුන් බෑන්ඞ් එකෙන් මාව අයින් කරන්නෙ. මම ඒකට කාටවත් චෝදනා කරන්නෙ නෑ. ඔවුන් ඒ වෙලාවෙ ගත්ත තීරණය සාධාරණයි කියලයි මම හිතන්නෙ.
පර්පල් රේන්ජ් බෑන්ඞ් එකෙන් අයින් කළාට පස්සෙ වෙනත් බෑන්ඞ්වලින් කතා කළේ නැද්ද?
ඇත්තටම ඒ වෙලාවෙ මට කිසිම බෑන්ඞ් එකකින් කතා කළේ නෑ. මං හිතන්නෙ මාව බෑන්ඞ් එකෙන් අයින් කරන්න හේතුවත් ඒ වෙනකොට හැමෝම දැනගෙන හිටිය. ඒ හින්ද වෙන්න ඇති මට කිසිම බෑන්ඞ් එකකින් කතා කළේ නැත්තෙ. මම හිතන්නෙ ඒ කාලෙ මගේ ජීවිතේ අවාසනාවන්තම කාලෙ. ඒක මම මගේ වැරැද්දෙන් කරගත් දෙයක්. ඒ කාලෙ මගේ ජීවිතේ බොහොම දුෂ්කරම කාලයක්.
ඔබව අයින් කරපු බෑන්ඞ් එකම නැවැත ඔබට කතා කරනවා?
ඔව්. 2014 බෑන්ඞ් එකෙන් මට කතා කරනව නැවත ඔවුන් එක්ක එකතු වෙන්න කියල. ඊට පස්සෙ නැවත මම සුපුරුදු විදිහට බෑන්ඞ් නියාමක ගායකයෙක් විදිහට වැඩ කරල 2017 අවුරුද්දෙ මම බෑන්ඞ් එකෙන් අයින් වෙනව. ඒක තනිකරම මගේ උවමනාව මම හිතල ගත්ත තීරණයක්.
ඔය වෙලාවෙ හිතුණෙ නැද්ද තමන්ගෙම බෑන්ඞ් එකක් පටන් ගන්න ඕනෙ කියල?
නෑ. දැන් මට හිතෙනව මම බෑන්ඞ් එක්ක වැඩ කළා ඇති කියල. මොකද ඇත්තම කිව්වොත් බෑන්ඞ් එක්ක වැඩ කරනව කියන්නෙ මේ වෙලාවෙ මට හරිම නීරස දෙයක්. මම බෑන්ඞ් වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරපු කෙනෙක්. ඒ කැප කිරීම් කරල මම මගේ හීනෙට ඇවිත් ඉන්නව. ඉතින් තවත් මට බෑන්ඞ් එකකට කොටුවෙන්න කිසිම හේතුවක් නෑ.
ඇයි බෑන්ඞ් ගැන ඔය තරම් කලකිරීමක්?
ඇත්තටම බෑන්ඞ් එකක් එක්ක වැඩ කරද්දි ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඕනෙ. එහෙම කරන්න බැරි වුණාම නොයෙක් ප්‍රශ්න ඇතිවෙනව. ඉතින් එහෙම වෙනවට වඩා මට හිතෙනව තනියෙම නිදහස් ගමනක් යන එක පහසුයි කියල. අනිත් එක තමයි තනියෙම වැඩ කරද්දි කා එක්කවත් කිසිම ගැටුමක් ඇතිවෙන්නෙ නෑ. ඒක මානසිකවත් ලොකු සහනයක්.
ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?
ඇත්තටම ඉදිරියෙදි මගේ නිර්මාණ කිහිපයක් දකින්න ලැබෙයි. මම හිතන්නෙ ඒව ටේ‍රන්ඩින් වෙන සින්දු නෙවෙයි. ඒත් මිනිසුන්ට කාලයක් මතකයේ රැඳිල තියෙන හොඳින් රසවිඳින්න පුළුවන් නිර්මාණ කීපයක්ම ඒ අතර තියෙනව.
අනෙක් කාරණය තමයි මේ ක්ෂේත්‍රයේ දිගටම රැඳිල ඉන්න මගේ අදහසක් නෑ. මොකද මම තීරණයක් අරන් තියෙනව 2026 වෙද්දි සංගීතයට සමුදෙන්න. ඒක මම හොඳට හිතල ගත්ත තීරණයක්. මම හිතනව හැම දේටම වෙලාවක් තියෙනව සමුගන්න. මම හිතන්නෙ ඒක තමයි මගේ හොඳම වෙලාව. ඉතින් එතකන් මගේ හරවත් නිර්මාණත් එක්ක මම රසිකයන් අතර ඉඳියි.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

OPPO වෙතින් පහසු මිලට හොඳම දුරකථනයක් බලවත් බැටරියක් සහ විශාල තිරයක් සමගින්

Next Post

පෑන් ඒෂියා බැංකුවේ ගම්පහ ශාඛාව නව නිවහනකට

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.