මේ ළයාන්විත මාතෘකාව දශක පනහකටත්, ඉන් ඔබ්බටත් අපව රැගෙන යන්නක්. අතීත කාලයේ පවුලත්, ඥාතීනුත් ආසන්නයේ විසූ නිසා ගෙදර දොරේ වැඩපළ කරන්නටත්, ඉපැරණි වට්ටෝරු අනුව තමන්ටත්, දරුවන්ටත් ආහාර පිසින්නටත් උපකාර කරන්නට ඕනෑ තරම් කට්ටිය හිටියා. සම්බෝල, අච්චාරු, චට්නි හා කැවිලි ඇතුළු ව්‍යංජන ගණනාවක් දිනකට ගෙදරක පිළියෙල කරා. මිරිස්, තුනපහ වැනි කුළුබඩු ගෙදරම වියළා, කොටා ගත්තා. ගෙදර අය සවස් වන විට එකතුවී ගී ගැයුවා. පුවත්පත් ඉතා විවේකීව කියවා ගත්තා. පවුලේ අය එක්වී සාකච්ඡා කළ නිසා ආරවුල් අඩුවුණා. ගෙවත්තේ පැළ සිටුවීමත්, ඒවාට සාත්තු කිරීමත්, ඵල නෙළීමත්, දෛනික ජීවන රටාවක් වූවා. මුළු පවුලටම ඇඳුම් මසා ගත්තා. කණ්ඩායම් වශෙයෙන් එක්වී දුර ගමන් ඇවිදින්න ගියා. සතුන්ට සැලකුවේ ප්‍රජාවේ සුරතලුන් ලෙස නිසා බල්ලන්ටත්, බළලුන්ටත්, හැමෝම කන්න දුන්නා.
ආහාර අනුභව කළේ කෑම තුන් වේලක් ලෙස දීසියකට බෙදාගෙන; පැකට්වලින් හෝ ටින්වලින් නොවෙයි. වඩාත්ම වැදගත් වන්නේ චෝකලට් හා බිස්කට් හැරුණු විට කර්මාන්තශාලාවල සැකසූ ආහාර තිබුණේ ඉතා අල්ප වශයෙන්.
වංගෙඩියේ දමා මෝල්ගහෙන් කොටා පිටි සෑදීම වැනි කෑම සැකසීම ගෙදරදීම සිදු කළ නිසා ආහාරවල තන්තු හා නිවුඞ්ඩ යම් ප්‍රමාණයක් ඉතුරු වුණා. ඉන් යම් ව්‍යායාමයක් ද ලැබුණා. මිරිස්, තුනපහ ගලේ අඹරා ගත්තා. ඒ ආකාරයට කුළුබඩු සැම විටම නැවුම්ව සාදාගත් නිසා ආහාරවල යම් සුවඳකුත් තිබුණා.
අපේ මුතුන්මිත්තන්ගෙන් උරුමවූ ජානවලට සරිලන සාම්ප්‍රදායික පෝෂිත ආහාර වෙත නැවතත් යාමට ආහාර නිර්දේශ තුළින් අපට අවස්ථාවක් තිබෙනවා. ඒ නිර්දේශවල අඩංගු පණිවුඩ අතර ආහාරවල විවිධත්වයක් තිබීමේ අවශ්‍යතාව; විශේෂයෙන් පලතුරු හා එළවලුළු වර්ග අනුභව කිරීමේ වැදගත්කම අවධානයට ලක් කරනවා. විවිධ ආකාරයෙන් පිළියෙල කරගත් ජනප්‍රිය පලතුරු හා එළවළු වර්ග මෙන්ම, දිවුල්, ලාවුළු, විවිධ ලබු වර්ග සහ විවිධ පලා වර්ග මේ අතර වනවා. ‘අනාගතයේ සිත් ගන්නා ආහාර‘ යනුවෙන් දැන් හැඳින්වෙන, දිවුල්, කොස්, පතෝල, මුරුංගා, බතල, කව්පී සහ කඩල හා සෝයා වැනි ධාන්‍ය තුළින් කුසගින්න හා මන්දපෝෂණය මැඩලීමට විශේෂ ශක්තියක් ගෙන දෙනවා.