ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි මහතා වහාම පක්ෂයෙන් ඉවත් කරන ලෙසට එම පක්ෂය ඇතුළෙන්ම නාමල් රාජපක්ෂ මහතා වෙත විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ලැබී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
විශේෂයෙන්ම තිස්සකුට්ටි ආරච්චි මහතා සමගි ජන බලවේගය සහ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගෙන සිදුකරනු ලබන අනවශ්‍ය ප්‍රකාශ පක්ෂයට ඉතා අහිතකර හා අවාසිසහගත ලෙස බලපාන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් නාමල් රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබේ.
මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් තිස්ස කුට්ටිආරච්චි මහතා කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් අනුරාධපුර පක්ෂ සාමාජිකයන්ද දැඩි විරෝධයක් පළකොට ඇති බවත්, මේ හේතුවෙන් පක්ෂ සාමාජිකයන් රැසක් දැනටමත් පක්ෂය හැරගොස් ඇති බවත් දැනගන්නට ඇත.
මීට පෙර අවස්ථා කිහිපයකදීම තිස්ස කුට්ටිආරච්චි මහතා කාන්තාවන් ඉලක්ක කරගෙන සිදුකරනු ලැබූ අපහාසාත්මක ප්‍රකාශ හේතුකොට ගෙන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඔහුට දැඩි ලෙස අවවාද කිරීමටද කටයුතු කොට තිබිණි.
ඒ අනුව, මේ වනවිට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් තීරණය කොට ඇත්තේ පක්ෂයට හිසරදයක් වී ඇති තිස්ස කුට්ටි ආරච්චි මහතා පොහොට්ටු සාමාජිකත්වයෙන් නෙරපා හැරීමටය.










