මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ (MOTA Colombo Branch) 37 වන වාර්ෂික මහා සභා රැස්වීම 2026 ජූලි 25 වන සෙනසුරාදා කොළඹ 05, පාර්ක් පාරේ පිහිටි COLTS Cricket Club පරිශ්‍රයේදී පැවැත්වේ.
කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිව විවිධ වෘත්තීන් සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි නිරත වන මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍යයන් එකම වේදිකාවකට එක් කරමින් ඔවුන් අතර මිත්‍රත්වය, සහෝදරත්වය හා ජාලගත සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංගමයේ ප්‍රධාන අරමුණකි. කාර්යබහුල වෘත්තීය ජීවිතය මධ්‍යයේ වුවද ආදී ශිෂ්‍යයන් තම මව් විදුහල සමඟ ඇති බැඳීම අඛණ්ඩව පවත්වාගෙන යමින් විදුහලේ අභිවෘද්ධියට දායක වීමට මෙම සංගමය වසර ගණනාවක් පුරා කැපවී කටයුතු කරයි.
සංගමය ආරම්භ වී වසර 39ක් සම්පූර්ණ වුවද, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 සහ 2021 වසරවල වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්වීමට නොහැකි වූ බැවින්, මෙවර රැස්වීම 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ලෙස පැවැත්වේ.
පසුගිය වසර 39 තුළ සභාපතිවරුන් 16 දෙනෙකුගේ නායකත්වය යටතේ, ලේකම්වරුන්, භාණ්ඩාගාරිකයන්, විධායක කමිටු සාමාජිකයන් සහ සාමාජිකත්වයේ කැපවූ සහයෝගය මත මෙම සංගමය කොළඹ “රන් සහ ද්විත්ව නිල්” අභිමානය ඉහළින් ඔසවා තැබීමට සමත්ව තිබේ. එමෙන්ම මාතලේ ශාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනික, ක්‍රීඩා, සංස්කෘතික, සමාජීය හා සුබසාධන කටයුතු සඳහා අඛණ්ඩ දායකත්වයක් ලබාදෙන ප්‍රමුඛතම ආදී ශිෂ්‍ය සංවිධානයක් ලෙසද මෙම සංගමය කටයුතු කරයි.
ආදී ශිෂ්‍යයන් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා තෝමියන්ස් නයිට්, තෝමියන්ස් පැදුර, තෝමියන්ස් අවුරුදු උළෙල, තෝමියන්ස් කැරෝකී, සහ මාතලේ රජයේ විද්‍යා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය සමඟ පැවැත්වෙන වාර්ෂික සුහද ක්‍රිකට් තරගය ඇතුළු වැඩසටහන් රැසක් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
මෙම වාර්ෂික මහා සභා රැස්වීමට කොළඹ සහ අවට ප්‍රදේශවල වෙසෙන සියලුම මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍යයන්ට සහභාගි වන ලෙස විධායක කමිටුව ආරාධනා කරයි.
වැඩි විස්තර සඳහා:
- නෙරංජන් – 077 244 0111
- මුදිත් – 071 862 7588
- ප්‍රසාද් – 077 758 3062
- විශ්‍රාමික මේජර් ජෙනරාල් ශානක – 077 756 9999
- සජිත් – 077 742 9595
- සුමිත් – 077 710 1254











