• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අකිල තුන්කොන් ආදරයක පැටලෙයි

August 29, 2020
in Heart
Reading Time: 1 min read
A A
අකිල තුන්කොන් ආදරයක පැටලෙයි
Share on WhatsAppShare on Facebook

කලා ක්‍ෂේත්‍රයේ අපි දකින සුවිශේෂී රාජ කුමාරයෙක් ලෙස ඔහුට දායාද හිමිවී ඇත. ඉතින් අකිල ධනුද්දර මේ දවස්වල විවිද නිර්මාණ කිහිපයකින් අපට හමුවෙනවා. හැබැයි ඉතින් ඔන්න නුදුරු දිනයකදී අකිලත් නැවැත පැවිදි දිවියට යන බව ආරංචියත් එක්ක ඒ කරුණු සියල්ලේ ඇත්ත නැත්ත සොයා දැනගැනීමට අපි ඔහුට කතා කළා. හැමදාමත් ‘මව්රට’ට ළෙන්ගතු අකිල අපේ ඇරැයුමට කතා කළේ මේ විදියට.
මේ දවස්වල අකිල පුංචි තිරයේ රජ පෙම්වතෙක් වෙලා නේද?
මම ඉතින් හැමදාමත් රාජ කුමාරයෙක් තමයි. ‘මහා විරු පාණ්ඩු’ ටෙලිනාට්‍යයේ මම හබරා ලෙසින් බුම්බක ගුතාට ආදරය කරනවා. කියන්න සතුටුයි ‘මහා විරු පාණ්ඩු’ ටෙලිනාට්‍ය දැන් ඉතාමත් ජනප්‍රිය තැනට ඇවිත්.
ඔබ එක පැත්තකින් රාජ කුමාරයෙක් තවත් පැත්තකින් සරණ ලෙසින් අප වෙතට ළංවුණා?
ඔබ ඔය අසන්නේ අද සිට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘ගරුඬ මුහුර්තය’ ටෙලිනාට්‍ය ගැන වෙන්න ඇති. ඇත්තටම ‘ගරුඬ මුහුර්තය’ ටෙලිනාටයට මම රංගනයෙන් දායක වුණා. ‘සක්කාරං’ ටෙලිනාට්‍ය වගේ සුපිරි වැඩක්. ඒ වගේම ඉතාමත් බලවත්. වැඩ කරන්න ලැබුණු ශිල්පීන්ගෙන් පවා සරණට ලොකු ශක්තියක් වුණා. අහිංසක චරිතයක්. කතාවේ සුන්දරත්වය අද සිටම විඳගන්න එතකොට දැනේවි.
ඔබව අප මෙතෙක් දැක්කේ ‘දෙහදක් බැඳුණු ආදරයක්’ තුළින්. නමුත් ප්‍රථම වතාවට තුන්කොන් ආදරයක පැටළුණු බව ආරංචියි?
දිගු දෑස, යකඩ දෝලි, දස්කොන්, ශ්‍රී රජ නිර්මාණ තුළ මම පෙම්වතියන් දෙන්නෙක්ට ආදරය කළා. නමුත් ‘ගරුඬ මුහුර්තය’ ටෙලිනාට්‍යයේ තුන්කොන් ආදරයක පැටළුණා. එක්කෙනෙක්ට හදවතින්ම ආදරය කරනවා. තවත් කෙනෙක් බලෙන් වගේ ආදරය ගන්නවා. සහා්දරියක් විදියට ආදරයෙන් බලාගන්න තවත් කෙනකුට ගමේ උදවිය මට කටකතාවක් හදනවා. ඔය විදියට තමයි සරණගේ තුන්කොන් ආදරය ගලාගෙන යන්නේ සුන්දර විදියට.
‘මහා විරු පාණ්ඩු’ අබරා චරිතය ඔබේ මේ ගෙවීයන ජීවිතයට හා සමානයි නේද?
ඇත්තටම ඔව්. මම දැන් තාත්තා කෙනෙක්. මගේ දුවට දෙන රැකවරණ, ආරක්‍ෂාව, ආදරය වගේම තමයි පාණ්ඩු කුමරුට මම දෙන ආරක්‍ෂාව ආදරය. මට ඒ වෙලාවට දැනෙන්නේ මගේ දරුවා රකිනවා වගේ සිතුවිල්ලක් තමයි.
උතුරා යන පිය සෙනෙහස ගලාගෙන යන අතරතුර තමයි ඔබ විවිධ චරිත මවන්නේ. කොහොමද ඔබ හිත එක්තැන් කරගන්නේ?
දුවව මට නිතරම මතක් වෙනවා. රූපගත කිරීම්වලට එළියට බහින කොට දුව මට වැඩියෙන් ආදරය කරන බව දැනෙනවා. දුවගේ ඉරියව්වලින් වචනවලින් විස්තර කරන්න බැරි අමාරු ලස්සන කාලයක තමයි මම මේ කාලය ගෙවන්නේ.
ඔබව අපට හමුවන්නේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටය හරහා. ඔබ දැන් ටෙලිනාට්‍යවලට මුල්තැන දී ඇති බව අපට දැනෙනවා?
එහෙම වර්ගීකරණයක් නැහැ. ඉදිරියේදී මම සම්බන්ධ වුණු චිත්‍රපට කිහිපයක් තිබෙනවා තිරගත වීමට. එකගෙයි සොකරි, දඩ ඉම, ශ්‍රී වික්‍රම රාජසිංහ, ගුත්තිල.
ජැක්සන් ඇන්තනී සුවිශේෂී රංගන ශිල්පියෙක් බව අප කවුරුත් දන්නවා. ඔහුගේ නිර්මාණවලට ඔබේ දායකත්වය ලබාදෙද්දී පිය-පුතු ගනුදෙනුව කොයිවගේද?
අපේ නිවෙසම කලාගාරයක්. තාත්තාගේ නිර්මාණවලට සම්බන්ධ වෙලා අපි වැඩ කරනකොට අනෙකුත් ශිල්පීන්ට වගේම ඔහුත් අපට ගුරුවරයෙක් විදියට කියලා දෙනවා කරන්න ඕනෑ දේවල්. හැබැයි විශේෂත්වයක් වන්නේ අනෙකුත් ශිල්පීන්ට වඩා අප්පච්චි කියන දේ අපට වටහා ගැනීමේ පහසුවක් දැනෙනවා අප්පච්චි එක්ක නිරන්තරයෙන් බැඳී සිටින නිසා.
අකිල ඉදිරියේදී පැවිදිවීමට යන බව ආරංචියි. ඇත්තද මේ කතාව?
බොහෝ දුරට ඇත්ත තමයි ඒ කතාව. හැබැයි මම පැවිදි වෙන පළමු අවස්ථාව නෙවේ මේ ‘ශ්‍රී රජ’ ටෙලිනාට්‍යයේ ධාතුසේන සාමණේර පොඩි හාමුදුරුවන්ගේ චරිතය නිරූපණය කළේ මම. හැබැයි ගොඩදෙනෙක් දන්නේ නැහැ ඒ මම කියලා. සංජීව පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය කරන සුවිශේෂී සිනමා නිර්මාණයක පැවිදි චරිතයකට මට ආරාධනා කළා. දැනට සිදුකරන වැඩකටයුතු හමාර කර එයට සූදානම් වීම තමයි මගේ සැලසුම.
ඇත්තට අකිල මොකක්ද මේ ඩබල් චිකන් කතාව?
ආ ඒ ඉතින් අපේ කෑම වට්ටෝරුව තමයි සෙට් එකේදි. මේ දවස්වල ‘මහා විරු පාණ්ඩු’ ටෙලිනාට්‍යයේ සෙට් එකේ පැතුරුණු කතාවක්. මමයි රිතු ආකර්ෂයි කන්න ගියාම මොනවාහරි දෙයක් දෙක ගානේ ගන්නවා. ඉතින් චිකන් කෑලිත් දෙක ගානේ බෙදා ගන්නවා. අපි ෂූටිං නැති දාටත් අපිට කියලා සුනෙත් අයියා, රුචිර චිකන් කෑලි දෙක ගානේ ගන්නවා. හරිම රසවත් කතා තියනෙවා සෙට් එකේදි ඉතින්.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මෙගා ඉවර වෙද්දි අපිත් නාකියි- ප්‍රේක්ෂකයොත් නාකියි

Next Post

ලග්නයට නොදෙවැනි නවාංශකයේ රහස්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.