• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මෙගා ඉවර වෙද්දි අපිත් නාකියි- ප්‍රේක්ෂකයොත් නාකියි

August 29, 2020
in Heart
Reading Time: 1 min read
A A
මෙගා ඉවර වෙද්දි අපිත් නාකියි- ප්‍රේක්ෂකයොත් නාකියි
Share on WhatsAppShare on Facebook

ජගත් බෙනරගම කියන්නේ කලාවට සම්බන්ධ වුණු මුල් කාලෙ ඉඳන්ම තමන්ගේ ජනප්‍රියත්වය එක වගේ රැක ගන්න සමත් වුණු රංගන ශිල්පියෙක්. ජගත් බෙනරගමගේගේ අලුත් කලා තොරතුරු සහ ලංකාවේ කලාව ගැන ඔහුගේ අදහස් දැන ගන්න අපි ඔහු එක්ක සම්බන්ධ වුණා.
මේ දවස්වල කෙරෙන කලා කටයුතු ගැන කියලම අපි කතාබහ ආරම්භ කරමු?
මේ දවස්වල නම් විශේෂම වැඩක් කියලා නැහැ. කොරෝනා හින්දා නැවතුණු වැඩ තවම පටන් ගත්තේ නැහැ. බාගෙට කරපු වැඩ ගොඩක්ම තියෙනවා. මේ වෙද්දී කැලෑ හඳ ටෙලි නාට්‍ය විකාශනය වෙනවා. ඊට අමතරව වැඩ ඉවර කරපු නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී විකාශනය වෙන්න තියෙනවා.
ඔබේ රසිකයන් වෙනුවෙන් අපි ඒ නිර්මාණ ගැනත් කතා කරමු?
ජයසේන ජයකොඩි මහත්මයාගේ “අස්වැන්න” නව කතාව ඇසුරින් සැම්සන් කුමාරගේ මහතා අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු ඉවරයි. ඒ වගේම “ගිරිකුළේ දෝංකාරය” සහ ක්‍රිස්ටි ශෙල්ටන් ප්‍රනාන්දු මහත්මයාගේ “ඔබ ආයෙත් ඇවිදින්” ටෙලි නාට්‍යයත් ඉදිරියේදී විකාශනය වීමට නියමිතයි.
පසුගිය කාලයේදී ඔබ රඟපාලා තියෙන ටෙලි නාට්‍යය සියල්ලම ප්‍රවීණයන්ගේ නිර්මාණ බව තමයි ඒ ලැයිස්තුව බලද්දී පැහැදිලිවම හැඟී යන්නේ. ඒ කියන්නේ ජගත් බෙනරගම වැඩ කරන්නේ ප්‍රවීණයන් එක්ක විතරයි කියන එකද?
අපෝ නැහැ. මම අලුත් අය එක්කත් වැඩ ගොඩක් කරලා තියෙනවා. නවක අධ්‍යක්ෂවරයෙක් වන අරුණ අබේරත්නගේ චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කරලා තිබුණේ. හැබැයි කොරෝනා හින්දා ඒකත් තවම නැවතිලා තියෙන්නේ.
අපි එහෙනම් සිනමාව ගැන කතා කරමු. මොනවද ඔබව ඉදිරියේදී දැක ගන්න ලැබෙන සිනමා නිර්මාණ?
ඉදිරියේදී තිරගත වෙන්න චිත්‍රපට හතරක් තියෙනවා. “නගරං” චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස “ඇලකන්ඩියේ මාකස්” චිත්‍රපටය සහ “රජානෝ”, “සිනෙමා” චිත්‍රපටයත්, සිසිල්
“මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි” චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.
ජගත් බෙනරගම කියන්නේ ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය ආරම්භයේදී නිතර දැක ගන්න ලැබුණු රංගන ශිල්පියෙක්. ඒත් දැන් ඔබව මෙගා නාට්‍ය තුළින් දැක ගන්න නැහැ. ඔබටත් මෙගා එපා වෙලාද?
මෙහෙමයි. මම මෙගාවලට විරුද්ධ වෙන්නේ නැහැ. පබා නාට්‍යයේ කොටස් 579ක් තිබුණා. දාමිණී නාට්‍යයේ කොටස් හාරසිය ගානක් තිබුණා. හැබැයි ලංකාවේ ඒ වගේ සාර්ථක මෙගා ටෙලි නාට්‍ය කිහිපයක් විතරයි තිබුණේ කියලයි මම හිතන්නේ. මොකද ඊට පස්සේ ආව ගොඩක් මෙගාවල මුල හිටිය අධ්‍යක්ෂවරයා නෙවෙයි අන්තිමට ඉන්නේ. සමහර ඒවට තිර රචකයෝ කිහිප දෙනෙක් මාරු වෙනවා. නළු නිළියොත් එහෙමයි. සමහර මෙගා වල නාට්‍ය පටන් ගන්න කොට ඉන්න ප්‍රධාන නළුවා, නිළිය විතරක් නෙවෙයි සහාය නළුවා, නිළියත් අන්තිමට නැහැ. ඒ හින්දා මේ නාට්‍ය ප්‍රේක්ෂකයන්ට එපා වෙලා තියෙන බවක් තමයි පේන්නේ.
ඔබ කිව්වා වගේම ලංකාවේ ටෙලි නාට්‍ය කලාව ගැන බොහෝ විවේචන එල්ල වෙන බවක් පේන්න තියෙනවා. ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් විදියට ඔබ මේක දකින්නේ කොහොමද? කොතැනද වැරැද්ද තියෙන්නේ?
මම හිතන්නේ මේක මේ ක්‍රමයේ වැරැද්දක්. ඉස්සර ටෙලි නාට්‍යයක සම්පූර්ණ වැඩ ඉවර වෙලා තමයි රූපවාහිනී ආයතනයට ලබා දෙන්නේ. ඒත් දැන් ටෙලි නාට්‍යයක් සඳහා රූපවාහිනී ආයතනයක අනුමැතිය ලබා ගන්න එක ඉතාම අමාරු වැඩක් බවට පත් වෙලා. නාට්‍යයක කොටස් කිහිපයක් රූගත කරලා ඒක අනුමැතියට යොමු කරනවා. සමහර වෙලාවට අනුමැතිය ලබා ගන්න මාස ගණන් බලන් ඉන්න වෙනවා. එතකොට මුල් කොටස්වලට වඩා රංගන ශිල්පීන්ගේ පෙනුමත් වෙනස් වෙලා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා.
ප්‍රවීණ රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් අධ්‍යක්ෂණයට යොමු වෙන එක සාමාන්‍ය දෙයක්. ජගත් බෙනරගමට ඒ අදහස නැද්ද?
මම මුලින්ම ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළේ 2005දි. සඳ නොදුටු සඳ ටෙලි නාට්‍යය. නමුත් ටෙලි නිර්මාණයක් නාළිකාවලින් මිලදී ගන්නේ ඉතාම අඩු මුදලකට. මම අධ්‍යක්ෂවරයා වුණාට එහි නිෂ්පාදකවරයා වෙන කෙනෙක්නේ. ඉතිං ඒ ලැබෙන මුදලින් නිෂ්පාදන වියදමවත් පියවා ගන්න බැරි බව මට තේරුණා. ඉතිං දැන දැන කෙනෙක්ව අමාරුවේ දාන්න බැරි හින්දා අධ්‍යක්ෂණ වැඬේ එහෙමම නැවතුණා. නමුත් පසුගිය කාලේ විකාශනය වුණු දෙයියන්ගේ රටේ ටෙලි නාට්‍යයේ අවසන් කොටස් තිහ අධ්‍යක්ෂණය කළේ මම. ඒ ටෙලි නාට්‍යයත් නියමිත කොටසින් නවත්වන්න අධ්‍යක්ෂවරයාට ඕනෑ වුණා. නමුත් නිෂ්පාදකවරයා ඒ වෙද්දි තමන්ගේ වියදම පියවාගෙන තිබුණේ නැහැ. ඒ හින්දා වෙනත් අධ්‍යක්ෂවරු දෙන්නෙක් යටතේ ඒ නාට්‍යය තව ඉස්සරහට ගියා. නමුත් ඒක එතරම් සාර්ථක වුණේ නැහැ. අවසානයේ තව කොටස් තිහකින් නාට්‍ය නැවැත්වීමේ එකඟතාව මත ඒ කොටස් තිහ අධ්‍යක්ෂණය කරන්න මම කටයුතු කළා.
ජගත් බෙනරගම ගැන කතා කරද්දී අපිට වේදිකාව අමතක කරන්න බැහැ. අවසන් වශයෙන් අපි වේදිකාව පැත්තට හැරෙමු?
වේදිකා නාට්‍ය පැත්තෙන් නම් හරිම දුෂ්කර කාලයක් තමයි පහු වුණේ. මොකද මම රඟපාන වේදිකා නාට්‍ය තුනක්ම ජයලත් මනෝරත්නයන්ගේ. එතුමා රෝගී තත්ත්වයෙන් සිටින කාලයේ ඉඳන්ම අපි විවිධ අපහසුතා මැද තමයි ඒ නාට්‍ය රූගත කළේ. අවසානයේ එතුමා අප අතරින් සමු අරගත්තට පස්සේ ඒ චරිත සඳහා වෙනත් නළුවන් යොදා ගෙන නැවත රූගත කිරීමට ලෑස්ති වෙනවාත් එක්කම තමයි කොරෝනා ආවේ. කොහොම වුණත් මනෝරත්නයන්ගේ ගුරුතරුව, තල මල පිපිලා සහ අන්දරේ කියන වේදිකා නාට්‍ය තුනම ඉදිරියේදී රඟ දක්වන්න අපි බලාපොරොත්තු වෙනවා.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

වාස්තු අපි කනවද; අපි වාස්තු කනවද

Next Post

අකිල තුන්කොන් ආදරයක පැටලෙයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.