කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගියාය.Sri Lanka Latest News
මෙම සංචාරයේදී අභාවප්‍රාප්ත හිටපු එමීර්වරයාගේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම සමස්ත කටාර් රාජ්‍යයට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ශෝකය නිල වශයෙන් පළ කිරීමට අග්‍රාමාත්‍යවරිය නියමිතය.
එමෙන්ම මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය අභාවප්‍රාප්ත එමීර්වරයාගේ පවුලේ සාමාජිකයන් මෙන්ම කටාර් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවීමට ද නියමිතය.
එමෙන්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා එම ගුවන් යානයෙන්ම දෝහා බලා පිටත්ව ගොස් තිබේ.
ඔවුන් සියලු දෙනාම ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL-217 දරන ගුවන් යානයෙන් අද රාත්‍රී 6.50ට කටුනායක සිට දෝහා බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.










