ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 334 ඉක්මවා ගොස් තිබේ.Sri Lanka Latest News
මහ බැංකුව විසින් අද (18) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.74ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 334.26ක් ලෙස සටහන් වී ඇත.
2023 නොවැම්බර් 29 දින ඩොලරයේ විකුණුම් මිල රු. 334.22ක් ලෙසින් සටහන්ව ඇති අතර ඉන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම විකුණුම් මිල මෙලෙස අද දිනයේ දී වාර්තා වී ඇත.
2023 මාර්තු 20 දින ඩොලරයක ගැනුම් මිල රු. 331.71ක් වශයෙන් වාර්තා වී තිබෙන අතර අද දින මෙලෙස සටහන්ව ඇත්තේ ඉන් පසුව වාර්තා වන ඉහළම ගැනුම් මිලයි.










