වෙසක් පොහෝ දිනය හේතුකොට ගෙන මැයි දින පෙළපාළියක් නොපැවැත්වීමට මීට පෙර ගෙන තිබූ තීන්දුව අවලංගු කොට මෙවර මැයි දිනයේදී කොළඹට දැවැන්ත ජනතාවක් කැඳවා මැයි දින රැස්වීමක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇත.Sri Lanka Latest News
පසුගිය සතියේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පැවැත්වූ සූම් සාකච්ඡාවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම තීන්දුව ගෙන තිබේ.
එමෙන්ම එම මැයි දින රැස්වීමට සහභාගි වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන්ට ආරාධනා කිරීමටද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති බව දැනගන්න ඇත.











