රටට බත සපයන ගොවියන්ට අපහාසාත්මක ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීමට විරෝධය පළකරමින් ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනකුට එරෙහිව දැවැන්ත අරගලයක් ආරම්භ කිරීමට රට පුරා පිහිටි ගොවි සංවිධාන නියෝජිතයන් තීරණය කර ඇත. Sri Lanka Latest News
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට එරෙහිව මෙසේ රට පුරා විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීමට ගොවි සංවිධාන තීරණය කර තිබේ.
මෙහිදී පළමුව ගොවීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කර සිටියේ මඩ සෝදාගත් කල ගොවියන් රජකමට සුදුසු බවට ඇති සඳහන් පැරැණි එකක් බවත්, එය වර්තමානයට නොගැළපෙන බවත්ය.
රටේ ජනතාව කන්නේ බොන්නේ ගොවීන් නිසා වන බවට වූ මතය වැරැදි බව කී අමාත්‍යවරයා ගොවීන්ද එය දැනගත යුතු බවත්, ගොවියන් රජවරුන් යැයි කීවේ ඉස්සර බවත් අවධාරණය කර සිටියේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මඩ සෝදාගත් කල ගොවියන් රජකමට සුදුසු යැයි කියා තිබුණේ උඩුනුවර සහ යටිනුවර ගොවීන් සම්බන්ධයෙන් යැයි කියාය.
ඒ අනුව පසුගිය සිකුරාදා වනවිට ඇමැතිවරුන්ගේ මෙම ප්‍රකාශවලට එරෙහිව රට පුරා ගොවි සංවිධාන උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි.










