පළාත් සභා මැතිවරණය මේ වසරේ නොපවත්වන බවටත්, එම මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන ආණ්ඩුවට නොමැති බවටත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පක්ෂය සමග සාකච්ඡා කිරීමට තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කොට ඇත.Sri Lanka Latest News
ඒ අනුව, එම පක්ෂයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා දැනටමත් ඒ සම්බන්ධයෙන් වන ඉල්ලීම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වෙත දැනුම් දී ඇති බවක් ආරංචිය.
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන්ට වේලාවක් ලබාදෙන ලෙසට එහිදී සුමන්තිරන් මහතා ටිල්වින් සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කොට ඇති බව දැනගන්නට තිබේ.
තමිල් අරසු කච්චි පක්ෂය දැනටමත් පැරැණි ක්‍රමයට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත.










