මහින්ද්‍රා රථ මිලදී ගන්නා පාරිභෝගිකයන්හට පහසු ලීසිං විසඳුම් පිරිනැමීම සඳහා සෙලාන් බැංකුව, අයිඩියල් සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම මහින්ද්‍රා රථ හා යතුරුපැදි මෙරටට ගෙන්වා බෙදාහැරීමේ එකම බලයලත් නියෝජිතයා ද වන අයිඩියල් මෝටර්ස් සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය.
මෙම සබඳතාව හේතුවෙන් මෝටර් රථ, සැහැල්ලු ට්‍රක් රථ, වෙළෙඳ කටයුතු සඳහා භාවිත කරන බරවාහන සහ මගී වාහන සඳහා සෙලාන් ලීසිං හරහා විශේෂිත පොලී අනුපාත, නොමිලේ වාහන ලියාපදිංචිය, වසරක් දක්වා හෝ කිලෝ මීටර 50,000 දක්වා වගකීම, රු. 10,000 සිට රු. 50,000 දක්වා විශේෂ ගැනුම් වට්ටම්, තෝරාගත් රක්ෂණ හවුල්කරුවන්ගෙන් විශේෂ රක්ෂණ වාරික, Apollo ටයර් සඳහා 20% ක වට්ටම් සහ පූර්ව අනුමත සෙලාන් ක්‍රෙඩිට් කාඞ්පත් ඇතුළු ප්‍රතිලාභ රැසක් පාරිභෝගිකයන්හට හිමිවේ.
ඉහත ප්‍රතිලාභවලට අමතරව, පාරිභෝගිකයන්ගේ ගෙවීම් හැකියාවට ඔබින පරිදි ලීසිං සැලසුම් අවම ලියකියවිලි සමඟින් ලබාදීමට සෙලාන් කණ්ඩායම කටයුතු කරයි. ඉහළ ආදායම් හිමිවන මාසවලදී වැඩි වාරිකයක් හෝ එකවර වැඩි මුදලක් පියවීමට හෝ පාරිභෝගිකයන්ට හැකි අතර සාමාන්‍ය ආදායම් හිමිවන මාසවලදී අඩු හෝ සාමාන්‍ය වාරිකයක් ගෙවීමට ද හැකිය. සමස්ත රටම යළි සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සිටින වාතාවරණය තුළ නැවුම් ව්‍යවසායකයන් ලෙස පෙරට ඒම සඳහා උත්සාහකරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ පාරිභෝගිකයන් හට මෙම විසඳුම් විශේෂයෙන් සැලසුම්කර ඇත.











