• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගාලු කොටුවේ හිඟාකාලා නළුවෙක් වුණු පුබුදු

September 5, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ගාලු කොටුවේ හිඟාකාලා නළුවෙක් වුණු පුබුදු
Share on WhatsAppShare on Facebook

අපේ රටේ ඉන්න ජනප්‍රිය සිනමා තාරකාවන් කිහිප දෙනා අතර ඉදිරියේම ඉන්න කෙනෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. පුබුදු රංගනයෙන් දායක වුණු හැම චිත්‍රපටයක්ම වගේ ඉතාම ජනප්‍රිය වුණා. රටේ ඇති වුණු අර්බුදකාරී තත්ත්වයෙන් පස්සේ දැන් හැමදේම කෙමෙන් සාමාන්‍ය අතට හැරෙමිනුයි තියෙන්නේ. ඉතිං මේ දවස්වල කෙරෙන අලුත් කලා කටයුතු ගැන දැන ගන්න වගේම ඉස්සර රසවත් මතක කිහිපයක් අලුත් කර ගන්නත් එක්ක අපි පුබුදුට කතා කළා.
පුබුදු මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල නම් වැඩිපුර ව්‍යාපාරික කටයුතුවලට තමයි කාලය වැය කරලා තියෙන්නේ. කලා කටයුතු තවම හරියට ආරම්භ වුණේ නැහැනේ.
එතකොට ඉදිරියේදී ඔබව දැක ගන්න ලැබෙන නිර්මාණ මොනවද?
වැඩ ඉවර කෙරුව චිත්‍රපට හතක් තියෙනවා. දේවින්ද කෝංගහගේගෙ “ගිරි වැසි පුර” චිත්‍රපටය එන්න තියෙනවා. ඒක දැවැන්ත නිර්මාණයක්. ලංකාවේ වැඩිම වියදමක් දැරුව චිත්‍රපටය තමයි ගිරි වැසි පුර. රංගන ශිල්පීන් පන්සියයක් පමණ ඒ සඳහා දායක වෙලා තියෙනවා. තව ප්‍රීතිරාජ් වීරරත්න මහත්මයාගේ “එදත් දිනුම් අදත් දිනුම්” චිත්‍රපටය එන්න තියෙනවා. ඒ වගේම සුනිල් ප්‍රේමරත්න මහත්තයාගේ “නිහඬ සෙවනැලි”, අනුරුද්ධ ජයසිංහ මහත්මයාගේ “මා” සහ සී. වී. සිවදාසන් මහත්තයාගේ “දෙවැනි යුද්ධය” කියන චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඊට අමතරව උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ “ආදර හීනය” චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. හැබැයි ඒකෙ වැඩ තවම ඉවර කෙරුවේ නැහැ.
අපි අතීතයට පොඞ්ඩක් ගිහින් පුබුද කලා ලෝකයට ආව විදිය ගැන මතක් කරමුද?
ධර්මසිර් බණ්ඩාරනායක මහත්මයාගේ “ට්‍රෝජන් කාන්තාවෝ” වේදිකා නාට්‍ය හරහා තමයි මම කලාවට පිවිසුණේ. ඊට පස්සේ ආරියරත්න ඇතුගල මහත්මයාගේ “සමනල කඳවුර” ටෙලි නාට්‍ය සමඟ සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ටෙලි නාට්‍යයේ හයවැනි තරුණයා විදියට තමයි මාව මුලින් තෝරගෙන තිබුණේ. ඒත් දවස් දෙකක් රූගත කිරීම් කෙරුවට පස්සේ මට ප්‍රධාන චරිතය හිමි වුණා.
නමුත් පුබුදු චතුරංගව රටම හඳුනා ගත්තේ හිරිපොද වැස්ස චිත්‍රපටයෙන්. අපි ඒ ගැන කතා කරමු?
ඒ වෙද්දී මම උදයකාන්ත වර්ණසූරිය මහත්මයාව දැන ගෙන හිටියා. ඒත් හිරිපොද වැස්සෙත් මාව පස්වැනි තරුණයා විදියට තමයි මුලින් තේරුණේ. ඒත් ඒකෙත් දවස් දෙකක් රූගත කිරීම් කරද්දී මට ප්‍රධාන චරිතය හිමි වුණා.
වෙනත් චරිතයකට තේරිලා රූගත කිරීම් අතරතුර ප්‍රධාන චරිතය හිමි වෙන්න ලොකු විශේෂත්වයක් තියෙන්න ඕනෑ. මොනවද පුබුදු සතුව තිබුණු ඒ වගේ විශේෂතා?
මං හිතන්නේ මහ පොළොව එක්ක ගැටිලා චරිත හඳුනා ගැනීම තමයි ඒ විශේෂත්වය. මොකද රඟපාන්න කොළඹ ආවට පස්සේ විවිධ චරිත එක්ක ගැටෙමින් ඒවා හඳුනා ගන්න මම උත්සාහ කළා. උදාහරණයකට කිව්වොත් මම පාරවල්වල ඇවිද ඇවිද හිඟන්නොත් එක්කත් ජීවත් වුණා. මොකද එහෙම වුණාම තමයි ඒ චරිතවල සැබෑ තත්ත්වය හඳුනා ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක මගේ ගමනට ගොඩක් උදව් වෙන්න ඇති.
ඒ කාලෙදි මුහුණ දුන්න අමතක නොවන අත්දැකීම් එහෙමත් ඇති නේද?
අපෝ ඔව්. එක පාරක් මම හිඟන්නොත් එක්ක ඉන්නවා උදයකාන්ත වර්ණසූරිය මහත්මයා දැකලා තිබුණා. අන්න පුබුදු වගේ කෙනෙක් හිඟා කනවා දැක්කා කියලා ඔහු ගිහින් අපේ කට්ටියත් එක්කත් කියලා තිබුණා.
හිරිපොද වැස්ස චිත්‍රපටයේදී ඔබ කුලුනක් උඩට නඟින දර්ශනය බොහෝ දෙනකුගේ අවධානයට ලක් වුණා. දැන් මොකද හිතෙන්නේ ඒ ගැන?
මතක් වෙද්දී දැන් නම් ඇඟත් හිරි වැටෙනවා. නළුකමට තිබුණු ආසාවට ගැම්මට තමයි ඒක කළේ. ඇත්තටම ඒ දර්ශනය හින්දා තමයි හිරිපොද වැස්ස බලපු ගොඩක් අයට මාව මතක හිටියේ.
ආයෙත් ඒ වගේ දර්ශනයකට මුහුණ දෙන්න වුණොත් සූදානම්ද?
අපෝ ඔව්. අවශ්‍ය වුණොත් ඊටත් වඩා අමාරු දර්ශනයක වුණත් රඟපාන්න තවමත් සූදානම්.
පුබුදු මාතර උසස් පෙළ පන්ති යන කාලේ ඔබේ ගුරුවරයෙක් සිදු කළ ප්‍රකාශයක් පසුගිය කාලේ මාධ්‍ය ඔස්සේ ඉතාම ජනප්‍රිය වුණා. අපි ඒ ගැන පොඞ්ඩක් කතා කරමු.
ඔව්. මෙහෙමයි. මම උසස් පෙළ කරන කාලේ ප්‍රසිද්ධ වෙලා තිබුණේ හොඳට ඉගෙන ගන්න කෙනෙක් විදියට. ඒත් ඒ කාලෙත් මට ඕනෑ වුණේ නළුවෙක් වෙන්න. මම ගණිත අංශයෙන් උසස් පෙළ කෙරුවත් මම වැඩිපුර කළේ නාට්‍ය ලියන එක. මොකද කලාව ඇතුළේ, සාහිත්‍ය ඇතුළේ ඉතාම රසවත් ජීවිතයක් තියෙන බව මට තේරුණා. මට ඕනෑ වුණේ ඒ ජීවිතය හොයා ගෙන යන්න. මහා සාගරයක් වගේ කලා ලෝකයේ පීන ගෙන යන්න මට ඕනෑ වුණා. අන්න ඒ කාලෙ ගැන තමයි මගේ ගුරුතුමා කියලා තිබුණේ. ඒත් මම කලාවට බර වුණා කියලා නැහැ ගණිත අංශයෙන් උසස් පෙළත් ගොඩ දා ගත්තා. කලාව කරන ගමන් අධ්‍යාපනයත් හොඳින් කර ගත්ත එක ගැන අද ගොඩක් සතුටුයි. මොකද ඒ වටිනාකම අද හුඟක් දැනෙනවා.
පුබුදු ජනප්‍රිය වෙලා ඉන්නේ සිනමා නළුවෙක් විදියට වුණත් ටෙලි නාට්‍ය කිහිපයකත් ඔබ රඟපාලා තියෙනවා. ටෙලි නාට්‍යවලට වැඩියෙන් සම්බන්ධ වෙන්නේ නැත්තේ හිතාමතාමද?
ඔව්. මම කොහොමත් අවුරුද්දට ටෙලි නාට්‍ය එකකට, දෙකකට වැඩිය සම්බන්ධ වෙන්නේ නැහැ. ඊට අමතරව ලැබෙන ආරාධනා මම ප්‍රතික්ෂේප කරනවා.
නමුත් ඔබ රඟපෑව ටෙලි නාට්‍ය කිහිපයේදීත් ලොකු ඇගයීමකට ලක් වුණා?
ඔව්. මම රඟපෑව “රන් සමනළයෝ” ටෙලි නාට්‍ය වසර දෙකක් ලංකාවෙ ජනප්‍රිය ටෙලි නාට්‍ය බවට පත් වුණා. ඒ වගේම “වන් වේ” ටෙලි නාට්‍ය සඳහා මට හොඳම නළුවා සම්මානයත් හිමි වුණා. ඊට අමතරව සුද්දි, කාසි වත්ත සහ මෝදර වැල්ල වගේ ටෙලි නාට්‍ය ඉතාම ජනප්‍රිය වුණා.
පාසල් කාලයේදී ඔබ නාට්‍ය ලිවීමේ දක්ෂයෙක් බව කලින් කිව්වා. ඒ හැකියාවෙන් ආයෙත් ප්‍රයෝජන ගන්න අදහසක් නැද්ද?
අනිවාර්යයෙන්ම ඒක හිතේ තියෙන දෙයක්. දැනටමත් මම ලියපු චිත්‍රපට තිර පිටපත් දහයක් විතර මා ළඟ තියෙනවා. හොඳ නිෂ්පාදකයෙක් හම්බ වුණොත් ඒවා ලබා දෙන්න මම සූදානම්. ඒ වගේම මායා දෙවැනි කොටසත් ලියලා ඉවරයි. ඒ සඳහා නිෂ්පාදකවරයෙක් හිටියත් පසුගිය කාලේ රටේ ඇති වුණු අර්බුදයත් එක්ක පොඞ්ඩක් ඒක වෙනස් වුණා. මායා දෙවැනි කොටස එනකම් රසික රසිකාවියෝ ගොඩ දෙනෙක් මඟ බලන් ඉන්න බව ඒ අයගේ ප්‍රතිචාරවලින් හොඳට තේරෙනවා. ඒ හින්දා හොඳ නිෂ්පාදකවරයෙක් හම්බ වුණු ගමන්ම “මායා 2” පටන් ගන්න තමයි බලන් ඉන්නේ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

සූකා ලංකාවෙන් සමාව ඉල්ලයි

Next Post

කුක්කුට පර්වතයෙන් හමුවූ කාශ්‍යප හාමුදුරුවෝ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.