විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පැවැත්වූ විවෘත සංවාදයේදී ඉදිරිපත් වූ අදහස් සමහර මාධ්‍ය විසින් අතිශයින් විකෘති කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමන් මහත් පුදුමයට සහ කලකිරීමට පත්ව සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ප්‍රකාශ කරයි.Sri Lanka Latest News
නීතිඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනයක ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සේවය කරන විනිසුරුවරුන් ඇතුළු පිරිසකගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජිත සංශෝධනයට එරෙහිව මෙම සංවාදයේදී ප්‍රමුඛ පෙළේ නීති විශාරදයන් සහ විද්වතුන් සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කළ බවයි.
එවැනි ජාතික වැදගත්කමක් ඇති කාරණයකදී මාධ්‍ය සතු වගකීම වන්නේ පක්ෂග්‍රාහී නොවී අදහස් ඉදිරිපත් කිරීම මිස, කතාවල කොටස් පමණක් උපුටා දක්වමින් ඒවායේ සමස්ත සන්දර්භයම නොසැලකිලිමත් ලෙස විකෘති කිරීම නොවන බව අමරසූරිය මහතා අවධාරණය කරයි.
මෙම සාකච්ඡාව සඳහා ස්ටීවන් තිරු, යාප් ටියොන්ග් ලියැන්ග්, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, ආචාර්ය රොහාන් එදිරිසිංහ, මහාචාර්ය දීපිකා උඩගම, එම්. ඒ. සුමන්තිරන්, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැදගොඩ, ජෙෆ්රි අලගරත්නම් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කේ. ඩබ්ලිව්. ජනරංජන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.









