හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මහින්ද විජේසේකර මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට අද (4) මාතර කොටුවේ පිහිටි ඔහුගේ නිවසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේය.Sri Lanka Latest News
එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව සිටි කාලයේ දී මාතර, ගොඩපිටියේ දී එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 83 වැනි වියේ පසු විය. හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ පියාණන් වූ අභාවප්‍රාප්ත මහින්ද විජේසේකර මහතා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධුරය, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධුරය ඇතුළු තනතුරු රැසක් දරන ලදී.










