කොළඹ නගරයේ පිහිටි රජයට අයත් සුඛෝපභෝගී ඇමති බංගලා 24ක් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහ තානාපති සේවයට යොදා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.Sri Lanka Latest News
මෙම ව්‍යාපෘතිය යටතේ ස්ටැන්මෝ චන්ද්‍රවංකය, මැකෙන්සි පාර, කැප්පෙටිපොළ මාවත සහ විජේරාම මාවත වැනි ප්‍රධාන පෙළේ කලාපවල පිහිටි බංගලා සිල්ලර වෙළඳාම, කැෆේ, ආපනශාලා, කුඩා හෝටල් සහ තානාපති කාර්යාල සඳහා වෙන් කිරීමට නියමිතයි.
මෙලෙස බංගලා පෞද්ගලික අංශය වෙත ලබාදීමේදී වසර 30ක බදු පදනම මත රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට ද රජය තීරණය වී තිබෙනවා..
මෙම සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ කෞතුකාගාර, විවේකී ස්ථාන සහ අවන්හල්වලින් සමන්විත ඇවිද යා හැකි සංස්කෘතික කලාපයක් හෙවත් “Cultural Loop” එකක් කොළඹ නගරය තුළ නිර්මාණය කිරීමයි.
මෙම බංගලා සඳහා ආයෝජකයන් තෝරා ගැනීමේදී විවෘත යෝජනා කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබෙන අතර විශේෂයෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බංගලාවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා..
මීට අමතරව විශේෂ මහාධිකරණ පිහිටුවීම සදහාද අමාත්‍ය බංගලා කිහිපයක් මේ වනවිටත් ලබාදී තිබේ.










