එජාපය සහ සජබයේ වෙන්වීම යනු හුදු පෞද්ගලික අමනාපකම් නිසා සිදුවූවක් මිස දේශපාලන ප්‍රතිපත්ති වෙනසක් මත සිදුවූවක් නොවේ. සජබයේ මිනිස්සු සහ නායකයන් සියල්ල යූ.ඇන්.පී.කාරයන් බව හැමෝම දන්නා කරුණකි. Sri Lanka Latest News
2019 සිට වෙන් වූවායන් පසු පරාජයන් මිස ජයග්‍රහණ ලැබුවේ නැත.
2022 රනිල් ජනාධිපති වූ පසු සජිත් ප්‍රේමදාස හට අගමැති වීමට කළ ආරාධනය ප්‍රතික්ෂේප කිරීම දක්ෂණාංශික කඳවුරට සජිත් විසින් කළ විශාල අගතියකි.
2024 දී එක්ව උඩින්ම ජයගැනීමට තිබූ මැතිවරණය කිහිපදෙනකුගේ පෞද්ගලික කෝන්තර නිසා බෙදී වෙන්වීමෙන් දක්ෂිණාංශික කඳවුරට අන්ත පරාජයක් හිමිවී බහුතරයක් නොමැති අනුර ජනාධිපති විය.
වෙච්ච සියල්ලෙන් පාඩම් ඉගනගතව තිබුණත් එසේ ඉගෙනගන්නා පාටක් පෙනෙන්නේ නැත.
රනිල් වික්‍රමසිංහව අනීතිකව සිරගත කළ අවස්ථාවේ සජිත් සහයෝගය දුන්නේ සහ රනිල් ළඟ පුතෙක් මෙන් හයියට හිටියේ ඔය කාගෙවත් ආරාධනා පත්‍ර නොමැතිව බව පක්ෂයේ සියල්ලන් මතක තබාගත යුතුමය.
සජිත්ට එදත් යොදාගත් වැඩ රාජකාරි තියෙන්න ඇති. හැබැයි සජබය සියල්ල නවතා රනිල් එළියට එනතෙක් රනිල් සමගම සිටි බව අමතක වී නැතැයි සිතමි.
එකතු වෙන්නේ නැත්තම් ‘එකතු වෙන්නේ නෑ’ කියා කෙළින් පැවැසිය යුතුය. එසේ නොමැතිව සජබ යූ.ඇන්.පී. පාක්ෂිකයන් කඩේ යැවීම නොකළ යුතුය.
එජාපයේ දැනට යොදාගත් සැමරුම් සහ ආගමික උත්සව අතරේත් එජාපයේ පණිවුඩය රැගෙන එක් අයෙක් හෝ සජබ මැයි රැලියට සහභාගි කරවීමේ නොහැකියාවක් පක්ෂයේ නැත.
බිම් මට්ටමේ සජබ යූ.ඇන්.පී. පාක්ෂිකයන්ට අවශ්‍ය මේ පක්ෂ දෙකේ එකතුවක් මිස 2015 මෙන් ආනයනය කරපු අපේක්ෂකයෙක් පොදු අපේක්ෂකයා කර දක්ෂිණාංශික කඳවුර බිමට සමතලා කරගැනීම නොවේ.
වෙන්වීම සුළු දෙයකි. හැබැයි වෙන් වීමත් සමගම පරාජයත් ඇති බව නායකයන් දැනගත යුතුය.
එක්වීම ඉතාමත් අපහසු නමුත් එය ජයග්‍රහණයේ ආරම්භයයි.
තව දින කිහිපයක් ඇත. එක්ව නැගිටිනවාද, වෙන්ව වැනසෙනවාද යන තීරණය ගැනීම නායකයන්ට භාරයි.
හැබැයි යූ.ඇන්.පී. සජබ පාක්ෂිකයන් එක්ව නැගිටින කඳවුරේ කකුල් දෙකම තියන් හිටගෙන සිටී.
ඔබතුමන්ලා මොන තීරණය ගත්තත් පක්ෂයේ අනාගතය රඳාපවතින්නේ පාක්ෂිකයන් මත මිස ඩීල්කාරයන් මත නොවේ.
Ruwin Fernando










