• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

July 18, 2026
in Heart
Reading Time: 2 mins read
A A
ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වේදිකාවේ සොඳුරු රඟමඬලෙන් ඇරඹි ඒ අපූර්ව කලා චාරිකාව, පසුකාලීනව සම්මානනීය ඇගයීම්වලින් අභිෂේක ගැන්වුණි. එතැනින් නොනැවතී, පුංචි තිරයත්, රිදී තිරයත් එකසේ තමන්ගේ රංග ප්‍රතිභාවෙන් හැඩ කරන්නට ඇයට හැකි විය. මේ දිනවල ඇය ප්‍රේක්ෂක අප හමුවට පැමිණෙන්නේ කාගේත් ආදරය දිනාගත් ‘හිමාෂි‘ ලෙසිනි. ඇය, රංගනයේ සොඳුරු ඉසව් සොයා යන දක්ෂ රංගන ශිල්පිනී නිපුණි පූජිත ගුණවර්ධනය. Sri Lanka Latest News

මේ දිනවල ඔබව ගොඩ දෙනෙක් දැනහඳුනා ගන්නේ හිමාෂි ටීචර් ලෙස. ඒ ගැන අපි මුලින්ම කතා කරමු?
හිමාෂි ටීචර්ගේ චරිතය මම කාලෙකින් රඟපාපු තවත් ආදරණීය චරිතයක්. ‘ගේට්ටුවා’ ටෙලිනාට්‍යය නරඹන ගොඩ දෙනෙක් මාව ඒ හරහා හඳුනනවා.
මේ දිනවල හිමාෂිගේ චරිතයට විතරද ඔබ රංගනයෙන් දායක වෙන්නේ?
පසුගිය දවස්වල චිත්‍රපටයකට සම්බන්ධ වෙලා ඒ කටයුතු අවසන් කළා. ළඟදීම අලුත් ටෙලිනාට්‍යයකින් ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඊට අමතරව ‘අහිංසක පුංචි ඝාතනය’ වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කරගෙන යනවා. තව මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය කිහිපයක් විකාශය වෙන්න තියෙනවා. දැන්ම කියන්න අමාරුයි ඒ නිර්මාණ කොයි වගේ කාලයක විකාශය වේවිද කියලා. දැනට ‘ගේට්ටුවා’ ටෙලිනාට්‍යයේ හිමාෂි චරිතය විතරයි.
මේ ලැබුණු ගුරු පත්වීම ගැන කතා කළොත්?
ලසිත කාරියවසම් සහ ටෙලිනාට්‍යයේ නිෂ්පාදක මලිත් කුලතිලක හරහා තමයි මට මේ අලුත් ගුරු පත්වීමට ආරාධනා ලැබුණේ. සාමාන්‍යයෙන් ගුරුවරුන්ට මුල්ම පත්වීම ලැබෙන්නේ දුෂ්කර ප්‍රදේශයක. ගොඩක් ගුරුවරු කැමැති නැහැ දුෂ්කර පත්වීම්වලට යන්න. හැබැයි හිමාෂි මිස් ඊට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. හිමාෂි එහෙම හිතන කෙනෙක් නෙවෙයි. ඇයට පත්වීම ලැබෙන්නේ දුෂ්කර පළාතක පාසලකට. අඩු පහසුකම් යටතේ දරුවන් සුළු පිරිසකට උගන්වන්න. ගොඩක් ආශාවෙන් තමයි හිමාෂි මිස් පාසලේ වැඩ කරන්නේ. ඒ වගේ චරිතයක් මට රඟපාන්න ලැබීම ගැන සතුටුයි. ඒ වගේ හිතන ගුරුවරු අදටත් ඉන්නවා. ඒ සියලු දෙනා වෙනුවෙන් මට මේ චරිතය ප්‍රේක්ෂකයන් අතරට අරන් යන්න ලැබීමත් එක පැත්තකින් වාසනාවක්.
ඒ ගෙවන දුෂ්කර ජීවිතය තුළ හමුවුණු සැඟවුණු ආදරය සැබෑ වෙයිද?
මම හිතන්නේ ඒ ආදරය බොහෝ දුරට සැබෑ වේවි. මම ආදරය කරන දුල්ෂාන්ටත් දැන් ටික ටික හිමාෂි මිස්ගේ ආදරය තේරෙනවා. ඒ ආදරය මොන විදියට විසඳෙයිද කියලා ඉදිරියේදී ‘ගේට්ටුවා’ ටෙලිනාට්‍යය හරහා දැකගන්න පුළුවන්. ආදරයේදී තියෙන තවත් දෙයක් තමයි ඊර්ෂ්‍යාව. හිමාෂි මිස් දන්නේ නැහැ රන්මලීගේ ජීවිත කතාව පැත්ත. ගමේ අය කියන දේවල් එක්ක පොඩි සැකයක් තියෙන නිසා පොඩි පොඩි මත ගැටුම් දුල්ෂාන් එක්ක ඇතිවෙන්නේ ඒ නිසා තමයි.
නිපුණි දැන් ආදරවන්තියක්ද එතකොට?
තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි. ප්‍රේම සම්බන්ධයක් ගැන මම තවම හිතලා නැහැ. බලාපොරොත්තු වෙනවා ආදරය කරන්න. ආදර ඇරයුම් නම් ලැබෙනවා. බලමු අපි ඉදිරියේදී අවංක ආදරයක්. මාව තේරුම් ගත්ත කෙනෙක් ලැබුණොත්.
මේ වනවිට ඔබේ සිනමා දායකත්වය ගැන කතා කළොත්?
මම චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වුණා. චින්තන ධර්මදාසගේ ‘අභිසාරි’ චිත්‍රපටය ළඟදීම තිරගත වෙයි. දිල්ෂාන් පතිරත්නගේ ‘යකාරේ වන්’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට පසුගිය දවස්වල සම්බන්ධ වුණා. රංගන ශිල්පියෙක්ගේ හෝ ශිල්පිනියකගේ තියෙන සිහිනයක් තමයි සිනමාව කියන්නේ. මගෙත් ඒ වගේ සිහිනයක් තියෙනවා. මම ගොඩක් කැමැති සිනමාව පැත්තෙන් වැඩ කරන්න.
‘මිස් වර්ල්ඩ්’ තරගය හරහා නේද ඔබේ ගමන පටන් ගන්නේ?
මම මුලින්ම වෙළෙඳ දැන්වීම් හරහා තමයි ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. 2018 මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ‘සියත’ තරගයට ඉදිරිපත් වුණා. එහි අවසන් 11 දෙනා අතරට මම තරග කළා. පොඩි කාලේ ඉඳලා තිබුණු හීනයක් තමයි පැජන්ට් එකකට සම්බන්ධ වෙන එක. ඉතින් මට ඒ හරහා ගොඩක් අත්දැකීම් ලබාගන්න පුළුවන් වුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ පසුකාලීනව උපාධියක් හැදෑරුවා. මට ලොකු වුවමනාවක් තිබුණා මේ විෂය ගැන හදාරන්න. මේ ක්ෂේත්‍රයේ තිරයෙන් පිටුපස ලොකු පිරිසක් ඉන්නවා විවිධ වෘත්තීන්වලට බැඳිලා වැඩ කරන අය. ඇයි මේ එකින් එකට ශිල්පීන් ඉන්නේ? ඔවුන්ගේ රාජකාරිය මොකක්ද? ඇයි මෙහෙම වෙන්නේ? මට අවශ්‍ය වුණා ඒ හැම දෙයක් ගැනම ඉගෙනගන්න. මම පාසල් කාලයේ වේදිකාව හුරුව සිටියා. මම පාසල් කාලයේ නැටුම් තමයි කළේ. රංගනය පැත්තට යොමු වුණා. වේදිකා රංගනයට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ.
ඒ සම්බන්ධ වීම සම්මාන දක්වා ලොකු දුර ගමනක් ආවා?
‘ප්‍රේමයේ නගරය’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් මට කුසලතා සම්මානයක් ලැබුණා 2019 රාජ්‍ය නාට්‍ය උළෙලේදී. ‘බයිලා ගහන දවසක්’ කෙටි නාට්‍යය යෞවන සම්මාන උළෙලේ හොඳම සහාය නිළියට හිමි කුසලතා සම්මානයත්, 2025 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියට මම නිර්දේශ වුණා ‘බයිලා ගහන දවසක්’ කෙටි නාට්‍යය වෙනුවෙන්.
නිපුණි ෆීල්ඩ් එක ගැන පැහැදීමකින්ද වැඩ කරන්නේ?
කලකිරුණු අවස්ථාත් නැතුවාම නෙවෙයි. අපි කොයි ක්ෂේත්‍රයක කොහොම හිටියත් අපි මිනිස්සු සමග ගනුදෙනු කරනවා. අපිට 100%ක් පුරිපූර්ණ අය හමුවෙන්නේ නැහැ. මම වුණත් එහෙම නැහැ. යම් යම් තැන්වලදි ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ගැන ලොකුවට හිතන්නේ නැතුව සාමාන්‍ය විදියට අපේ ගමන ගියා නම් හරි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

Next Post

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

MORE NEWS

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News
Heart

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…!  ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News
Heart

ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…! ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News

Load More
අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News
Exclusive

අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ඉතිහාස පිටු අතර හමුවන දුක්ඛිතම සහ අඳුරුතම පරිච්ඡේදය ලියැවෙන්නේ ක්‍රිස්තුවර්ෂ 1215දීයි. ඒ, කාලිංග මාඝගේ දරුණු ආක්‍රමණයත් සමග මුළු...

Read more
ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.