• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඇස්වහ-කටවහ-සතුරු-උවදුරු මවන – ජීවිතයේ පතුලම පීරන ගුප්ත සෙවණැල්ල කේතු! Sri Lanka Latest News

June 20, 2026
in Astrology
Reading Time: 2 mins read
A A
රජ ගමනක ඇරඹුම! ග්‍රහ ලොව චණ්ඩියා සටන් බිමට එයි! මරු කැඳවන දින 40ක ග්‍රහ චලිතය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උඩුකය මනුෂ්‍ය රුවකි. එහෙත් යටිකය දෙස බැලූ කල පෙනෙන්නේ වෙළී ගිය නාග දරණයකි. ඔහු නෙලු‍ම් මලක් මත අසුන්ගෙන සිටියි. දෑතේ පොතකි. ඔහු නිතරම කියවන්නේ අනාගතය ගැන ද, නැතහොත් තමාගේම අතීතය ගැන ද? ඔහුට ඇවිදින්නට බැරිය. දෙපා පුරාම තුවාලය. ඔහු දන්නා දේ බොහෝය. ඔහු නුවණින් පිරිපුන්ය. එහෙත් ඒ ඇස් දෙස බැලූ විට පෙනෙන්නේ මුළු මහත් විශ්වයම එපා වූ, ජීවිතය ගැන පමණක් නොව තමා ගැනම කලකිරුණු අසරණ මිනිසෙකි. මේ පින්තූරය කේතු ග්‍රහයාගේය. ඔබ කවදා හෝ කල්පනා කර තිබේද, ඔබේ කේන්දරයේ කේතු බලවත් වූ කල, මේ කේතුගේ ස්වභාවය හරියටම ඔබේ ජීවිතයට ද ආරූඪ වන්නේ මන්දැයි කියා? Sri Lanka Latest News

කේතු යනු අහසේ පාවෙන අන් ග්‍රහයන් මෙන් පෙනෙන තාරකාවක් නොවේ. ඔහු ගණිතමය ලක්ෂ්‍යයකි. ඔහු එක්තරා බලවේගයකි. කේතු දශාවක් ඔබේ ජීවිතයට එළඹෙන්නේ අහම්බයකින් නොවේ. ඒ පැමිණීම ඔබේ දේහයේ රුධිරයට පවා දැනෙන්නට පටන් ගනී. නිතර නිතර උණ රෝගය හිස ඔසවයි. සම මත මතු වන දද, කුෂ්ඨ, හොරි හෝ සුව නොවන තුවාල මගින් කේතු ඔබට යමක් කියන්නට උත්සාහ කරයි. බඩේ පවතින අස්වාභාවික වියළි බව ඔබේ සිරුරේ අභ්‍යන්තරය කා දමන විට, පිටතින් සතුරු උවදුරු, ඇස්වහ, කටවහ වැනි නොපෙනෙන බාධක දොරට තට්ටු කරන්නට පටන් ගනී. ධන හානි වේ. ඔබ දැරූ තනතුරුවලින් පහත වැටීම නිසා මුළු ලොවම ඔබ දෙස බලන්නේ පරිහානියට පත් වූවෙකු ලෙසය.

එහෙත් මේ ගුප්ත ග්‍රහයා තුළ ඇත්තේ එකම පැත්තක් පමණක් නොවේ. කේතු සුබ වූ කල ඔහු දෙන්නා වූ ඵලය අසිරිමත්ය. ඔහු ඔබේ ජීවිතයට දූදරුවන්ගේ ආලෝකය ගෙන එයි. වස්තුව සහ යාන වාහන ඔබ වෙතටම ඇදී එයි. ඔබ තුළ ගුප්ත ආගමික භක්තියක් උපදවයි. සමහර විට ඔබ එක මොහොතකදී අධික භක්තිමත් කෙනෙකු වන්නටත්, තවත් මොහොතකදී අන්ධ භක්තියේ ගිලෙන්නටත් ඉඩ ඇත. ඔහු පොත් කියවන ග්‍රහයාය. ඒ නිසාම ඔහුට ආදරය කරන ජන්මියාගේ නැණ නුවණේ දොරගුළු ද ඔහු විසින්ම විවෘත කරනු ලබයි.

ඔබ අද ජීවත් වන්නේ කේතුගේ මේ අඳුරු සෙවණැල්ල යටද? ජීවිතය එපා වී, කලකිරීමෙන් තනි වී සිටින ඔබට, අතීතයේ සිටම පැවත එන ඒ ගුප්ත මඟ ඉතිරිව තිබේ. උදෑසනක් පාසා ඔබ තබන පූජාවක වටිනාකම කෙතරම්දැයි ඔබ දන්නේ නැත. රතු මල්, නිල් මල්, පුවක් මල් සහ කෙසෙල් මුව මල්වලින් පිරුණු තැටියක්, පස් තෙල් පහනක එළියෙන් බැබළෙන විට, ඔබේ දෑස් ඉදිරිපිට දිලෙන තද නිල් සහ රතු පැහැති කොඩි දෙස බලන්න. ඒ කේතුගේ බලය සන්සුන් කරන විශ්වීය ආරාධනාවයි. උඳු සහ තල මිශ්‍ර කිරිබත්, මීකිරි, මී පැණි සහ කැවිලි සමග අගිල් සුවඳ දුම් පූජාව අතපසු නොකරන්න.

වයඹ දිශාව දෙසට හැරී, ධජග්ග සූත්‍රයේ හෝ බන්ධ පරිත්තයේ සුවඳ ඔබේ නිවස පුරා විහිදුවන්න. තවමත් ඔබ පොල් ගෙඩියක් බැගින් ගෙන දින හතක් ගිලන් වූ සිතින් පිරිත් කර පොල් ගැසුවේ නැත්නම්, ඒ ප්‍රාතිහාර්යය අත්හදා බලන්න. මහා දශාව, අතුරු දශාව හෝ ඒරාෂ්ටක අපල මොනවා වුවත්, ඔබේ මනසින් කේතුගේ ඒ උඩුකය මනුෂ්‍ය රුවට ආමන්ත්‍රණය කරන්න. කලකිරුණු ජීවිතයකට නව නුවණක් සහ නැවුම් මාවතක් පෙන්වා දීමේ බලය ඔහු සතුවම පවතී. කේතු යනු බිය විය යුතු චරිතයක් නොව, නිවැරදිව තේරුම් ගත යුතු රහසක් පමණි.

ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා

SendShareShare
Previous Post

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News

Next Post

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

MORE NEWS

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News
Astrology

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News
Astrology

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News
Astrology

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

ඔබත් විෂ කන්‍යාවක්ද?
Astrology

සල්ලි එන පාරවල් එක පිට එක වැහෙන ඊසාන දිග…! මෙන්න කඩන්නේ නැතුව ගොඩයන සරල පිළියම්…! Sri Lanka Latest News

Load More
“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

මෙරට රාජ්‍ය නායකයන් සහ දේශපාලකයන් කිහිප දෙනකුම සාහසිකයන් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳ අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද,...

Read more
සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.