පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳසැල් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අඛණ්ඩව වැටලීම් සිදුකරනු ලබයි.Sri Lanka Latest News
ඒ අනුව, උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධව ඊයේ (2026.03.30) දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවකදී එම වෙළෙන්දා ඒ සඳහා වරද පිළිගැනීමෙන් පසු රුපියල් ලක්ෂයක (රු. 100,000/-) දඩ මුදලක් නියම කිරීමට අධිකරණය කටයුතු කර ඇත.










