• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වහාම අවසන් කළ යුතු GMOA Vs NALINDA දොස්තර යුද්ධය! බර අවි පාවිච්චි කරනකම් ඉන්න එපා! Sri Lanka Latest News

April 18, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
වහාම අවසන් කළ යුතු GMOA Vs NALINDA දොස්තර යුද්ධය! බර අවි පාවිච්චි කරනකම් ඉන්න එපා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජී.එම්.ඕ.ඒ.) සහ රජය අතර පැවැති විරසකය ඔස්සේ යුද්ධයක් දක්වා ඇවිළී ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් යළි විමසුමක් කළ යුතු යැයි මට සිතේ. ඒ එම සංගමයේ, රජයේ සහ විශේෂයෙන්ම අසරණ රෝගීන්ගේ යහපත උදෙසාය.

ජී.එම්.ඕ.ඒ. සහ රජය අතර යුද්ධය ආරම්භ කළේ කවුරුන්ද?
එය ආරම්භ කළේ රජයයි. නිදාගෙන සිටි ජී.එම්.ඕ.ඒ. සංගමය රජය විසින් අවදි කරනු ලැබුවේ වෛද්‍ය පත්වීම් සහ ස්ථාන මාරු ක්‍රමයේ වෙනසක් කිරීමට යාමෙනි.

රජය පවසන පරිදි මෙම ස්ථාන මාරු ක්‍රමයේ වෙනස්කම් කිරීමට හේතු මොනවාද?
ජී.එම්.ඕ.ඒ. නිලධාරීන් සහ ඔවුන්ගේ නෑදෑ හිතවතුන් තමන්ට රුචි පරිදි අවශ්‍ය ස්ථානවල වසර ගණනාවක් රැඳී සිටිමින් සියලු පහසුකම් ලබන අතරතුර, අනෙක් සාමාජිකයන් වෙනුවෙන් පෙනී නොසිටීම අසාධාරණයක් ලෙස රජය සැලකීම මෙයට හේතුවයි.

මෙයින් රජයට සිදුවන හානිය කුමක්ද?
මෙහිදී රජයට සිදුවන සෘජු හානියක් නොපෙනේ. නමුත් ජී.එම්.ඕ.ඒ. සාමාජිකයන් අතර කලකිරීමක් හටගෙන, ඔවුහු එම සංගමයෙන් ඉවත්වී වෙනත් වෛද්‍ය සංගම්වල පිහිට පැතීමට පෙලඹෙති. එසේ වුවද, රජයට තම දේශපාලන බලපෑම් මත වෛද්‍ය මාරුවීම් වෙනස් කර ගැනීමට නොහැකි වීම පිළිබඳ පසුතැවිල්ලක් තිබීමට ඉඩ ඇත.

ජී.එම්.ඕ.ඒ. මෙම මාරුවීම් ක්‍රමයේ වෙනස්කම්වලට විරුද්ධ වන්නේ ඇයි?
සමහර විට රජය පවසන පරිදි බොහෝ නිලධාරීන් සිය පෞද්ගලික වාසි ලබාගැනීමට උත්සාහ කරනවා විය හැක. නමුත් දුෂ්කර ප්‍රදේශවලට පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් යවා වසර දෙකක් එතැන රැඳී සිටීමට සැලැස්වීම වෙනුවට, අනෙකුත් වෘත්තීන්හි මෙන් දේශපාලන මැදිහත්වීම් මත ස්ථාන මාරු සිදුකිරීමට ඉඩ ලැබුණහොත් එය ජාතික අපරාධයක් වනු ඇත. දැනටමත් සිදුවී ඇති පරිදි, වෛද්‍යවරුන් නොමැතිකම නිසා දුෂ්කර පළාත්වල කුඩා රෝහල් සිය ගණනක් වැසීයාම වැළැක්විය නොහැකි වනු ඇත.
එමෙන්ම, එම දුෂ්කර ප්‍රදේශවලට පත්වීම් ලබන වෛද්‍යවරුන් රජයේ සේවයෙන් ඉල්ලා අස්වී, වඩා වාසිදායක නගරාසන්න ප්‍රදේශවල පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට හෝ විදේශගත වීමට පෙලඹීම නිසා මෙරට වෛද්‍ය හිඟය තවත් උග්‍ර වේ.

සටන් නැවැත්වීමට ජී.එම්.ඕ.ඒ. පාර්ශ්වයෙන් රජයෙන් ඉල්ලා සිටිය හැකි ඉල්ලීම් මොනවාද?

● දුෂ්කර සේවය
දුෂ්කර ප්‍රදේශවල සේවය පෙර පරිදිම පවත්වාගෙන යාම හෝ නිසි ක්‍රමවේදයකට අනුව සැබෑ දුෂ්කර ප්‍රදේශ හඳුනා ගැනීම. එමගින් සාමාජික වෛද්‍යවරුන් මුහුණ දෙන අපහසුතා අවම කරගත හැක.

● දේශපාලන බලපෑම්
වෛද්‍ය ස්ථාන මාරුවීම් සඳහා දේශපාලන බලපෑම් ඇති නොවන බවට රජය සහතිකයක් ලබාදීම. මෙයින් ජී.එම්.ඕ.ඒ. ඉල්ලීම් ඉටුවන අතරම දෙපාර්ශ්වයේම ආත්මභිමානය හා ගෞරවයද සුරැකේ.

සටන දිගටම ගියහොත් ජී.එම්.ඕ.ඒ. සතු ‘බර අවි’ මොනවාද?
දැනට බාහිර රෝගී අංශයට පමණක් සීමාවී ඇති වෘත්තීය ක්‍රියාමාර්ග, ක්‍රමයෙන් හදිසි අනතුරු අංශ, දැඩි සත්කාර ඒකක, සූතිකාගාර, ශල්‍යාගාර, ළමා රෝග ඒකක, පිළිකා ඒකක සහ ළය රෝහල් ඇතුළු සියලු සේවාවන් දක්වා ව්‍යාප්ත කරමින් රජයේ ප්‍රතිචාරයක් ලැබෙන තුරු සේවයෙන් ඉවත් වීමයි.

සටන දිගටම ගියහොත් රජය සතු ‘බර අවි’ මොනවාද?
● සේවය හැරගියා සේ සලකා වෛද්‍යවරුන් සේවයෙන් පහකිරීම.
● විදේශීය වෛද්‍යවරුන් ගෙන්වීම, විශ්‍රාමික වෛද්‍යවරුන් සේවයට බඳවා ගැනීම හෝ හමුදා වෛද්‍ය බළකායේ සහාය ලබාගැනීම.

මෙයින් ජනතාවට සේවය සැලසී සෞඛ්‍ය සේවය යහපත් මට්ටමක පවතිනු ඇත්ද?
එය ඉතා අවිනිශ්චිතය. ජී.එම්.ඕ.ඒ. සතුව විශාල වෛද්‍ය පිරිසක් සහ විශේෂඥ වෛද්‍යවරුන් සිටින බැවින්, රෝහල් කටයුතු පෙර පරිදිම සාර්ථකව පවත්වාගෙන යාමට නොහැකි වනු ඇත. ප්‍රතිකාර ප්‍රමාද වීම, සැත්කම් කල්යාම, දිගු පෝලිම් ඇතිවීම සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම වැනි බරපතළ ප්‍රතිවිපාක මෙයින් ඇති විය හැක.

විසඳුම
● රජය පැත්තෙන්
● වෛද්‍ය මාරුවීම් සඳහා දේශපාලන මැදිහත්වීම් නොකරන බවට ප්‍රසිද්ධ සහතිකයක් ලබාදීම.
● දුෂ්කර ප්‍රදේශ හඳුනා ගැනීමේදී සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසා එකඟතාවකට පැමිණීම. මන්ද වෛද්‍යවරුන් මුහුණ දෙන සැබෑ දුෂ්කරතා දන්නේ එම ප්‍රදේශවල සේවය කළ වෛද්‍යවරුන් මිස රජය හෝ සංගමයේ ඉහළ නිලධාරීන් නොවන බැවිනි.

වෛද්‍යවරුන්ගේ පහසුකම්
නිල නිවාස, ජලය, විදුලිය සහ ගමනාගමනය වැනි මූලික අවශ්‍යතා මෙන්ම, දරුවන්ගේ අධ්‍යාපනය, පවුලේ සාමාජිකයන්ගේ වගකීම් සහ රෝහලේ සේවක හිඟය වැනි කරුණුද මෙහිදී වැදගත් වේ. වෛද්‍ය සේවය යනු හුදු කාර්යාල සේවයක් නොව මිනිස් ජීවිත බේරාගැනීමකි. පහසුකම් නොමැතිව රෝගියෙකු මියගියහොත්, කුපිත වන ජනතාව ඉදිරියේ වෛද්‍යවරයාගේ හා ඔහුගේ පවුලේ අයගේ ජීවිත පවා අනතුරේ වැටේ.

අත්දැකීම් ඇසුරින්
වසර 4ක් දුෂ්කර කඳුකර රෝහලක එකම එම්.බී.බී.එස්. වෛද්‍යවරයා ලෙස, අවම සේවක පිරිසක් සහ පහසුකම් රහිතව මා අසරණ වූ වාර ගණන අනන්ත ය. රෝගියෙකු මියගියහොත් ඇති වන මරණ බිය පිළිබඳව මහජනතාව නොදන්නා නිසා ඔවුහු වෛද්‍ය සංහතියටම අපහාස කරති.

සාරාංශය
ජී.එම්.ඕ.ඒ. මාධ්‍ය සාකච්ඡා මගින් ජනතාවට සත්‍යය පැහැදිලි කළ යුතුය. රජය පවසන පරිදි යම් වරප්‍රසාද භුක්ති විඳින්නේ නම් ඒවා අත්හළ යුතුය. දෙපාර්ශ්වයම තමන්ගේ මාන්නය පසෙක තබා අසරණ ජනතාවගේ ජීවිත බේරාගැනීමට ප්‍රමුඛත්වය දිය යුතුය.
දෙපාර්ශ්වයම ‘බර අවි’ පාවිච්චි කර අසරණ ජීවිත මරුවාට ගොදුරු වුවහොත්, එම ජීවිත නැවත ලබාදීමට රජයට හෝ ජී.එම්.ඕ.ඒ. වෙත හැකියාවක් නැත. එම ගොදුර ඔබේම මව, පියා, දරුවා හෝ සමීපතමයකු විය හැකි බව මතක තබාගන්න.

විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ

SendShareShare
Previous Post

HSBC ලොක්කගේ බැරලය ඩොලර් 286ට ගත්තු කතාවට බිමල් චැලෙන්ජ් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත් අවසන් තීන්දුව ගනී! මැයි 01 වැනිදා කොළඹට මහ සෙනඟක්! Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.