• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

July 25, 2026
in Heart
Reading Time: 3 mins read
A A
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… !

රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින් එංගලන්තය දක්වා පාර කපාගෙන ඉවරයි. කෙටි කාලයක් ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියත් ඇය ‘බිඳුණු අහිංසකත්වය’ අරන් ආයෙත් ඇවිත්. මේ හර්ෂිගේ රංගන දිවියේ අලු‍ත්ම පිටුවයි.

හර්ෂි ගැන මුලින්ම සඳහන් කළොත්?
මම හර්ෂි වික්‍රමසිංහ. මගේ ගම් පළාත රත්නපුර ගොඩකවෙල. මම අධ්‍යාපනය හැදෑරුවේ ගොඩකවෙල රාහුල ජාතික පාසලෙන්.
එතකොට හර්ෂි කලාවට යොමුවෙන්නේ කොහොමද?
මම මුලින්ම හිතුවා කලාවට යොමුවෙන්න කලින් ඒ සම්බන්ධව පිළිගත් ආයතනයක හැදෑරීමක් කරන්න. ඒ අනුව මම ටවර්හෝල් පදනමේ අවුරුදු දෙකක පාඨමාලාවක් හැදෑරුවා. එහි නාට්‍ය හා රංග කලාව හැදෑරීමෙන් පසු මම මුලින්ම වේදිකා නාට්‍ය රංගනයට එකතු වුණා. ඊට අමතරව රංග වස්ත්‍රාභරණ පැත්තෙනුත් මම සම්බන්ධ වුණා.
හර්ෂිගේ මුල්ම වේදිකා ගමන මතක් කළොත්?
දමයන්ති ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘අපේ ඇත්තෝ’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑමට අවස්ථාව ලැබුණා. මම එහි රඟපෑවේ මීමැසි රැජිනගේ චරිතය. ‘බෝංචි ගෙදර’ වේදිකා නාට්‍යයේ ඩැනීගේ චරිතයත් මම රඟපෑවා. චාමික හත්ලාවත්තගේ ‘හරි අපූරු දවසක්’ වේදිකා නාට්‍යයෙත් මම රඟපෑවා.
‘හරි අපූරු දවසක්’ ඔබට විශේෂ දවසක් වුණා කියලා මම සඳහන් කළොත්?
මගේ රංගන ජීවිතයේ සුවිශේෂතම දවස තමයි ‘හරි අපූරු දවසක්’ වේදිකා නාට්‍යය. ඒ වෙනුවෙන් විදේශගත වීමට පවා මට අවස්ථාව ලැබුණා. රාජ්‍ය නාට්‍ය උළෙලේදී ‘හරි අපූරු දවසක්’ නාට්‍යයට සම්මාන රැසක් හිමිවුණා. පසුකාලීනව තමයි අපේ කණ්ඩායම ඊජිප්තුවට ගියේ. ඒ ගියෙත් සම්මාන උළෙලකට. ඒ තරගය වෙනුවෙන් ඉදිරිපත් කරපු රටවල් ගණනාවක නාට්‍ය අපිට දැකබලා ගන්න පුළුවන් වුණා. ඒ නාට්‍යවල භාෂාව අපිට තේරුම් ගන්න බැරි වුණත් නාට්‍ය බලාගෙන යනකොට ඒවායේ අදහස තේරුම් ගන්න පුළුවන් වුණා.

තවම ටෙලිනාට්‍ය රංගනයට අවස්ථාවක් ලැබුණේ නැද්ද?
තවම පුංචි තිරයට ආරාධනාවක් ආවේ නැහැ. හැබැයි මට ‘මචං’ චිත්‍රපටයේ සහාය කලා ශිල්පිනියක් විදියට වැඩකරන්න අවස්ථාව ලැබුණා. තිරයෙන් පිටුපස ඉඳගෙන මම ගොඩක් දේවල් ඒ සම්බන්ධව ඉගෙන ගත්තා. ඒ අවස්ථාව ලැබුණෙත් දමයන්ති ෆොන්සේකා හරහා. රංගනය පැත්තෙන් මට ගොඩක් දේවල් මගහැරුණා.
එහෙම වීමට හේතුව කියන්න පුළුවන්ද?
මම අවුරුදු පහක් විතර ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියා. ඒක තමයි ප්‍රධානම හේතුව. පසුකාලීනව මම රත්නපුර ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස කටයුතු කළා. ඒ ඉන්න ගමන් මම පිටපත් කිහිපයක් රචනා කළා දවසක මගේම කියලා නිර්මාණයක් කරනවා කියන අදහසින්.
‘බිඳුණු අහිංසකත්වය’ නිර්මාණය ගැන කතා කරමු?
මගේ කුලුඳුල් කෙටි චිත්‍රපටය තමයි මේක. මෙය පාදක වෙන්නේ සත්‍ය කතාවක් ඇසුරෙන්. අනුරංග වික්‍රමසිංහ මගේ දක්ෂතාව හඳුනාගෙන අපි එකතු වෙලා නිර්මාණයක් කරමු කියලා කතාබහ කළා. ඔහුගේ මගපෙන්වීම යටතේ තමයි මේ නිර්මාණය බිහිවුණේ. මම ඊට රංගනයෙන් දායක වෙනවා. අනුරංග වික්‍රමසිංහ, හේමන්ත කෝරාළගේ ප්‍රධාන චරිත රඟපානවා. හිතුව තරම් ලේසි වුණේ නැහැ. හැබැයි මගේ පිටුපස ඉඳගෙන මාව ගොඩ දෙනෙක් දිරිමත් කළා. දමයන්ති ෆොන්සේකා පවා මට කිව්වේ හරියන්න හරි වරදින්න හරි කරපන් කියලා.
කොයි කාලවකවානුවේද මේ නිර්මාණය දැකබලා ගන්න පුළුවන්?
මගේ යාළුවෙක් කතා කරලා කිව්වා එංගලන්තේ ෆිල්ම් ෆෙස්ටිවල් එකකට දාන්න හර්ෂි නිර්මාණයක් තියෙනවා නම් එවන්න කියලා. ඒ අදහසට තමයි මම මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කළේ. පුවත්පත් කලාවේදීන්ගේ මණ්ඩලයේ ජූලි 30 දින සවස 4.00ට මෙය ප්‍රදර්ශනය කරනවා. මම රංගන පාසලක් කරගෙන යනවා කුරු දරුවන්ට. ඔවුන්ගේ නිර්මාණ කිහිපයකුත් එදාට පෙන්වනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

Next Post

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

MORE NEWS

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.