• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔස්ටේ්‍රලියාවේ ඉඳන් කි.මී. 13,000ක් ගෙවා වනචාරී කොල්ලෙක් හොයාගෙන ඇමසන් කැලෑන්‍ මැදට ගිය පොඩි කෙල්ලෙක්! අඳුනගෙන තියෙන්නේ ඉන්ස්ටග්‍රෑම්වලින්! ආදරෙ ආදරේ පුදුම ආදරේ….! Sri Lanka Latest News

April 4, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ඔස්ටේ්‍රලියාවේ ඉඳන් කි.මී. 13,000ක් ගෙවා වනචාරී කොල්ලෙක් හොයාගෙන ඇමසන් කැලෑන්‍ මැදට ගිය පොඩි කෙල්ලෙක්! අඳුනගෙන තියෙන්නේ ඉන්ස්ටග්‍රෑම්වලින්! ආදරෙ ආදරේ පුදුම ආදරේ….! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ලෝකයේ භයානකම සහ විශාලතම වනාන්තරය ලෙස සැලකෙන ඇමසන් වනාන්තරය ගැන මම විස්තර අහලා තිබුණා. එහි සිටින භයානක වන සතුන් සහ විවිධ අපූරු චාරිත්‍ර සහිත ගෝත්‍රික ජාතීන් ගැනත් අහලා තිබුණා. ඒත් කිසිවක් ඇසින් දැක හෝ අත්දැක හෝ තිබුණේ නැහැ. මම ඇමසන් වනයට යන්න ගත් මේ තීරණය විටෙක මටම සිතාගන්න බැහැ. ඒ වගේම මම කවුරු හමුවෙන්න යනවද කියලත් මට අදහා ගන්න බැරි වුණා. ඒ සුවිශේෂ මිනිසා ගැන මම තව ටිකකින් කියන්නම්. මම මේ ගමන සැතපුම් 9,000ක් නොහොත් කි.මී. 13,000ක දුරක්, පැය 30ක කාලයක් ගතකරමින් දවස් 3ක් පුරා ආවා. මගේ උපන් රට වන ඔස්ටේ්‍රලියාවේ සිටයි දකුණු ඇමෙරිකාවේ මේ මහා වනාන්තරයට ආවේ. මම මේ තරම් මහා කැපකිරීමක් කළේ මගේ ආදරවන්තයා හැබැහින් දැකගන්නයි. මම ඒ ප්‍රාර්ථනාව ඉටුකර ගත්තා. ඔහු මේ ඇමසන් වනයේ ජීවත්වන තරුණයෙක්. එයා සැබෑ ඇස් දෙකෙන් දකිනකම් මට ඉවසීමක් නැති වුණා…’Sri Lanka Latest News

කුමක්ද මෙලෙස ඇසෙන ප්‍රේමණීය කතාන්දරය? එය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙම අපූරු ආදර කතාව අපට ඇසෙන්නේ ඔස්ටේ්‍රලියාවෙනි. එනම් මෙයට දින කීපයකට ඉහතදී ඇසුණු එම කතාව කියා සිටියේ සුන්දර ඔස්ටේ්‍රලියානු ජාතික තරුණියක විසිනි. 26 වැනි වියේ පසුවන ඇයගේ නාමය වන්නේ ජෝර්ඩන් හොසෙන්චයිල්ඩ් (Jordan Hauenschild)ය. ඇයගේ මෙම ආදර කතාව සැබැවින්ම මහත් ආශ්චර්යයක් ඇතිකරවන එකකි. පසුගිය දිනක ඇතිවූ මෙම සිදුවීම මේ වනවිට මුළුමහත් ලෝකය පුරාම විශාල ආන්දෝලනයක් ඇතිකිරීමට සමත්ව ඇත. මෙම අපූරු සිදුවීම ගැන ඇයගේ වදනින්ම තවදුරටත් අසා සිටිමු.

‘දවසක් රාත්‍රියේදී මම අන්තර්ජාලයේ ඉන්ස්ටග්‍රෑම් බලමින් සිටින විටදී එක්තරා විශාල දුරබැහැර ප්‍රදේශයක සිටින තරුණයකු හදිසියේම දකින්න ලැබුණා. මොහු සිටින්නේ සාමාන්‍ය දුරබැහැරක නොවන බව මට තේරුම් ගියා. ඒ කියන්නේ දකුණු ඇමෙරිකාවේ, ඉක්වදෝරය නමැති රටේ තිබෙන ඇමසන් මහා වනාන්තරයේ ජීවත් වන එක්තරා තරුණයකු මෙලෙස මා සමග ඉන්ස්ටග්‍රෑම් හරහා කතාබස් කරන්නට ගත්තා. එහෙත් ඔහු ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. වෙනත් ගෝත්‍රික භාෂාවක් වගේ කතා කරන්නේ. මම කතාකරන ඉංග්‍රීසි භාෂාව ඔහුට තේරුම් ගන්න බැහැ. ඒ වගේම ඔහුගේ ගෝත්‍රික ඉක්වදෝර භාෂාව පරිවර්තනය කරගන්න ක්‍රමයක් තිබුණෙත් නැහැ. ඒත් මම අධෛර්යමත් වුණේ නැහැ. මම දවස් ගණනාවක් මේ ආගන්තුක තරුණයා සමග සංඥා භාෂාවෙන් කතා කරන්නට ගත්තා…’

ජෝර්ඩන් නමැති මෙම සුරූපී තරුණිය තම විස්මිත කතාව මෙසේ කියා සිටින්නේ විදෙස් මාධ්‍ය ආයතන කිහිපයක් වෙතය. ඇයගේ කතාව තවදුරටත් ගලා යයි.
‘අපි දෙදෙනා සංඥා භාෂාවෙන් කතා කරලා බොහෝ කරුණු අවබෝධ කරගත්තා. ප්‍රධාන වශයෙන් අපේ වයස ගැන අවබෝධ කරගත්තා. මේ තරුණයාගේ වයස අවුරුදු 24ක් බවත්, මම 26 හැවිරිදි බවත් අවබෝධ වුණා. අපි මුලින් අපි දෙදෙනාගේ නම් ප්‍රකාශ කරගත්තා. ඔහුගේ නම පිටියුරුක් (Pitiuruk) බැව් කියා සිටියා. ඔහු ජීවත් වන ප්‍රදේශය ඉක්වදෝරයේ පස්ටාසා නමැති නගරයේ ඇමසන් වනාන්තරය කේන්ද්‍රගතව තිබෙන ප්‍රදේශය බව අවබෝධ කරගත්තා. මමත් විවාහ නොවුණු තරුණියක් වන අතර, ඔහුත් විවාහ නොවුණු තරුණයෙක් බව තේරුණා. මේ නිසාම ටික දිනකින් අපි අන්තර්ජාලය හරහා අපේ හැඟීම් බෙදාගන්න පෙලඹුණා. සත්‍ය ලෙසම ඔහු කඩවසම් තරුණයෙක්. අපි දෙදෙනා මෙහෙම මාස දෙකක් විතර ඉන්ස්ටග්‍රෑම් හරහා ගනුදෙනු කළා. ඇමසන් වනාන්තරයේ ජීවත්වන තරුණයෙක් සමග මම කරන්නේ කුමක්දැයි මටම පුදුම වුණා. කෙසේ වුණත් එහු එහි ජීවත් වන්නේ තමන්ගේ මවුපියන් සමග බවත් අවබෝධ කරගත්තා. මමත් ජීවත් වන්නේ මගේ මවුපියන් සමගයි. කාලය ටිකෙන් ටික ගෙවිලා යද්දී අපි දෙදෙනා ප්‍රේමවන්තයන් බවට පත්වුණා. එහෙත් මට තවදුරටත් මේ කතාව දුරකතනයට පමණක් සීමා කරන්න බැරි වුණා. මට ඕනෙ වුණා මේ තරුණයා හැබැහින් දැකගන්න. ආශ්‍රය කරන්න. මම ඒ නිර්භය තීරණය ගත්තා…’

දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. ජෝර්ඩන් හොසෙන්චයිල්ඩ් නමැති මෙම සුදු ඔස්ටේ්‍රලියානු තරුණිය තම සිත්ගත් ගෝත්‍රික ඇමසන් වනාන්තර තරුණයා සොයා යෑමට තීරණය කරන්නීය. තමාගේ අදහස තම පවුලේ අයට පැවසීමෙන් පසුව ඇය තම ත්‍රාසජනක ගමන යෑමට පටන් ගත්තාය. ඇයගේ මෙම ගමන අපට සිහිපත් කරන්නේ දැනට වසර 100කට ආසන්න කාලයක් පුරා ලෝක සිනමාවේ කතාබහට ලක්වන ‘ටාසන්’ නමැති වීර චරිතයයි. එනම් එක්තරා ඝන වනාන්තරයක වෙසෙන තරුණ වීර චරිතයක් වටා මෙම සිනමා නිර්මාණ නිමවුණේය. එම තරුණයාට හමුවුණු නගරයක වෙසෙන ‘ජේන්’ නමැති තරුණියක් හා ආදර කතාවක් ගොඩනැගෙන අයුරු මෙම සිනමා කතා කියා සිටී. මෙම චිත්‍රපට මාලාව 1916 වසරේ සිට 2016 වසර දක්වාම සියවසක් පුරා සිනමා නිර්මාණ රාශියකින් සමන්විත විය. ‘ටාසන්’ නමැති කල්පිත චරිතය ලොව වටා ජනප්‍රිය වූයේ ඒ ආකාරයටය. එලෙස අතීතය සිහිපත් කරන නූතන යුගයේ ආදරවන්තියක් තම ප්‍රේමණීය නව යුගයේ ‘ටාසන්’ සොයා ගියේ ඒ ආකාරයටය. ඒ අනුව ජෝර්ඩන් නමැති තරුණිය තම රට වන ඔස්ටේ්‍රලියාවේ සිට සැතපුම් 9,000ක් නොහොත් කි.මී. 13,000ක් දුර ගෙවා රටවල් තුනක් හරහා ඇමසන් වනාන්තරයට පැමිණියාය. මෙම අතිදුෂ්කර ගමන සඳහා දවස් තුනක කාලයක පැය 30ක් ගතව ඇත. තවද ගුවන් ගමන්, නැව් ගමන් මෙන්ම බස් රථ සහ ජීප් රථ ගමන්ද ඒ සඳහා භාවිත කෙරී ඇත.

සැබෑ ආදරය උදෙසා මෙවැනි නිර්ව්‍යාජ කැපකිරීම් අසන්නට ලැබෙන්නේ බොහෝ කලාතුරකිනි. මෙම කතාවද ඉන් පවා බොහෝ ඔබ්බට ගිය විස්මයජනක එකකි. කෙසේ හෝ ජෝර්ඩන් නමැති මෙම සුදු තරුණිය තම ආදරවන්තයා සොයා ගියේ ඇමසන් වනාන්තරයටය. ඇය ඉහත දුෂ්කර ගමන නිමකර තම ආදරවන්තයා දකින විටදී අදහාගත නොහැකි ප්‍රේමණීය දසුන් මැවෙන්නට වී ඇත. ඇය වනාන්තරය මැද ඇති එම නිවසට යන විටදී තරුණයාගේ ගෝත්‍රික පවුලේ සාමාජිකයන් විසින් ඇය මහත් ගරු සත්කාරයෙන් පිළිගෙන ඇත. එසේම තරුණිය ඔහු සමග සමීප ප්‍රේමයෙන් ශාරීරිකවද වෙළී ඇති අතර, ඇය සති දෙකක් පුරා එම තරුණයාගේ නිවසේ වාසය කර ඇත. වනාන්තරයේ සුන්දරත්වය සහ සතා සිවුපාවුන් සමග ඇය ගතකර ඇත්තේ අපූරු ජීවිතයකි. ජෝර්ඩන් තරුණියගේ ඉදිරි බලාපොරොත්තුව වන්නේ ඉදිරි කාලයේදී ඇමසන් ගෝත්‍රික තරුණයා සමග විවාපත් වීමටය. එසේම ඉන් පසුව තම ඔස්ටේ්‍රලියාවේ ජීවිතය හැරදමා ඇමසන් වනාන්තරයේ ජීවත් වීම ඇයගේ බලාපොරොත්තුවයි. එසේ නොමැතිව ගෝත්‍රික තරුණයා සමග ඔස්ටේ්‍රලියාවේ ජීවත් වීමට ඇයට ආශාවක් නැත. ඇයගේ ආශාව වී ඇත්තේ වනාන්තරයේ සැබෑ ‘ටාසන්’ කෙනකු සමග ආදරයෙන් වෙළෙන්නටය. ඇය දැන් එම පැතුම ඉටුකර ගෙන හමාරය. ඇයගේ මෙම සැබෑ කතාව දැනට ලෝකයේ මිනිසුන් ලක්ෂ 70ක් මේ වනවිට අන්තර්ජාලයෙන් නරඹා ඇත.
ප්‍රියන්ත හෙට්ටිගේ

මෙම තරුණයාට සහ තරුණියට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට ඇමසන් වනාන්තරය මැදට ජංගම දුරකතන සංඥා තිබුණේද යන්න විටෙක පැනනගින ප්‍රශ්නයක් වෙයි. කෙසේ හෝ එම ගෝත්‍රික ජන නිවාස ගණනාවක් පිහිටා ඇති ප්‍රදේශයට සමීප ‘පස්ටාසා’ නගරය මධ්‍යයේ ජංගම දුරකතන කුලුනක් පිහිටා ඇත. ඒ හරහා ජංගම දුරකතන සංඥා ලබාගැනීමට හැකිවී ඇත. එම සංඥා පවා විටෙක ලැබෙන අතර, තවත් විටෙක ඇනහිටින බවත් කරුණු ප්‍රකාශ වෙයි. එනම් විනාඩි ගණනාවක් පමණ ක්‍රියාශීලීවී පසුව පැය ගණනාවකට එම සංඥා අඩපණ වීම සිදුවෙයි. ඇමසන් වනාන්තරය තුළ සංචාරක ව්‍යාපාරය උදෙසා ස්ථාපිතව ඇති කුඩා හෝටල් සඳහා සැටලයිට් තාක්ෂණයේ දුරකතන පහසුකම් ඇති බවද පැවසෙයි. ඒ කෙසේ වුවද අතිශය දරුණු ඇමසන් ඝන වනාන්තරය මධ්‍යයේ කිසිදු දුරකතන සංඥාවක් නැත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

වී මිල ප්‍රශ්න.. පොහොර ප්‍රශ්න.. වතුර ප්‍රශ්න මැද සජිත් හම්බන්තොට ගොවියො හමුවෙයි! ගොවියො පෝලිමේ ඇවිත් සජිත්ට දුක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ජේ.ආර්. ආණ්ඩුව දණගැස්සූ දින 29ක හෙද වැඩවර්ජනය! තුම්මුල්ලේ උපවාස කළ හිමිවරුන් හත්දෙනා මහ රෑ කුදලාගෙන ගිහින් බොරැල්ලේ කනත්තේ ගැටගහයි! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.