• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේකට හිනාවෙන්නෙ ජාතකේ නොදන්න එවුන්…! මඩ ගහන්න කලින් කුක්කුර ජාතකේ කියවපල්ලා…! Sri Lanka Latest News

May 1, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
මේකට හිනාවෙන්නෙ ජාතකේ නොදන්න එවුන්…! මඩ ගහන්න කලින් කුක්කුර ජාතකේ කියවපල්ලා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සාම පාගමනෙදී අනුරුද්ධ ලොකුහපුආරච්චි කැප්චර් කරපු ෆොටෝ එකකට බොහෝ දෙනෙක් මේ දවස්වල හිනාවෙනවා. ඒවා දැක්කම මට උන් ගැන ලොකු අනුකම්පාවක් ඇතිවුණා. තමන්ගෙම නොදන්නකමට, පටු මානසික තත්ත්වයටම තමයි උන් මේ හෑලි ලියන්නෙ. හිනාවෙන්නෙ. මේක ලියන්න හිතුවේ ඒ හින්දා. Sri Lanka Latest News

මම අදහන ආගමේ හැටියට කියනවා නම්, අපි උඹලා හැමෝම වගේ බුදු හාමුදුරුවොත් විවිධ ආත්ම භවයන්වල ඉපදිලා ඉඳලා තියනවා. කුක්කුර ජාතකේ තියෙන්නෙ බුදුහාමුදුරුවෝ සුනඛ ආත්මයක ඉපදිලා හිටපු කතාවක්.

මේ ලිපිය දික්වෙන හින්දා ජාතකේම කියන්න මම යන්නෙ නෑ. ඒත් නොදන්න ගොබිලොන්ගෙ දැන ගැනීමට කෙටියෙන් කතාව කියන්නම්.
බරණැස් රජ්ජුරුවො එයාගෙ මාලිගාවෙ උසස් කුලයේ බල්ලො ගොඩක් ඇතිකළා. දවසක් මාලිගාවෙ තිබුණ රජ්ජුරුවන්ගෙ අශ්ව කරත්තෙ ගාලට දාන්න අතපසු වෙලා මිදුලේ නතර කරලා තිබිලා වැස්සට තෙමුණා. තෙමුණට පස්සෙ කරත්තෙ සම්වලින් හදපු කොටස් පෙඟිලා, ඒවායින් හම් ගඳ වහනය වෙන්න ගත්තා. මේ හම් ගඳට ආකර්ෂණය වුණු මාලිගාවෙ උසස් කුලයේ බල්ලො මේ හම් කෑලි කෑලිවලට හපා කෑවා. උසස් කිව්වත් බලු ගති තියනවානේ.

ඊට පසුදා මේක ආරංචි වුණු බරණැස් රජ්ජුරුවන්ට යකා නැග්ගා. සේවකයන්ගෙන් ඇහුවාම රජවාසල සේවකයො කිව්වා දේවයන් වහන්ස වීදිවල ඉන්න බල්ලො කානු දිගේ මාලිගාවට ඇවිත් මේ වින්නැහිය කළාය කියලා. මේක කළේ මාලිගාවෙ රජ්ජුරුවන්ගෙ උසස් බල්ලො ටික කියලා සේවකයො රජාට කිව්වෙ නෑ.

මේකට මළ පැනපු රජ්ජුරුවො නියෝගයක් කළා, වීදි සුනඛයන් සේරම දුටු තැන මරලා දාන්න කියලා. අවසානයේ නගරයේ අසරණ බල්ලො සෑහෙන පිරිසක් ඝාතනයට ලක්වුණා. තවත් පිරිසක් අමු සොහොනට (කනත්තට) ගිහින් හැංගිලා ජීවිත බේරගත්තා. මෙතැන තමයි හිටියෙ කුක්කුර කියන නායක සුනඛයා. ඒ තමයි බෝධිසත්වයෝ.

එයා මේ ගැන වීදි සුනඛයන්ගෙන් කරුණු දැනගෙන අවසානයේ බරණැස් රජු හමුවෙන්න ජීවිත පරදුවට තියලා මාලිගාවට ගියා. ගිහින් ඇත්ත කතාව රජාට කිව්වා. අසරණ බල්ලන් මරාදමන එක නතර වුණේ ඊට පස්සෙ.

මේක තමයි නිධාන කතාව.
ඉතින් බුදු හාමුදුරුවොත් බල්ලෙක් වශයෙන් යම් ආත්මයක සිටියා නම්, මේ සාම පාගමනෙදි කහ සිවුරු එක්ක ආලෝකා ගමන් කිරීම කුමන වරදක්ද?
මට කියන්න ඕනෙ කතාව මේක නෙවෙයි….

ඔය සාම පාගමනෙදි වියට්නාම් හිමිවරුන් එක්ක පොමනේරියන්, ලැබ්‍රඩෝර්, ජර්මන් ෂෙපර්ඩ් වගේ ඇල්සේෂන් බල්ලෙක් ගියා නම් ඔය ආලෝකාට හිනාවෙන උන් හිනා වේවිද?
ඇත්තෙන්ම එහෙම වෙන එකක් නැහැ. ආලෝකාට හිනාවෙන්නෙ ඌ වල් බල්ලෙක් නිසා තමයි…

මම කියපු බරණැස් කාලෙ ඉතිහාස කතාවෙයි, අද සාම පාගමනේ යන ආලෝකාගේ කතාවෙයි යම් සමානකමක් මම දකින්නෙ මේ නිසා. එදත්, රජවාසලේ අශ්ව කරත්තෙ විනාශ කළාට මාලිගාවෙ හිටපු හොඳ උසස් බල්ලන්ට කිසි ප්‍රශ්නයක් වුණේ නෑ. රජවාසලේ බල්ලො කරපු දේවල් නිසා මැරුම් කෑවෙ පාරෙ හිටපු අහිංසක බල්ලො ටික.

යකුනේ, අදත් වෙන්නෙ මේකම තමයි. මේක අපේ සමාජෙට ගළපා ගත්තොත්, ලොකු ලොකු ඈයො මොන බලු වැඩේ කළත්, අපේ උන්ට ඒවා පේන්නෙ නෑ… උන් කරන ඒවටත් වන්දි ගෙවන්න වෙන්නෙ උඹලා අපි වගේ පොඩි පන්තියේ එවුන්ට තමයි. ඒක නිසා ආලෝකාට හිනාවෙන හැම එකාම හිනාවෙන්නෙ උඹලගෙ පන්තියේ එවුන්ටමයි, උඹලටමයි කියලා මතක තියාගනිල්ලා.
අනෙක අර උපාසක අම්මා ගැනත් යමක් කියන්න ඕනෙ. ලොකුහපුආරච්චි හරි, අනෙක් එවුන් හරි කියන විදියට ඒ උපාසක අම්මා වැන්දෙ ආලෝකාටමයි කියලා හිතමුකෝ. සමහර විට උඹලා ජාතක පොත හරි…. කුක්කුර ජාතකේ හරි කියවලා නැති වුණාට, ඒ උපාසක අම්මා සමහර විට ජාතක පොතේ කුක්කුර ජාතකේ කියවලා ඇති. එතුමියට ආලෝකා දැක්කම බෝධිසත්වයො මතක් වුණාද දන්නෙත් නෑනේ….

ඒත් මේ ඡායාරූපයේ ඇත්තම තාක්ෂණික කතාව ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයා එයාගේ ෆේස්බුක් පිටුවෙ පෝස්ට් එකක ලියලා තියනවා. ඒකත් කියවපල්ලා…

උපුල් ගලප්පත්ති

SendShareShare
Previous Post

මම නැති දවසක ශෙහාර පට්ට ගායකයෙක් කියලා ගූගල් එකේ තියෙන්න ඕනේ…! අවුරුදු තුනක් බලන් හිටියා…! මල් දෙන්න නම් ඕනේ තරම් අය ඉන්නවා.. ඒත් හැමෝම දෙන මල් ගන්නේ නැහැ…! ශෙහාර සඳරුවන් I Sri Lanka Latest News

Next Post

අනාගතය තීරණය වන්නේ පාක්ෂිකයන් මත මිස ඩීල්කාරයන් මත නොවේ! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.