• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හැමදේම සිම්පල් ගත්තම සීරියස් සීන්වලට මගේ ලෝකේ ඉඩක් නෑ…! ඔළුව කුරුවල් කරන කම්ප්ලිකේටඩ් දේවල් මට වැඩක් නෑ! මගේ ලයිෆ් එකේ බොරු ෂෝ නෑ! පේෂල මනෝජ් I Sri Lanka Latest News

April 4, 2026
in Heart
Reading Time: 4 mins read
A A
හැමදේම සිම්පල් ගත්තම සීරියස් සීන්වලට මගේ ලෝකේ ඉඩක් නෑ…! ඔළුව කුරුවල් කරන කම්ප්ලිකේටඩ් දේවල් මට වැඩක් නෑ! මගේ ලයිෆ් එකේ බොරු ෂෝ නෑ! පේෂල මනෝජ් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංගීතයත් එක්ක ජීවිතය ගළපන කාටත් පේෂල මනෝජ් කියන්නේ අමුත්තෙක් නෙවෙයි. කලාව ඇතුළේ තමන්ටම ආවේණික වූ රිද්මයක් සලකුණු කළ ඔහු, හැමදාම උත්සාහ කරන්නේ තමන්ගේ ප්‍රේක්ෂකයන්ගේ මුවගට සිනහවක් ගේන්නයි. පේන විදිහටම හරිම චිල් එකේ ජීවිතය දකින පේෂල, මේ දවස්වල ඉන්නේ ළඟ එන සිංහල අලුත් අවුරුද්දත් එක්ක කාර්යබහුල වෙලා. ඉතින්, හැම වෙලාවෙම තමන් වටා ඉන්න පිරිස සිනහවෙන් පුරවන පේෂලගේ ඒ දුවන පනින කාර්යබහුල ජීවිතය අස්සේ වුණත් වෙනදා වගේම සිනහවෙන් පිරි මුහුණින් පේෂල අපිත් එක්ක එකතු වුණේ ඔහුගේ ජීවිතයේ අලුත්ම තොරතුරු ටිකක් බෙදාගන්නයි.Sri Lanka Latest News

කොහොමද පේෂල මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ පෝලිම්වලද?
පෝලිම්වලම ගෙවෙන්නේ නෑ. ඉතින් පෝලිමක් තිබ්බොත් ඉන්නවා. එහෙම නැතුව පෝලිමේම කියලා නෑ. මේ ප්‍රශ්නත් එක්ක සමහර වැඩ කැන්සල් වෙනවා, කල් යනවා ඉතින්, මේ දේවල් එක්ක ෂේප් එකේ වැඩ ටික කරගෙන යනවා.
උපන්දිනය ජයටම සමරන්න ඇති නේද?
උපන්දිනයේ තිබුණේ මාර්තු 21 වැනිදා. ජයටම නම් සමරන්න බැරි වුණා මොකද මට එදා වැඩක් තිබුණා. එහෙම විශේෂයක් කියලා සමරන්නේ නෑ කොහොමත්. වෙනද වගේම යාළුවොත් එක්ක එකතු වෙලා සමරන විදිහම තමයි. ඒ වගේම මතක් කරන්න ඕනෙ ගොඩක් අය මට සුබ පැතුම් එක් කරලා තිබුණා. ඉතින් ඒ හැමෝටම බොහොම ස්තුතියි.
ළඟ එන සිංහල අලුත් අවුරුද්දට කොහොමද ගෙදර අයගේ සූදානම?
සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අපේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයනේ. අපිත් සිංහල අලුත් අවුරුද්දට ගොඩක් කැමැතියි. මේ අපි අනිවාර්යයෙන්ම සිංහල අලුත් අවුරුද්දට සූදානම් වෙනවා. අපේ පොඩි අයට මේ අවුරුද්දට සින්දුවක් කරන්න ඕනෙ කියනවා. ඉතින් ඒක නිසා වෙනදට මේ වඩා අවුරුද්දට සූදානම් වීම ටිකක් වෙනස්.


මොකක්ද මේ සින්දුව?
සින්දුව අවුරුදු ආවා. තනුව, සංගීතය, පද රචනය සියල්ලම කළේ මම. ඒ වගේම කියන්න ඕනේ පළමු වතාවට මම ගීතයක පද රචනය කළේ. අපේ ලොකු පුතා ආදිත්‍යගේ පාසලේ යාළුවෝ කිහිපදෙනෙක්, තවත් ගැහැනු දරුවන් දෙතුන් දෙනෙකුයි එක්ක තමයි මේ සින්දුව කරන්නෙ. අපේ අභිමන් වගේම චතුරිකාලගේ බබා ආරාධනාත් සින්දුවේ ඉන්නවා. මෙයාල කට්ටියම එකතුවෙලා ලස්සන වැඩක් කරන්න තමයි යන්නේ. අප්‍රේල් මාසේ මුල සින්දුව රිලීස් කරන්න හිතාගෙන ඉන්නේ.
ගෙදරදී පූර්ණිකා එක්ක බැරෑරුම් කතාවක් කරද්දීත් ඔය හිනාවමද මූණේ තියෙන්නේ?
මම හැම දෙයක්ම සැහැල්ලුවටනේ ගන්නේ. ඒක නිසා කවුරුවත් මාත් එක්ක බැරෑරුම් කතාවක් කරන්නේ නෑ. ඇත්තටම අපේ ගෙදර එහෙම බැරෑරුම් දේවල් කතාවෙන්නෙ නෑ. ගොඩක් කම්ප්ලිකේටඩ් දේවල් මට ඔළුවට අමාරුයි. ඒක නිසා මම හැම දෙයකම සැර බාල කරලා තමයි ගන්නේ. මම හිතන්නේ ඒක ගොඩක් හොඳයි, මොකද අපි ගොඩක් දේවල් කලබල වෙලා දඟලලා ඕනෑවට වඩා හිතුවට ඇත්තටම ගොඩක් වෙලාවට අපරාදේ ඒවට කලබල වුණේ කියල හිතෙන තරමටම ඒ දේවල් ඉක්මනට විසඳෙනවා. එතකොට අන්තිමට හිතනවා කලබල වුණේ අපරාදේ කියලා. හිතන්න ඕනෙ දේවල් තියෙනවා, ඒ දේවල් ගැනත් හිතන්න ඕනෙ. හැබැයි හිතනවා කියන එක ඕනෑවට වඩා වදයක් කරගන්න හොඳ නෑ. ජීවිතේ කියන්නේ හරිම කෙටි දෙයක්. අපි උපරිම තව සිංහල අලුත් අවුරුදු 20ක් ජීවත්වෙයි. මේ ටික කාලෙ සැහැල්ලුවෙන් ඉන්න ඕනෙ.
පවුලේ සතුට සෝෂල් මීඩියා දාන්නේ ඇත්තටම සතුටට විතරමද?
මගේ ජීවිතයේ මම බොරුව පෙන්නන්නේ නෑ. මම ඇත්තටම දාන්නේ සතුටට විතරයි. මොකද එහෙම නැත්නම් දාන්න ඕනෙ නෑ නේ. අපිට බොරු ජීවිතයක් නැහැ. අපිට ඇත්ත ජීවිතයක් තියෙනවා. අපි හරි ලොකු මිනිස්සු නෙවෙයි. හැබැයි මම රැල්ලට යන්නෙත් නැහැ. මම රැල්ල බලලා ඒ පැත්තට පනින කෙනෙක් නෙවෙයි.
මේ දවස්වල පරණ මිතුරෙක් (ඉරාජ්) සමග එකම වේදිකාවක විනිසුරුවෙක් ලෙස කටයුතු කිරීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. පළමු වතාවට අපි දෙන්නා එකට විනිශ්චයකරුවන් ලෙස කටයුතු කරන්නේ. අපි එක පරම්පරාවේ අය. මොන දේ කළත් අපි අපේ කලාව කරන්න ඕනෙ. ඉරාජ් කියන්නේ හරිම දක්ෂ කලාකරුවෙක්. ඉරාජ් කියන්නේ මේ 2000 දශකයේ ආරම්භක අවස්ථාවේ වෙනස්කමක් කරපු මනුස්සයෙක්. ඒ වගේම ‘දෙරණ ටීන් ස්ටාර්’ කියන්නේ හරිම දක්ෂ දරුවන් ඉන්න තැනක්. මේ ළමයින්ගෙන් සංගීත ක්ෂේත්‍රයට අලුත් දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඔවුන්ව අගයන්න සහ ඔවුන්ගේ මේ ගමනට උදව් කරන්න අපිටත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම, නතාෂා, ඉරාජ් සහයෝගයෙන් මේ වැඩේ කරගෙන යනවා.
පරණ හිතවත්කම් තාම එහෙමම තියෙනවද?
ඔව් අපි කවදාවත් තරහ වෙලා නැහැ. මිනිස්සු හිතුවට දේශපාලන දේවල් නිසා අපි තරහයි කියලා අපි ඇත්තටම එහෙම තරහ නැහැ. සමහර වෙලාවට අපි දේවල් දාන්නේ කතාවෙලා. දැන් ඇත්තටම දේශපාලනඥයෝ තරහයි වගේ හිටියට එයාලා ඇත්තටම තරහ නෑනේ, ඒ වගේ තමයි අපිත්. ඒ කාලේත් අපේ හිතවත්කම හොඳට තිබුණා. ඒ වගේම තමයි ඉතින් තමන්ගේ ක්ෂේත්‍රය ඇතුළේ තරගයක් තියෙනවා. ඒවා පෞද්ගලික ජීවිතයට සම්බන්ධ කරගන්න නරකයි.
පේෂල ඇත්තටම සල්ලිවලට වඩා මිනිස්සුන්ගේ හිනාවට වැඩියෙන් ආදරෙයි නේද?
සල්ලි කියන එක සාපේක්ෂ දෙයක්නේ. අද තියෙන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන්. ගොඩාක් සල්ලි තිබුණමත් ප්‍රශ්න. සල්ලි නැති වුණාමත් ප්‍රශ්න. ඇත්තටම අපි ඉන්නේ බෞද්ධ රටකනේ. අපි හොඳට හිතලා බලලා බෞද්ධ දර්ශනයේ බුදු හාමුදුරුවෝ පෙන්නලා තියෙන මධ්‍යම ප්‍රතිපදාවට අනුව ජීවත් වෙන එක තමයි සැහැල්ලුම. මොකද ඕනෑවට වඩා සල්ලි තිබුණොත් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මම හැමතිස්සෙම කියන්නේ ජීවිතය කියන්නේ හරිම කෙටි දෙයක්. ඉන්න ටික කාලයේ හොදට කාලා බීලා කැමැති තැන්වල ඇවිදලා ළමයින්ට හොඳට උගන්නගෙන ඉන්න පුළුවන් නම් එච්චරයි නේ.
පේෂ්කාරා ගැනත් මතක් කරමුද?
අපි ජූනි මාසයේ අලුත් වැඩක් කරන්න සැලසුම් කරලා තියෙනවා. රටේ, ලෝකයේ, ගෙවල්වල තියෙන ප්‍රශ්න, විතරක් නෙමෙයි දැන් මේ රස්නෙත් එක්ක ඇතිවෙලා තියෙන දේශගුණික ප්‍රශ්නත් සමග මිනිස්සු ගොඩක් පීඩනයට ලක්වෙලා ඉන්නේ. ඉතින් ඔවුන්ගේ මනසට සුවයක් ලබාදෙන්න වෙනස්ම විදිහේ වැඩක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සංගීතඥයෙක්, ගුරුවරයෙක්, නිවේදකයෙක්…. මේ රෝල් හැම එකක්ම බැලන්ස් කරන්නේ කොහොමද?
මේ ක්ෂේත්‍ර තුනම සමස්තයක් ලෙස ගත්තොත් කලාව. මම නිවේදකයෙක් නම් නෙවෙයි මොකද නිවේදකයා කියන භූමිකාව සහ මම කරන භූමිකාව වෙනස්. ඇත්තටම මම විනෝදාත්මක වැඩසටහනක් කරන එන්ටර්ටේනර් කෙනෙක් විතරයි. එතැනදී ඒ විදිහට වැඩ කරගෙන යනවා. සංගීතය සම්බන්ධ දේවල්වලදී මම ඉගෙනගත් ශාස්ත්‍රය, මගේ අත්දැකීම් සමග ඒ ඒ අවස්ථාවට ගැළපෙන විදිහට වැඩකටයුතු කරනවා. විශ්වවිද්‍යාලයේදී හෝ මගේ ළඟට ඉගෙන ගන්න එන ළමයි සමග හරිම සුහදශීලී විදිහට මිත්‍රශීලීව ඔවුන් එක්ක එකතුවෙලා ගුරුගෝල සම්බන්ධතාව පවත්වනවා ගෙන යනවා. මම කියන්නේ අපි මිනිස්සු විදිහට හැම වෙලාවකම වතුර වගේ ඉන්න ඕනෙ. නිල්පාට තැනකින් ගලන විට වතුර නිල්පාට පාට වෙනවා. කහ පාට තැනකින් ගලන විට වතුර කහ පාට වෙනවා. මුකුත්ම නැති තැනකින් ඒ විදිහට ගලනවා. අපේ ජීවිතයේත් වතුර වගේ තියා ගත්ත නම් ජීවත් වෙන්න ලේසියි.
කට්ටක් කාලා, ගේමක් ගහලා අද ලංකාවම දන්න බ්‍රෑන්ඩ් එකක් වෙන්න ලැබුණු එක ගැන මොකද හිතෙන්නෙ?
ලෝකයේ ඕනෑම රටක ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා කියන එක ඇත්තටම ගොඩක් අමාරු දෙයක්. මොකද ඒක හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි. ඒ වගේම ලොකු පොඩි කියල නැහැ රටක ඉන්න ජනගහනයක් එක්ක ඒක ඕනෑම රටකට පොදුයි. මම ඉන්දියාවේ හිටපු කාලයේදී ඒ රටේ ඉන්න කෙල්ලො කොල්ලෝ රටේ ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න කොත‍රම් මහන්සි වෙනවද කියන එක මම දැක්කා. මම හිතන්නේ මේක මගේ පෙර පිනක්. ඉතින් ඇත්තටම මට ගොඩක් සතුටුයි. මට මෙතැනට එන්න උදව් කරපු මවුපියෝ ගුරුවරු මොකක් හෝ බලවේගයක් හරි තියෙනවා නම් ඒ හැම දේකටම ගොඩක් ස්තුතියි. ඒ වගේම තමයි නම හදාගන්නවාටත් වඩා අමාරුම දේ තමයි තමන් හදාගත්ත නම රැකගන්න එක. තමන්ගේ නම අවභාවිත නොවන ආකාර‍යෙන් හරි විදිහට පවත්වාගෙන යන එක ඉතාම වැදගත්.
ඉදිරියට අලුත් වැඩක් එහෙම කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
මේ වැඩ අතරතුරේ මම මගේ උසස් අධ්‍යාපන කටයුතු කරනවා. ඉන්දියාවේදී තමයි කරන්නෙ. මීට අමතරව මම ඉන්දියාවේ ක්ෂේත්‍රයත් එක්ක එකට එකතුවෙලා වැඩ වගයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව මගේ ඇකඩමි එක අලුත් තැනක අලුත් විදිහකට පටන් ගන්න මම සැලසුම් කරමින් ඉන්නවා.
දැන් මේ ලෝකයේ තියෙන තත්ත්වයත් එක්ක ලංකාවේ මියුසික් ඉන්ඩස්ටි්‍ර එකට මොන වගේ තත්ත්වයක් උදාවෙයිද?
ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට හැමදාම මොකක් හරි දෙයක් වෙනවානේ. එක්කෝ සුළි කුණාටුවක් හෝ ඇවිත් සංගීත ක්ෂේත්‍රය පසුබැස්මක් වෙනවා. ලෝකෙ තියෙන තත්ත්වය කොහොමත් කාලයක් යනකොට ඔහොමම නතර වෙනවා. ඉතින් මේකත් එක්ක ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ. ඒ මොනවා වුණත් මම කියන්නේ අපේ රටේ සංගීත ක්ෂේත්‍රය තුළ ගොඩක් නිර්මාණාත්මක වෙනස් විදිහේ අලුත් නිර්මාණ බිහිවිය යුතුයි. මේ වන විට අපේ රටේත් ගොඩක් දක්ෂ අලුත් කෙල්ලො කොල්ලො ගොඩක් ඉන්නවා. පැරණි අයත් ඒ වගේමයි. අපි ඉතින් නිතරම අලුත් අලුත් විදිහේ දේවල් කළ යුතුයි. නමුත් ඒක විවිධාකාරයෙන් උස් පහත් වෙනවා, ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ.
රටේ ආර්ථිකය දරුණු තත්ත්වයකට හැරෙමින් පවතින්නේ, ඒක ගැනත් අදහසක් දැක්වුවොත්?
අපේ රටේ මිනිස්සු අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණ ගන්නේ නෑ. ඔවුන් හැම වෙලාවකම රැල්ලටම වැඩ කළේ. කවුද මේ වෙලාවෙ රැල්ලට යන්නේ ඒ රැල්ලට හැරෙන එක තමයි කළේ. ඉතින් ඒකෙ ප්‍රතිවිපාක විඳින්න වෙනවා. මොනයම් හෝ ක්ෂේත්‍රයක නිශ්චිත සැලසුමක් ඉදිරිපත් කරන පුද්ගලයෙක් ඉන්නවානම් මිනිස්සු ඒවට ඇහුම්කන් දෙන්නේ නැහැ. මිනිස්සු නිතරම ඕපාදූප කතා අහන්නයි කැමැති. අපේ රටේ ආර්ථික ප්‍රශ්න මේ තියෙනවා වගේ හැමදාම තියෙයි. තව ටික කාලෙකින් තව කවුරු හරි අලුතින් ආවොත් මිනිස්සු ඒක පස්සෙන් යයි. ඕක තමයි හැමදාම වෙන්නේ.
අවසන් වශයෙන්, ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ?
ප්‍රේක්ෂකයෝ නිසා තමයි අපි අද මෙහෙම ඉන්නේ. මග තොටකදී හමුවුණත් හරිම සුහදශීලී ලෙස ආදරණීයව කතාබහ කරනවා. ඉතින් ඒ ආදරේට ගොඩක් ස්තුතියි. අමරදේව සූරීන් කියනවා වගේ කලාකරුවා කියන්නේ මාළුවෙක් නම් ප්‍රේක්ෂකයා කියන්නේ ජලයයි. ප්‍රේක්ෂකයෝ නැත්නම් කලාකරුවන්ගෙන් වැඩක් නැහැ. මට කියන්න තියෙන්නෙ හැමදේම හැම වෙලාවෙම ධනාත්මකව හිතන්න. මේ ඉන්න ටික කාලේ හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න කියන එක තමයි මගේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ.

තිලක්ෂි බස්නායක


SendShareShare
Previous Post

ඇමෙරිකා – ඉරාන යුද්ධය අස්සෙදි ලංකාවේ උපත ලැබූ ඇමෙරිකන් සෙබළෙකුත් මියගිහින්! Sri Lanka Latest News

Next Post

ටයි කෝට් දාගෙන ගහගෙන කොළඹට වෙලා පක්ෂ නායකයාවයි පක්ෂෙයි හෑල්ලු කර කර ඉන්න සජබෙ ඉදිරි පෙළේ කියන එවුන් දෙතුන් දෙනාට තරු පේන්න මෙන්න අනුරාධපුරේ සජබෙ නායකයෝ දෙන්නා පෙරටුකොටගෙන මහා සෙනගක් පාරට බහී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පහුගිය කාලයක් තිස්සේ අපි ‘අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති’ කියන වාක්‍යය කරේ තියාගෙන දුර ගියා. ත්‍රීවීල්වල පිටිපස්සේ මේ වචන ටික අලවගත්තා....

Read more
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.