කලකට පෙර මෙරට මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස සැලකුණු කොළඹ වේල්ල වීදියේ ජනාකීර්ණ ප්‍රදේශයක අතහැර දමාගොස් තිබූ ගමන් බෑගයක තිබියදී හමුවූ හිසක් නොමැති මළ සිරුර පිළිබඳ ප්‍රවෘත්තිය තවමත් ජනතාවගේ මතකයේ රැඳී ඇතුවාට සැක නැත. එම සත්‍ය සිදුවීම පාදක කරගනිමින් ප්‍රවීණ නිර්මාණවේදී සුරංග ද අල්විස් විසින් නිර්මාණය කරන ලද ‘කාමර අංක 106’ චිත්‍රපටය එළැඹෙන ජුනි 26 වැනි දින සිට තිරගත වීමට නියමිතව ඇත. Sri Lanka Latest News
මෙම සිදුවීම පිළිබඳ සිදුකළ දීර්ඝ ගවේෂණයකින් පසුව, සුනෙත් මාලිංග ලොකුහේවා විසින් තිර පිටපත ලියා ඇති මෙහි, බිමල් ජයකොඩි, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, දමිතා අබේරත්න, ප්‍රියන්ත සිරිකුමාර, නයෝමි තක්ෂිලා, කළණ ගුණසේකර, ගීතිකා රාජපක්ෂ, අමිත්ත වීරසිංහ, ධනූ ඉන්නසිතම්බි ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් සිය දායකත්වය දක්වා ඇත.
කැමරා අධ්‍යක්‍ෂණය, සංස්කරණය සහ වර්ණ සංයෝජනයෙන් ප්‍රවීන් ජයරත්න, ශබ්ද සැලසුම්කරණයෙන් ශෂින් ගිම්හාන් පෙරේරා, සංගීත අධ්‍යක්‍ෂණයෙන් සහ ගීත ගායනයෙන් සංඛ දිනෙත්, ගී පද රචනයෙන් ඉසුරු වීරසිංහ මුදලි සමගින් දුල්හාරි ඉලංගකෝන්, කලා අධ්‍යක්ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලක, අංගරචනයෙන් ඉන්දික උදාර ලංකා, සහාය අධ්‍යක්ෂණයෙන් නිරුක්ෂාන් ඒකනායක දායකවී ඇති ‘කාමර අංක 106’, ප්‍රබෝදිත් ජයකොඩි, ඉමාෂා සේනාධීර, රාජිකා ජීවන්ති, සංඛ දිනෙත්, ප්‍රවීන් ජයරත්න, මිලාන් සුරේෂ් සහ ඒ.ඒ.වී. පුෂ්පරාණි යන කණ්ඩායම එක්ව නිෂ්පාදනය කර ඇත.











