• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

සැනසිල්ලේ නතර වෙන්න Mount Feild

August 31, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
සැනසිල්ලේ නතර වෙන්න Mount Feild
Share on WhatsAppShare on Facebook

හිතේ ගතේ කාන්සිය නිවාගන්න නිවාඩුවක් ගතකරන්න හුඟක් අය තෝරාගන්නේ නුවරඑළිය. එහෙමත් නැතිනම් බණ්ඩාරවෙල. කොළඹ රත්වෙලා ගෙවන ජීවතය පොඞ්ඩක් සැහැල්ලු කරගෙන කූල්වෙන්න යන මේ ගමනෙ වැඩිම ආශ්වාදයක් ගන්න පුළුවන් කෝච්චියෙන් ගියොත් කියලත් මතයක් තියෙනවා. හැබැයි ඒ කතාව බොරුවක් කියලා බළන්ගොඩ බෙලිහුල්ඔය හරහා බණ්ඩාරවෙල ගිය කෙනෙක් නම් කියයි. මොකද මේ පාර කොච්චර සුන්දරද කියල ඒ අය දන්නවා.

අපි මේ පාර නිවාඩුව ගතකරන්න යන්නෙ ඒ පාරෙන්. හැබැයි බණ්ඩාරවෙල නම් නෙවෙයි. කොළඹ ඉඳලා බණ්ඩාරවෙලට යනව කියන්නේ ටිකක් වෙහෙසකර ගමනක්. ඉතින් අපි හිතුවා ඒ වෙහෙස ටිකක් නිවාගෙන කූල්වෙලා යන්න පුළුවන් තැනක් ගැන ඔබට කිව්වොත් හොඳයි කියලා. මේ නවානැන තියෙන්නෙ බෙලිහුල්ඔය. බෙලිහුල්ඔය කියන්නේ ලංකාවෙ තියෙන ලස්සනම පැත්තක් කියලා කවුරුත් දන්නවා.



ඔබ මේ පාරෙන් බණ්ඩාරවෙල, නුවරඑළියෙ ගිය කෙනෙක් නම් මතක් කරල බලන්න ඔබේ හිත නතරවුණු තැනක් මේ පාරේ තියනවා. ඒ තැන ටිකක් බලකොටුවක් වගේ. එක්දහස් අටසිය ගණන්වල සුදු ජාතිකයෙන් නිර්මාණය කරපු මේ නවානැන හඳුන්වන්නේ ඵදමබඑ ත්‍සැකා නමින්. මේ නිර්මාණය සුදු ජාතිකයෙක්ගෙ වුණාට වර්තමානයේ මෙහි හිමිකාරීත්වය දරන්නේ ඉමල්කා ගෲප් සමාගම.

කාමර 24කින් සමන්විත මේ නවාතැනට ඔබ එනවා නම් කලින් දැනුම්දීමක් කරලා ඔබට අවශ්‍ය වීව් එකක් සහිත කාමරයක් තෝරාගන්නවා නම් වඩාත් හොඳයි. ඊට අමතරව ඔබ වැඩකරන තැන සංවිධාන කරන දවසේ චාරිකාවකට වුණත් මේ නවාතැන විවෘතයි. ඔබ දුර පළාතක මංගල දිනය සැමරීමට බලාපොරොත්තු වෙනවා නම් ඒකටත් ඔබට මේ නවාතැනේ ඉඩ සැලසිලා තියෙනවා.

කෑම බීම ගැන කතාකරන කොට මෙහි වගාකරන එළවළු, පලතුරුවලින්ම ඒ ආහාර සකස් කරන බව තමයි කළමනාකාරතුමා අපි එක්ක කිව්වේ. ඒ බව අපටත් දැකගන්න ලැබුණා. කාර්යමණ්ඩලයත් ඉතාම සුහදයි. ඉතින් වැඩි කතා මොකටද? මේ දේවල්වල ඇත්ත නැත්ත දවසක් ඔබ ඇවිත්ම බලන්න.
නිශ්ශංක මුවර්

SendShareShare
Previous Post

එජාප සභාපතිට ශ්‍රීලනිප නායකයගෙ පිහිටයි

Next Post

රනිල්-සජිත් රහස් හමුවෙන් සජිත් පිල තිගැස්මෙන්

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.