මීගොඩ පැවැති වෙසක් දන්සලකදී පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවූ කැබ් රථයේ රියදුරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කර තිබේ.Sri Lanka Latest News
සැකකරු අද (01) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
මීගොඩ මාරක අනතුරේ රියදුරා හට මිනිස් ඝාතන චෝදනා ගොනුකරන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධිර මහතා පවසයි.
බීමතින් වාහනය ධාවනය කර අනතුර සිදුකර ඇති බවත් අනතුරින් පසු ඔහු කැබ් රථය නොනවත්වා ධාවනයකර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
රියදුරු අත්අඩංගුවට ගෙන ඇතත් අනතුර සිදුකල කැබ් රථයේ ගමන් කළ දෙදෙනෙක් පළාගොස් ඇති බවත් ඒ අය සොයා විමර්ශන පවත්වන බවත් පොලීසිය කියයි.










