• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනයට වට කර ප්‍රහාරයක්

August 24, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
චීනයට වට කර ප්‍රහාරයක්
Share on WhatsAppShare on Facebook

චීනය හොංකොං ප්‍රදේශයේ මානව අයිතීන් දරුණු ලෙස තුට්ටු දෙකට තල්ලු කර අසල්වැසි රටවලට සිය සන්නද්ධ බලය යොදමින් දාමරිකයකු මෙන් රඟපාන්නට පටන් ගෙන තිබේ. සිය ආර්ථික ශක්තිය මෙහෙයවා රටවල් බලෙන් නම්මා ගනිමින්ද චීනය සිය අරමුණ ඉටුකර ගැනීමේ නිවට තත්ත්වයටද පත්ව ඇත. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්විය යතු බවට ජාත්‍යන්තරයේ හඬක් ප්‍රතිරාව නැගෙන්නට පටන්ගත් කල්හි කළහකාරී මානසිකත්වයකට පත් බෙයිජිං (චීනය) ලෝකයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් යටකර දමමින් තර්ජනාංගුලියද එල්ල කරන්නේය. චීනයේ මේ සර්ව තර්ජනාත්මක හැසිරීම් රටාව ලෝකයේ සියලුම ජාතීන්ට එක්තරා පණිවුඩයක් වක්‍ර මාර්ගයකින් අතවනා කියා පාන්නකි. චීනය තවත් නාසි ජර්මනියක් වෙන්නට දඟලනවා. නුඹලා සියල්ලෝම ඊට එරෙහිව එකතු (සන්ධානගත) වෙයල්ලා යන්න ඒ පණිවුඩයයි.
ඔන්න ඔය කියන සන්ධාන ගතවීමක් සම්බන්ධයෙන් කිසියම් සංඥාවක්ද (ඉඟියක්) මතුවී තිබේ. එය රහස් සංඥාවක්, රහස් මුරපදයක් වැන්න. පදය, පසැස් (පංච අක්‍ෂි) – පස් + ඇස් යන්නය. මේ පසැස් යනු රටවල් පහක එකතුවකි. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය ඒ රටවල්ය.
එක්සත් ජනපදය හැරුණු විට සෙසු රටවල් පහ මේ දක්වාම චීනය සමග කිසියම් පයුරුපාසානයක් පවත්වමින් දෙපාර්ශවීය වශයෙන් සම්බන්ධතා පැවැත්වූවන්ය. එතකුදු වුවත් චීනය හොංකොං පළාත ඉලක්ක කර ඉදිරිපත් කළ ආරක්‍ෂක නීතිය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරන පසැස්වරු තම විරෝධී මතය දැඩි කර ගෙන සිටිති.
මේ අතරවාරයේදී දිව්පුර හෙවත් හොංකොං හැර දමා පලා එන සරණාගත පිරිසට ආරක්‍ෂා පහසුකම් සැපයීමට එක්සත් රාජධානිය සහ ඕස්ටේ්‍රලියාව ඉදිරිපත්ව ඇත්තා සේම කැනඩාව සහ නවසීලන්තය චීනය සමග ඇති කර ගෙන සිටින සිය ගිවිසුම් අත්හිටුවන්නට සූදානම්ය.
මේ රටවල් භාවිත කරන චීනයේ හුවාවේ පණිවුඩ හුවමාරු ක්‍රමය සම්බන්ධයෙන් ද භීතිය සැකය පාදක කරගෙන වාද විවාදවලටද අවතීරණය වී ඇත. ඇමරිකාව පවසන්නේ චීන හුවාවේ තාක්‍ෂණය යනු ඒ ඒ රටවල්වලට තර්ජනාත්මකව යොදවා ඇති චරපුරුෂ සේවයක් බවයි. මේ නිසා පසැස්වාදීහු හුවාවේ :5 භාවිතය ක්‍රමිකව අත්හැර දමමින් සිටිත්.
තම තාක්‍ෂණය යොදවා විදේශීය රටවල් නිෂ්පාදන කරන හුවාවේ වැනි උපකරකරණ මෙන්ම චිප්ස් වැනි මෙවලම් තම රටේ භාවිතය කිරීම ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්්‍රම්ප් විසින් තහනම් කරන ලද පාඩම පූර්වාදර්ශයක් කොටගත් ප්‍රංශයද හුවාවේ නිෂ්පාදන තම රටේ තහනම් කර තිබේ. එහෙත් ආරක්‍ෂක අවදානම පාලනය කළ නො හැකි අන්දමට විශ්වසනීයත්වයෙන් තොර තාක්‍ෂණ වේදයක් හුවාවේ මගින් ක්‍රියාත්මක කිරීමට චීනේ බල ගැන්වේ.
චීනය (බෙයිජිං) හුවාවේ ජාලයෙන් චරපුරුෂ සේවා ලබාගැනීමට මෙන්ම විපත්තිදායක ප්‍රතිපල ඇති කිරීමටද යොදා ගැනේ. හුවාවේ ආයතනයේ හිමිකරුවා චීනයේ විමුක්ති හමුදාවේ හිටපු නිලධාරියකු වූ රෙන් ෂෙන්ග්ෆිය. ඒ නිසා හුවාවේ පණිවිඩ හුවමාරු ජාලය වරපුරුෂ කාර්යය සඳහාත් බැහැරියනට අනර්ථකාරී විපත්ති අත්කර දීමට යෙදවීමක් යන කරුණු සමග රෙන් ෂෙන්ග්ෆිගේ හමුදා පසුතලයද ඇමරිකාව කිසිසේත්ම අමතක නොකරන්නකි.
චීනය වෙනත් රටවල රහස් දැන ගැනීම සඳහා සයිබර් තාක්‍ෂණය චරපුරුෂයකු ලෙස යොදා ගැනීම ජාත්‍යන්තරයේ පවත්නා ප්‍රසිද්ධ රහසකි. ඇමරිකාවේ රාජ්‍ය ආරක්‍ෂක අංශයේ ඇමරිකානු ඩොලර් බිලියන දෙසිය හැටහතරක් (2,64,00,00,00,000) වටිනා දත්ත තොගයක් දෙදහස් fදාළහ (2012) වර්ෂයේදී මේ චරපුරුෂ සේවය ලවා සොරාගත් බව අනාවරණය වූ එක් මගඩියකි.
චීනය ක්‍රියාත්මක කරන පරිගණක ජාල දුෂණ සහ වංචනික ක්‍රියා නිසා බොහෝ රටවල රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ ආයතනවල ව්‍යාපාරික සහ ආර්ථික කටයුතුවලට විශාල තර්ජනයක් පැන නැගී ඇත. චීනය දෙදහස් fදාළහේ (2012) සිට දෙදහස් දහඅට (2018) දක්වා කාලය තුළ ඇමරිකාවේ රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාරස්ථානවලින් සොරා ගන්නාද තොරතුරු පිළිබඳ දීර්ඝ ලේඛනයක්ද අමෙරිකාව විසින් ජාත්‍යන්තරයට මුදා හරිනු ලැබ තිබේ.
සයිබර් ආරක්‍ෂක විශේඥයකු වන ජෝ රොබින්සන් පවසන්නේ චීනයේ ක්‍රියාත්මක අනුන්ගේ පරිගණක දත්ත හොරා කන්නන් දෙදහස් නවයේ (2009) සිට දෙදහස් දහඅට දක්වා (2018) කාලය තුළ අවස්ථා පන්සියයක (500) දී තරම් ප්‍රමාණයක් මෙසේ හොරාකා ඇති බවයි.
චීනයේ මේ හොරකම්වලින් මිදෙන්නට රටවල් දහයක් (10) එක්ව ඩී 10 නමැති සමාජයක් ස්ථාපනය කිරීමට යෝජනා කර ඇත. දකුණු කොරියාව, ජපානය සහ ඉන්දියාව වැඩසටහනේ පුරෝගාමීන්ය. මෙහි අරමුණ චීනයේන් යැපීම අවම කර තමන්ගේ 5G තාක්‍ෂණය වර්ධනය කර ගැනීමය. මෙම වැඩ සටහන ජාත්‍යන්තර දේශපාලනයේ මහත් බලපෑමක් ඇති කරවන්නක් විය හැකි යැයි අපේක්‍ෂා කෙරේ.
මේ වන විට සෑම රටක්ම පාහේ මහත් අසරණත්වයකට මෙන්ම කිව නොහැකි විසඳිය නොහැකි අන්දමේ සෞඛ්‍ය අර්බුදයකට පාත්‍ර කර ඇති කොවිඞ් දහනමය (19) වසංකිරීම සම්බන්ධයෙන් සෑම රටකින්ම පාහේ චීනය විවේචනයට ලක් කරනු ලබන්නේය.
චීනයේ මේ අවකල් ක්‍රියාව ගැන වචනයක් හා් නොfදාඩා නොකියා ඒ පැත්තට මේ පැත්තට කොයි පැත්තට පනින්න දැයි සිතමින් වැට උඩට වී සිටින රටවල්ද ඇත. ඔන්න ඔය අන්දමට සිටින රටවල්වලට ඩී දහය සමාජයෙන් ආරාධනය කෙරෙන්නේ තම සමාජයට බැඳී අධිරාජ්‍යවාදී ඒකාධිපතිවාදී චීනයට එරෙහිව කෙරෙන සාමුහික සටනට අත්වැල් බැඳ ගැනීමට එක්වන ලෙසටය.
හුවාවේ තහනමෙන් රටවල් අපේක්‍ෂා කළ ඉලක්කය ඉටු වී තිබේ. ඒ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් පමණක් නොව චීනයේ රාජ්‍යපාලනයට යටත්ව ක්‍රියාත්මක කෙරෙන ප්‍රවෘත්ති මාධ්‍යටද තදින්ම බලපා ඇත. තහනම අප්‍රසන්නයි. වැරදියි. යනුවෙන් බි්‍රතාන්‍යයේ චීන තානාපති සියාවෝමිං පවසයි.
මේ වනවිට චිනය ගෝලීය දේශපාලනයේ ‘පරයකු’ වි ඇත. තායිවානය, ජපානය සහ වියට්නාමය යන රටවල චීනයේ ගුවන් සහ සාගරවල කෙරෙන සහ මෙතෙක් කළ ආක්‍රමණශීලී කටයුතු පිළිබඳව තොරතුරු රැස්කරයි. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය දත්ත ජපානය විසින් සොයනු ලැබේ.
මානව වර්ගයාට තර්ජනයක් වූ හිට්ලර්ට එරෙහිව ලෝකයම දෙවැනි ජගත් සංග්‍රාම සමයේදී පෙළ ගැසුණු අන්දමින්ම දැන් සිදුවෙන්නේද චීනයට එරෙහිව මුළු ලෝකයම අත්වැල් බැඳ ගැනීමය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

වටෙන්ම විරෝධතා එල්ලවද්දී ගෝඨා බය නැතිව අධිකරණය බාර දුන් කව්ද මේ ‘අලි සබ්‍රී’

Next Post

ජින්පින්ට එරෙහිව ට්‍රම්ප් සහ මෝඩි

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.