මෙරට පුහුණුවන සහ රැකියා කරන සිසුන්ට අඩු පොලී අධ්‍යාපනික ණය ලබාදීම සඳහා HCL ටෙක්නොලොජීස් ශ්‍රී ලංකා සමාගම සමග ඒකාබද්ධ වූ බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.
මේ අනුව, HCL ටෙක්නොලොජීස් විසින් ඉදිරිපත් කරන මුල් කාලීන වෘත්තීය පුහුණු වැඩසටහනේ (ECTP) බැඳුම්කර ගාස්තුව මෙන්ම පාර්ශ්වකාර විශ්වවිද්‍යාල විසින් ලබාදෙන උසස් අධ්‍යාපනික වැඩසටහන්වල පාඨමාලා ගාස්තු බැංකුවේ මෙම විශේෂ ණය වැඩසටහන මගින් මූල්‍යනය කරයි.
මෙම වැඩසටහන යටතේ මුල් කාලීන වෘත්තීය පුහුණු වැඩසටහනේ අපේක්ෂකයින්ට සහ උසස් අධ්‍යාපනය ලබන අපේක්ෂකයින්ට රුපියල් මිලියන 02ක් දක්වා ණය පහසුකම් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.
‘මෙරට තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය නැංවීමට සහාය ලබාදීම සහ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික සාක්ෂරතාව ඉහළට රැගෙන ඒම රට වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ තිබෙන දැක්මේ ඉතාමත් වැදගත් කොටසක් වෙනවා’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා පැවසීය. ‘ගෝලීය දැවැන්තයෙකු වන HCL ටෙක්නොලොජීස් සමාගමේ ශාඛාවක් මෙරට අරඹන විට එයට අපි ඉතාමත් සතුටෙන් සහයෝගය ලබාදුන්නා. එයට හේතුව වන්නේ මෙරට තොරතුරු තාක්ෂණික වෘත්තිකයින්ට බොහෝ අවස්ථාවන් මෙම සමාගමට ලබාදිය හැකි නිසයි.’











