පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නියෝජනය නොකරන විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ ලබන බ්‍රහස්පතින්දා (23) දිනයේ විපක්ෂ නායක කාර්යාලයට කැඳවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට තිබේ.Sri Lanka Latest News
අගවිනිසුරුවරයාගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව දරන උත්සාහයට එරෙහිව දැවැන්ත සටනක් ආරම්භ කිරීම සඳහා මෙසේ විපක්ෂ නායකවරයා විසින් විපක්ෂයේ සියලු පක්ෂ කොළඹට කැඳවීමට පියවර ගෙන ඇති බව පැවසේ.
ඒ අනුව පසුගිය සතියේදී විපක්ෂ නායකවරයා විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් වෙත දුරකතන ඇමතුම් ලබාදෙමින් මෙම ආරාධනාව සිදුකිරීමට කටයුතු කොට ඇති බව දැනගන්නට තිබේ.
ඊට සියලු පක්ෂ නායකයන්ගේ යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවක්ද දැනගන්නට ඇත.
ආණ්ඩුවේ මෙම උත්සාහයට එරෙහිව දැනටමත් අධිකරණ සේවා සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නීතිඥ සංගමයද සිය විරෝධය පළකිරීමට කටයුතු කොට තිබේ.










