• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කුක්කුට පර්වතයෙන් හමුවූ කාශ්‍යප හාමුදුරුවෝ

September 5, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කුක්කුට පර්වතයෙන් හමුවූ කාශ්‍යප හාමුදුරුවෝ
Share on WhatsAppShare on Facebook

බුදුන් වහන්සේගේ රූපයට පෙනුමට බොහෝ සෙයින් සමාන වූ රූපයක්, ගමන් විලාසයක් මෙන්ම බුදුන් වහන්සේට සමාන තවත් බොහෝමයක් ශරීර ලක්‍ෂණයන්ගෙන් සම්පූර්ණ වූ කෙනකු මේ මිහිපිට සිටියානම් ඒ කාශ්‍යප මහරහතන් වහන්සේය. කාශ්‍යප රහතන් වහන්සේ යැයි රැවටී බුදුන් වහන්සේට දානය පිදූ අවස්ථාවද තවත් විටෙක කාශ්‍යප මහ රහතන් වහන්සේ නිසා බුදුන් වහන්සේ අපහසුතාවට පත්වූ බවද ඉතිහාස පොතෙහි සඳහන්ව ඇත. එනිසාම තමන් වහන්සේ නිසා බුදුන් වහන්සේට සිදුවන අපහසුතා වළක්වනු පිණිස මහා කාශ්‍යප රහතන් වහන්සේ හිමාලයට ගොස් එහි නතරවූ බවටද සඳහන් වෙයි. එනිසාම බුද්ධ ශාසනයේදී මහා කාශ්‍යප රහතන් වහන්සේට හිමිවනුයේ විශේෂිත ස්ථානයකි. එතරම් විශේෂිත ස්ථානයක් බුද්ධ ශාසනය තුළ හිමිකරගෙන සිටි උන්වහන්සේ ධුතාංගධාරි භික්‍ෂුන් අතර අග්‍රස්ථානයද ලබා සිටියහ.

මේ මහා කාශ්‍යප රහතන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත්ව ඇත්තේ ඉන්දියාවේ බුද්ධගයාවේ සිට කිලෝමීටර් 33ක් දුරින් පිහිටි ගුරුපා නමින් හඳුන්වනු ලබන ග්‍රාමයේ පිහිටි කුක්කුට සම්පාත පර්වතය මුදුනේය. ගුරුපාදගිරි කුක්කුට පාදගිරි යන නම්වලින්ද මෙම පර්වතය හඳුන්වා ඇත. මේ පර්වතය මුදුනේ තවමත් භික්‍ෂුන් වහන්සේ වැඩ සිටිනා බවටත් සාක්‍ෂි සාධක අනන්තවත් හමුවී තිබේ. ඒ වගේම කුක්කුට සම්පාත පර්වත මුදුනේ ඉතා රමණීය අයුරින් ඉදිකළ කුඩා විහාරයක මහා කාශ්‍යප රහතන් වහන්සේගේ පිළිමයකුත් තැන්පත් කර ඇත. මේ තොරතුරු සමඟ මතක් කළයුතුම කාරණාවකුත් තිබේ. එනම් ශ්‍රී ලංකාවේද කාශ්‍යප රහතන් වහන්සේගේ ශ්‍රී දළදාවක් තැන්පත් කළ චෛත්‍යයක් තනවා ඇති බවයි. ඒ බෙන්තර ගලපාත රජමහා විහාර ස්තූපයේය.

මගධ රාජ්‍යයේ මහාතීර්ථ බමුණු ගමේ කෝසිය ගොත්ත බමුණාට දාව සුමනාදේවි බැමිණියගේ කුසේ උපත ලද පිජළුලී නම් කුමාරයා පසුකාලීනව බුදුන් සරණ ගොස් මහා කාශ්‍යප නමින් ප්‍රකට වෙයි.

පෙර සඳහන් කළ ආකාරයටම කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගේ රූපයට කෙතරම් සමානකම් ඇත්දැයි පැවැසුවහොත් බුදුන්වහන්සේ නමකට පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් හතක් කාශ්‍යප මහා රහතන් වහන්සේට පිහිටා තිබූ බවද පැවසෙයි. එහිදී බුදුන් වහන්සේගේ උසට වඩා අඟල් හතරක් උසින් අඩු සිරුරක් කාශ්‍යප මහ රහතන් වහන්සේට පිහිටා තිබී ඇත.

විවිධ කටයුතු කාරණාවලදී සුවිශේෂී දක්‍ෂකම් විදහා පෑමත් තමන්ටම ආවේණික නොයෙකුත් ක්‍රම ශිල්ප භාවිත කිරීමටත් දක්‍ෂ වූ කාශ්‍යප මහරහතන් වහන්සේ අද මෙන් පණිවුඩ හුවමාරුවේ දියුණුවක් නොතිබූ එකලද බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම දැනගත්තේ විශේෂිත ක්‍රමයකිනි. ඒ තමන් වහන්සේ නිසා බුදුන් වහන්සේ අපහසුතාවට පත්වන නිසාම බුදුන් වහන්සේ පිරිනිවන් පානතෙක් ආපසු නොඑමියි සිතා හිමාලයට වැඩම කර ඉන්පසු තමන්ට වාසය කිරීමට සුදුසු ගල් ලෙනක් තෝරාගෙන එහි ඉදිරිපස සිටුවූ මල්ගසක ආධාරයෙනි.

එහිදී මල් ගස සිටුවා උන්වහන්සේ අධිෂ්ඨාන පූජාවක් කර තිබේ. එනම් බුදුන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ එම ගසේ මල් සියල්ල පරවී බිමට වැටේවායි සිතමිනි. සිතූ ලෙසටම දිනක් එම මල් ගසේ මල් සියල්ල පරවී බිමට වැටීමත් සමඟ කාරණය වටහා ගන්නා කාශ්‍යප මහරහතන් වහන්සේ තමන් වහන්සේ සමඟ සිටි ස්වාමීන් වහන්සේ සමඟ කුසිනාරානුවර බලා වැඩම කර ඇත.

ඒ අතර වාරයේ බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න මල්ලරජ දරුවන් සූදානම් වුවත් එයට අවස්ථාව ලැබෙන්නේ නැත. පසුව මේ ගැන සොයා බැලූ දිවැස්ලාභී භික්‍ෂුන් අතරේ අග්‍රස්ථානය ලැබූ අනුරුද්ධ මහරහතන් වහන්සේ කාරණාව සොයා ගන්නවා. උන්වහන්සේ මල්ල රජදරුවන්ට කාරණාව පහදා දෙනවා. මහා කාශ්‍යප රහතන් වහන්සේ පැමිණ බුදුන් වහන්සේගේ දෙපා නමදින තෙක්ම චිතකයේ ගිනිසිළු නොදැල්වේවායි දෙවියන්ගේ ප්‍රාර්ථනාව වී ඇති බව උන්වහන්සේ විස්තර කරනවා.

ඉන් අනතුරුව සිදුවන්නේ මහා විශ්මයකි. එනම් කාශ්‍යප මහරහතන් වහන්සේ එම ස්ථානයට වැඩම කොට බුදුන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කිරීමත් සමඟම චිතකයේ ගිනිදැල් ඉබේම දැල්වීමයි. එයින්ම මහා කාශ්‍යප රහතන් වහන්සේ සතු මහා බලය හෙළිපෙහෙළි කෙරෙන අතර, පසුකලෙක මගධයේ පාලක අජාසත් රජතුමාගේ අනුග්‍රහය ඇතිව වේභාර පර්වතය පාමුල සප්තපණ්ණි ගල්ගුහාවේ පළමු ධර්ම සංගායනාව පවත්වන්නේද මහාකාශ්‍යප රහතන් වහන්සේයි.

එකල විවිධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දූරදර්ශීව විමසුම් ඥානයෙන් බැලූ කාශ්‍යප රහතන් වහන්සේ රාජ්‍යයන් අටකට කොටස් අටකට බෙදා තිබුණු සර්වඥ ධාතුන් වහන්සේට අනාගතයේදී මිසදුටුවන්ගෙන් සිදුවිය හැකි අනතුරු පිළිබඳව හඳුනාගෙන රාම ග්‍රාමයේ සර්වඥධාතුන් වහන්සේලා කොටස හැරෙන්නට අනෙක් කොටස් හතම යළි එක්තැන්කර අජාසත් රජුගේ අනුග්‍රහය ඇතිව ආරක්‍ෂිත ස්ථානයක චෛත්‍ය කරවා තැන්පත් කරන්නේ බුද්ධ ශාසනයේ අනාගත පැවැත්ම උදෙසාමය.

පසුකලෙක අශෝක රජතුමන් තමන්ට අවශ්‍ය ධාතුන් වහනසේලා ලබාගත් බව කියන්නේ මේ චෛත්‍යයෙනි. රාම ග්‍රාමයේ ඉතිරි කළ ධාතුන් වහන්සේලා එසැණින් නාග ලෝකයටත්, නාග ලෝකයෙන් යළි අපේ රටට ගෙනැවිත් රුවන්මැලි මහ සෑයේ තැන්පත් කළ බවටත් ඉතිහාසයේ සඳහන් වෙයි.

කෙසේ නමුත් කුක්කුට සම්පාන පර්වතයත් කාශ්‍යප මහ රහතන් වහන්සේත් අතර ඇත්තේ සුවිශේෂී කතාවකි. වසර 120 කාලයක් වැඩ වාසය කළ මහා කාශ්‍යප රහතන් වහන්සේ එක්තරා දිනයක තමන් වහන්සේගේ ආයුෂ පරීක්‍ෂා කරනවා. එහිදී තම ආයුෂ අවසන්වී ඇති බව දැනගන්නා උන්වහන්සේ හෙට දිනයේදී කුක්කුට සම්පාත පර්වතයේදී පිරිනිවන් පානවායි තීරණයක් ගෙන අනෙක් ස්වාමීන් වහන්සේලාටත් දැනුම් දෙනවා. එය ඇසූ ස්වාමීන් වහන්සේ කම්පාවටත්, දුකටත් පත්වෙනවා.

පසුව පිඬුසිඟා වැඩලා දානය ගන්නා මහාකාශ්‍ය රහතන් වහන්සේ අජාසත් රජතුමාව සොයාගෙන යන්නේ මේ පුවත සැලකරන අදහසින්. එහෙත් ඒ මොහොතේ රජතුමා දිවා ආහාර ගෙන සැතපී සිටි නිසාම කාශ්‍යප රහතන් වහන්සේ රාජ පුරුෂයන්ට කාරණාව පවසලා විහාරයට වැඩම කරනවා. විහාරයේ වතාවත් සිදුකොට අවසන් කිරීමෙන් පසු කුක්කුට සම්පාත පර්වත භූමියට වඩින මහා කාශ්‍යප රහතන් වහන්සේ ඍද්ධි පාතිහාර්ය පාලා රැස්වෙලා සිටින පිරිසට අවවාද ලබා දීලා කුක්කුට සම්පාත පර්වත තුන මැද පිරිනිවන් පාන්න අදහස් කරද්දී දෙවියෝ එතැන ඇඳක් අතුරලා ඒ ඇඳේ පාද අසල මල් පුරවපු පුන්කළස් සහ පහන් තබනවා. ඒ යහනට වැඩම කරපු කාශ්‍යප මහරහතන් වහන්සේ සමාපත්තියට සමවැදිලා මෙවැනි අධිෂ්ඨානයක් කරනවා.

මම පිරිනිවන් පෑකල්හි මගේ සිරුරට අනතුරක් නොවන විදියට මේ පර්වත තුන එකට එක් වේවා. මා වටා තිබෙන සුවඳ මල් පර නොවේවා. දල්වා ඇති පහන් නොනිවේවා. අනාගතයේ ලොව පහළ වන මෛත්‍රි බුදුන් වහන්සේ තම පිරිස් සමඟ මෙතැනට වැඩම කර මගේ සිරුර දකුණු අත්ලේ තබාගෙන භික්‍ෂු සංඝයා ඇතුළු දෙව් මිනිසුන්ට සිරුර පෙන්වමින්.
පින්වතුනි, මේ තෙරුන් වහන්සේ ගැන ඔබ දන්නවාද. මේ මාගේ දෙටු සොයුරා වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා කාශ්‍යප නම් මහා ශ්‍රාවකයායි. ධුතංගිරි භික්‍ෂුන් අතර අගතැන්පත් වෙමින් පිරිනිවන් පාන තෙක්ම ධුතාංග රකිමින් මේ භික්‍ෂුව කටයුතු කළේය. ආදී වශයෙන් මහ පොළොව කුඩාකර මගේ ගුණ මහත් කොට දේශනා කරන සේක්වා, එවිට උන්වහන්සේගේ හස්තයේදීම මගේ මේ සිරුර ගිනිගෙන දැවේවා.

එසේම මා පිරිනිවන් පෑ බව අසා මා වන්දනා කිරීමට මෙහි පැමිණෙන අජාසත් රජතුමාට මේ පර්වත තුන විවෘත වේවා. රජතුමා වන්දනා කර අවසන් වූ පසු පර්වත තුන තිබූ පරිදිම එකට එක්වේවා, යනුවෙන් සිතූ මහා කාශ්‍යප රහතන් වහන්සේ පිරිනිවන්පානවා.

අජාසත් රජතුමා මේ බව දැනගත් වහාම රජතුමාට දරාගත නොහැකිව විපතක් වේ යැයි සිතන ඇමැතිවරු වෛiවරුන්ට තොරතුරු පවසා උක්යුෂ, කිරි, දීමණ්ඩි, ගිතෙල්, ගඳ කලල්, මැටි කලල් සහ සීතල ජලය ඔරුව බැගින් සකස් කරනවා.
අනතුරුව දුක්මුසු පුවත රජුට සැලකිරීමත් සමඟම අජාසත් රජු සිහිසුන් වෙනවා. එහිදී ඇමැතිවරු වෛi උපදෙස් අනුව උක් යුෂ ඔරුවටත්, පසුවට කිරි ඔරුවටත් රජතුමාව දමනවා. එහිදී රජුට සිහිය ආවත් යළිත් පෙර කාරණාව සිහිපත් වීමෙන් සිහිසුන් වෙනවා. එහෙත් වෛi උපදෙස් අනුව අනෙක් ඔරු භාවිතයෙන් රජුට සිහිය ලබාගන්නට හැකිවෙනවා.
පසුව රජතුමා කුක්කුට සම්පාත පර්වත භූමියට යද්දී කාශ්‍යප රහතන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදිම පර්වත තුන විවර වෙනවා.

බොහෝ සෙයින් කම්පා වන රජතුමා මහාකාශ්‍යප රහතන් වහන්සේගේ දේහයට දින හතක් පූජා පවත්වලා අවසන් වීමත් සමඟ යළිත් පර්වත තුන එකතු වෙන්නේ විශ්මයජනක අයුරින් එතැන් පටන් අදටත් සුරැකෙන මහා කාශ්‍යප රහතන් වහන්සේගේ සිරුර මෛත්‍රි බුදුන්ගේ ශාසනය තෙක්ම පවතින බවට දැඩි විශ්වාසයක් වෙයි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ගාලු කොටුවේ හිඟාකාලා නළුවෙක් වුණු පුබුදු

Next Post

මිසුමි හා චැම්පියන් සබන් ගෝලීය වෙළෙඳපොළට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.