ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
සාමූහිකව විසඳගන්න පුළුවන් ගොවි ප්‍රශ්න සාමූහිකව විසඳ ගන්නේ නැතුව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත ඇමතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න එන්න කියන්නේ වීදි සටන් වලට නම් මුළු රටේම ඉන්න ගොවියෝ එකතු කරන් වීදි සටන් කර හෝ ගොවියාගේ ප්‍රශ්න විසඳීමට ලෑස්ති බවත් හැප්පිලා බලන්න යැයි ලාල්කාන්ත ඇමතිවරයාට අභියෝගාත්මක අභියෝගයක් සිදු කරන බවත් නුවරඑළිය ගොවි සංවිධානයේ සභාපති තරිඳු රත්නායක පවසයි .Sri Lanka Latest News
ඔහු මේ බව කියා සිටියේ නිෂ්පාදන වියදමට වඩා අඩු මුදලකට අස්වැන්න විකිණීමට සිදුවී ඇති කාල වකවානුවක ගොවියාට අත්වී ඇති තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකට අද (19) උදෑසන නුවරඑළියෙදී පවත්වමිනි ,
මාධ්‍ය හමුවේදී වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය ගොවිසංවිධානයේ සභාපති තරිඳු රත්නායක ,
ගොවියාට මුහුණපාන්නට සිදුවී ඇති බරපතළ ගැටලු රැසකට පිළියම් ලබා ගැනීම සඳහා කිහිප වතාවක්ම රජයෙන් සාකච්ඡා ඉල්ලුවත් සැබෑ ගොවියාට සාකච්ඡාවක් නොදී ජාතික ජන බලවේගයේ ශාඛා සමිති නියෝජිතයින් ගෙන්වා ඔවුන් එක්ක සාකච්ඡා කර ගොවියා වෙනුවෙන් ගන්න තීන්දු තීරණ අරගෙන ඒ තීන්දු තීරණවලට ගොවියාට එකඟ වන්න කියලා ලාල්කාන්ත ඇමතිවරයා හා නියෝජ්‍ය කෘෂිකර්ම ඇමති නාමල් කරුණාරත්න මහතා ප්‍රධාන කෘෂිකර්ම ලොක්කත් අපට බලපෑම් කරනවා නම් අපි සැබෑ ගොවියෝ හැටියට ඒ තීන්දු තීරණ බාරගන්න ලෑස්ති නෑ ,
එහෙම ගත්තු තීරණයක් තමයි ගොවියන්ගෙන් අල රුපියල් 210කට මිලදී ගැනීම තීරණය ,
එක් අල කිලෝවක් නිෂ්පාදනය කරන්න යන වියදම රුපියල් 130ක් සිට රුපියල් 150ක් දක්වා මුදලක් වියදම්වෙනවා ,
නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමතිවරයා කියන විදිහට රුපියල් 220 ට අල දුන්නනම් අපිට කිලෝ එකකින් රුපියල් දහයක පාඩුවක් සිද්ධ වෙනවා ,
එහෙම දෙන එකත් අපට උපරිම දෙන්න පුළුවන් වෙන්නේ කිලෝ දාහක සීමාවක් වෙනකල් විතරයි ,
දැනට අවුරුදු දහයකට කලින් පෝර මිටියක් රුපියල් 1500යි. අද හොණ්ඩරයක මිල රුපියල් 10,000 යි 14,000යි අතර තිබෙද්දිත් අපි අල විකුනලා තියෙනවා රුපියල් 300ත් 400ත් අතර මිලකට ,
අද වෙද්දී පොහොරමිටියත් රුපියල් 19,000යි අල හොණ්ඩරයක් රුපියල් 39,000 යි ඒ තරමට නිෂ්පාදන මිල ඉහළ ගිහින් අපි අලු රුපියල් 220ට ගන්නවා කියන්නේ ගොවියන්ට අත්වන ඉරණම මොකක්ද ?
ඒත් එක්කම අපි දැක්කා නාමල් කරුණාරත්න නියෝජ් ඇමතිවරයා කියනවා ගොවියන්ගෙන් අහලා තමයි මේ තීරණයගත්තේ කියලා. මේ හේතුවෙන් ඇත්තම ගොවියන්ට පාරට බැහැලා යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ ,
තවත් නියෝජ් ඇමතිවරයෙක් අපි කියනවා ගොවියො බීලා ඇවිත් තමයි වොයිස් කට් දෙන්නෙ කියලා ඔය කියන ඇමතිවරයා අපේ ලිප් බොක්කට ඇවිල්ලා මොකක්ද මල්ලි කන්න තියෙන්නේ කියලා අහලා අපෙන් කාල ගිය එකා. බෝක්කුවක් උඩ බීඩි බිබී හිටපු එකා අද නියෝජ්‍ය ඇමතිවෙලා අපේ කන බොන විදිය හොයනවා කියන්නේ ඇත්තටම ලැජ්ජා සහගත කරුණක් ,
ඊළඟ විශේෂම දේ තමයි නුවරඑළිය ගොවියා අඳින්නේ කලිසම් කමිස. ඒ අද ඊයේ එක නෙමෙයි එදා ඉඳන්ම පැවති සම්ප්‍රදායක් ඇරෙන්න කවදාවත් නුවරඑළිය ගොවියෝ අමුඩයක් ඇඳලා ඩෙනිමක් දාගත් අය නෙවෙයි ,
ගොවියන්ගේ ප්‍රශ්නෙ විසඳන්න ඕන තැන් බොහෝමයක් තියෙද්දි නුවරඑළිය ගොවියාගේ කලිසම සහ ඩෙක්ෂුස් එක තමයි මෙයාලට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ,
මේ අලවලට ස්ථාවර මිලක් අපිට අවශ්‍ය අඩුම වශයෙන් රුපියල් 300 මිලක් වත් ලබා දෙනවා නම් ගොවි ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් ,
මේ දේවල් ගැන කතා කරන්න අපි රජයෙන් සාකච්ඡා ඉල්ලුවාට අපිට ඒක ලැබෙන්නෙ නැත්නම් වීදියට බැහැල උද්ඝෝෂණණ කරලා අපි පත් කරපු රජය අපේ ඡන්දවලින් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීලා සහ මැති ඇමතිවරු අපිට ආරාධනා කරනවානම් ගොවියාගේ ප්‍රශ්න විසඳන්න වීදි සටන්වලට එන්න කියලා අපිි ලෑස්තියි ..එන්න හැප්පිලා බලමු කියලා අපිටත් කියන්න තියෙන්නේ ,
ගාමිණි දිසානායක මහත්තයාගෙන් පස්සේ ඉතිහාසගත ඡන්ද ප්‍රමාණයක් දීලා පාර්ලිමේන්තු යවපු මංජුල සුරවීර මධුර සෙනවිරත්න ගැන මන්ත්‍රීවරු අද ගොවි ගැටලු ගැන කතා කරන්න ඉදිරිපත් වෙන්නෙ නැත්නම් එයාලට උත්තර දෙන්නත් අපි ලෑස්ති වෙනවා ,
ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ගොවියාව රැකගන්න කරන්න පුළුවන් ඕනෙම දෙයක් කරන්න අපි ගොවි සංවිධානය වශයෙන් කටයුතු කරනවා .














