• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම අඩනිරුවත මාකට් කරන්නෙ නෑ

August 29, 2020
in Heart
Reading Time: 2 mins read
A A
මම අඩනිරුවත මාකට් කරන්නෙ නෑ
Share on WhatsAppShare on Facebook

නිරූපිකාවක් ලෙස ජාත්‍යන්තරය සමඟ තරග කරමින් ජයග්‍රහණය කළ ඈ නතර වූයේ ‘විසුල අහස යට’ තුළයි. එයින් යම් පන්නරයක් ලබමින් නිලුක්ෂි අමන්දා ලෙසට ජනප්‍රියත්වයක් ලබන්නට වගේම ඇයට සිනමාවේ පළමු වරට අභිෂේක ලබන්න ‘ෂෙලිනා’ චිත්‍රපටය භාග්‍යයක් වුණා. ඇයගේ සතුට උතුරා ගලා යන මේ මොහොතේ ඇය අපි සමඟ කතා කළේ මේ විදියට.
ඉතින් මම අමන්දා කියන්නද, ෂෙලිනා කියලා කතා කරන්නද මුලින්?
ගොඩදෙනෙක් ඉතින් මාව දැන් හඳුනන්නෙ ෂෙලිනා කිව්වම තමයි.
ෂෙලිනා ලෙසට ජනප්‍රිය වෙන්නට චරිතය වගේම චිත්‍රපටයත් බලපාන්න ඇති නේද?
අනිවාර්යයෙන් එයත් එක විශේෂත්වයක්. චිත්‍රපටයේ නමත් ‘ෂෙලිනා.’ මගේ චරිතයත් ‘ෂෙලිනා.’ ඉතින් නම හොඳට මතක තියාගෙන ෂෙලිනා කිව්වාම දන්නවා.
ඉතින් ෂෙලිනාට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
චිත්‍රපටය තිරගත වීමට අරන් වැඩි කාලයක් නැහැ. ලැබෙන ප්‍රතිචාරත් එක්ක චිත්‍රපටය ගොඩදෙනෙක් නරඹන බව දැනෙනවා. ෂෙලිනාට මගේ ආදර රසික රසිකාවියන් ආදරය කරනවා වගේම මමත් ඉතින් ෂෙලිනාගේ රසිකයෙක්.
ඔබ මුලින්ම අපි දුටුවේ පුංචි තිරයේ. එය ගැන කතා කළොත්?
කැළුම් පාලිත මහිරත්න අධ්‍යක්‍ෂණය කළ ‘විසුල අහස යට’ ටෙලිනාට්‍යයේ තමයි මම මුලින්ම ප්‍රධාන චරිතයක් රඟපෑවේ. ඒ ටෙලිනාට්‍යයට ඔහුගෙන් ලැබුණු ගුරුහරුකම් ඉතා විශිෂ්ටයි. ඔහුගෙන් ඒ ලැබුණු ගුරුහරුකම් එක්ක තිබුණු බය නැති වුණා. ඒ නිසාම තමයි මම චිත්‍රපටයට සම්බන්ධ වීමට හිතුවේ.
ඇයි ඔබ මෙපමණ කාලයක් නිර්මාණ සඳහා ඔබේ දායකත්වය ලබා නොදුන්නේ?
නිර්මාණවලින් මට ආරාධනා ලැබුණා. ඒත් මම කැමැති වුණේ නැහැ. මම ගොඩක් කැමැති නිරූපණ ක්‍ෂේත්‍රයට. මොකද නිර්මාණවලට ලොකු කාලයක් යොදවන්න වෙනවා. ඉතින් මම කොහොමත් මට වදයක් වෙන විදියේ වැඩ කරන්නේ නැහැ.
ඔබට සිනමාවේ වරම් ලැබුණේ ජනප්‍රිය නළුවෙක් එක්ක තිබුණු දැනහැඳුනුම්කමක් නිසා කියලා කියනවා. ඇත්තද මේ කතාව?
දිනෙත් ද සිල්වා කියන්නේ මගේ හොඳ මිතුරෙක්. ඒ වගේම සහෝදර අයියා කෙනෙක්. ඒ විතරක් නෙවේ ඔහු නිරූපණ ක්‍ෂේත්‍රයට වගේම මුළු කලා ක්‍ෂේත්‍රයටම ඔහු වටිනා සම්පතක්. ඔහු සමඟ මම නිරූපණ ක්‍ෂේත්‍රයේ එකට වැඩ කළා. ඉතින් ඒ දැනහැඳුනුම්කම් මත තමයි මට සිනමා තාරකාවියක් වීමට අවස්ථාව උදාවුණේ. මේ අවස්ථාවේ දිනෙත් අයියාට මගේ විශේෂ ස්තුතිය පුදකරනවා. ෂෙලිනා චරිතය ගොඩනඟා ගැනීමට ඔහුගෙන් වගේම අනුෂ් අයියාගෙන්ද මට ලොකු සහායක් ලැබුණා.
ඔබේ ආදරණීය සැමියාගෙන් මොන වගේ දායකත්වයක්ද ඔබට ලැබෙන්නේ?
ඔහු මම ගැන තබන විශ්වාසය ඒ හැම දේටම ශක්තියක් බව කිව යුතුයි. ඔහු මට එහෙම නීති – රීති පනවලා නැහැ. ඔහු කුඩා කාලේ ඉඳලා ඇමෙරිකාවේ හැදුණේ, වැඩුණේ. ඉතින් ඔහු මට කියන්නේ ලස්සනට අඳින්න. සතුටින් ඉන්න කියලා. මට කරන්න පුළුවන්නම් විතරක් නිර්මාණවලට සම්බන්ධ වීමට නිදහස දීලා තියෙන්නේ. ඔහුගේ ඒ විශ්වාසය මම හැමදාමත් හදවතින්ම රකිනවා.
නිරූපිකාවක් ලෙසට කටයුතු කිරීම ඒ තුළින් අහන්න ලැබෙන කතා ගැන මොකද හිතෙන්නේ?
එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරැදිවලට හැමෝම පලි නැහැ. නමුත් මිනිසුන් පිළිගන්නේ හැමෝම එකම විදියට. ඕනෑම ක්‍ෂේත්‍රයක වෘත්තියක වැරැදි සිදුවෙනවා. නමුත් කලා ක්‍ෂේත්‍රයේ ඉන්න අය ජනප්‍රිය නිසා කතා හදනවා වැඩියි. තමන් කරන දේ හරියට කරල හිටියොත් කාගෙන්වත් ප්‍රශ්නයක් නැහැ.
නිරූපිකාවක් වුණාම අනිවාරයයෙන් බිකිනි ඇඳිය යුතුමද?
එහෙම කියලා බලකිරීමක් නැහැ. තමන්ට කැමැති නම් අඳින්න පුළුවන්. නැතිනම් සරිලන පහසු ඇඳුමක් අඳින්න පුළුවන්. බිකිනි ඇඳලා ෆැජන්ට් ගියා කියලා එය අසාමාන්‍ය විදියට බලන එක වැරැදියි.
බෙලිවුඞ් සිනමා නිර්මාණයක අඩ නිරුවත් ලෙසට රඟපෑමට ආරාධනාවක් ලැබුණොත් ඔබට?
කිසිසේත්ම මම සම්බන්ධ වෙන්නේ නැහැ. අඩ නිරුවත්වලින් මට ජනප්‍රිය වෙන්න කිසිම වුවමනාවක් නැහැ. එහෙම ජනප්‍රිය වීමේ ආශාවක් තිබුණා නම් මම මෙයට කලින් සම්බන්ධ වෙලා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කරු කළකිරෙයි: UNP සාමාජිකත්වය එළියට දමයි

Next Post

JR සහ BR (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.