ප්‍රවීණ නිර්මාණවේදී ධනුෂ්ක රත්නායකගේ නවතම ටෙලි නිර්මාණය ‘ඇත්තමයි මං ඔයාට ආදරෙයි’ පසුගිය 11 වැනි දින සිට හිරු රූපවාහිනී නාලිකාවේ විකාශනය ආරම්භ වූ අතර, එය සතියේ සෑම දිනකම රාත්‍රී 9ට එම නාලිකාව ඔස්සේ විකාශනය වීමට නියමිතයි. Sri Lanka Latest News
විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය ලෙස හඳුන්වා දෙන මෙය සොඳුරුතම ආදර කතාවක් තේමා කර ගනිමින් නිර්මාණය වූ සංගීතමත් ටෙලි මාලාවක්. ටෙලි නාට්‍යයේ විශේෂ හඳුන්වාදීමක් රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන්ගේ දායකත්වයෙන් පසු ගියදා පි.වි.ආර්. සිනමා ශාලා පරිශ්‍රයේදීසිදු කෙරිණි.
පුංචි තිරයට හඳුන්වා දෙනු ලබන සාරත බණ්ඩාර සමඟින් සුහන්දි වෝසදි, නිමේෂ් එදිරිසිංහ, ශෙනායා වැන්හොෆ්, ගයාන් වික්‍රමතිලක, හිමාලි සයුරංගි, කිංග් රත්නම්, සංජීව දිසානායක, චාමි සේනානායක, මයුර කාංචන පෙරේරා, හර්ශිකා රත්නායක, සප්නා පාදුක්ක, ලසඳුනී ජයවර්ධන ඇතුළු ප්‍රවීණ සහ යොවුන් නළු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය දක්වා ඇත. නිමල් කරුණාතිලක සමගින් ඉරුෂ්ක බෝගොඩ කැමරා අධ්‍යක්ෂණයෙන්ද, ප්‍රසන්න ප්‍රදීප් කුමාර සහාය අධ්‍යක්ෂණයෙන්ද, රණුක ඉෂාර කලා අධ්‍යක්ෂණයෙන්ද, පිටපත් රචනයෙන් ලක්ෂාන් වාත්තු හේවා, සංස්කරණයෙන් ගිශාන් ප්‍රභාත්, සංගීත අධ්‍යක්ෂණයෙන් ඩිල්ෂාන් එල්. සිල්වා, විධායක නිෂ්පාදනයෙන් මෙවන් ලියනගේ දායකව ඇති ‘ඇත්තමයි මං ඔයාට ආදරෙයි’ අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන් අශෝක් ජයකොඩි විසින් නිෂ්පාදනය කර ඇත.











