අප රටෙන් ගෙවන්න තිබූ ඩොලර් ලක්ෂ 25ක වාරිකයක් පසුගිය දිනවල අතුරුදන් වී වංචනික ලෙස රටට අහිමි වූ බවත් මෙහි බර රටේ බදු ගෙවන්නන්ට දරන්න සිදුවන නමුත් මේ ගැන තවමත් හරිහමන් තොරතුරක් නොමැති බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ යුතුකම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
රජය මූල්‍ය අපරාධ ක්‍රියාත්මක කරනවා සේම මූල්‍ය ආයතන පද්ධතිය තුළ මූල්‍ය වංචා හා අක්‍රමිකතා සිදුවීම නිසා අහිංසක තැන්පත්කරුවන් බරපතළ වින්දිතයන් බවට පත්ව ඇති බවත් උදාහරණයක් ලෙස මහබැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් වන සෙන්ට්‍රල් ඉන්වෙස්ට්ම්න්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ බලපත්‍රය අහෝසි කරන වෙලාවේ තැන්පත්කරුවන් 4200කට ආසන්න ප්‍රමාණයකට අසාධාරණයක් වූ බවත් ආයතනය බංකොලොත් වූ පසු අදියර දෙකකින් ලක්ෂ 5 හා 6 බැගින් යම් මුදල් ප්‍රමාණයක් ගෙව්වත් ඈවර කිරීමේ දී තැන්පතුකරුවන්ට ඉතාම ඛේදනීය ඉරණමක් අත්ව ඇති බවත් පළමුව ඈවරකරුගේ වියදම්, දෙවැනුව මහබැංකුවට අයවිය යුතු මුදල්, තෙවනුව ආයතනයේ සෙසු අයගේ බැදීම් සහ ඉන් පසුව තැන්පත්කරුවන්ට අවස්ථාව ලබා දී ඇති බවත් දැන්වත් මේ තැන්පත්කරුවන්ට මුල්තැන ලබා දෙන නව චක්‍රලේඛයක් දියත් කරන ලෙසත් එය කළ නොහැකි නම් තැන්පතු හා පොලි ආදායමට විශේෂ සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
CIFL ආයතනය සේම මේ වන විට නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන් 1000කට වැඩි ප්‍රමාණයක් ද මෙවැනිම අසරණභාවයට ලක්ව ඇති බවත් සිංහපුත්‍ර ෆිනෑන්ස් සමඟ ඒකාබද්ධ වූ මේ ආයතනය 2022 දී නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනය කැන්ඩ්රිච් ෆිනෑන්ස් ආයතනය සමඟ ඒකාබද්ධ වී ඇති බවත් මේ ආයතන සියල්ලකගේම අධ්‍යයක්ෂ තනතුරු එක් කණ්ඩායමක් පමණක් දරා ඇති බවත් පොරොන්දු පත්‍ර හරහා ගිණුම් හුවමාරුවක් සිදු වුවත් මේ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් නම් ආයතනයේ අදාළ ලිපිනය තුළ එවැනි ආයතනයක් නොමැති බවත් මහබැංකුව තැන්පත් එකතු කිරීම තහනම් කර තිබියදී අලුතින් මුදල් එකතු කර ඇති බවත් දැන් මේ තැන්පතුකරුවන්ට මුදල් සහ පොලිය නොමැති බවත් දැන් අධිකරණ ක්‍රියමාර්ග පවා ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ඉඹි ගමනින් සිදුවන බවත් මෙය මූල්‍ය අපරාධයක් බවත් විවිධ බලගතු පිරිස් මෙයට සම්බන්ධ නිසා සත්‍ය අනාවරණය කිරීමටත් මේ අගතියට පත් තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටුවිය යුතු බවත් මොවුන්ට එරෙහිව නිවැරදිව නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමෙන්තුවේදී පැවසීය.










