• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හීන පස්සේ පන්නන රෙදිමෝලවත්තේ සයාගි..! පොඩි කාලේ ඉඳන්ම හීනය වුණේ ගායකයෙක් වෙන්න…! මගේම සින්දු කිහිපයක්ම ඉස්සරහට එනවා…! ඉඳුවර සයාගි I Sri Lanka Latest News

March 29, 2026
in Heart
Reading Time: 2 mins read
A A
හීන පස්සේ පන්නන රෙදිමෝලවත්තේ සයාගි..! පොඩි කාලේ ඉඳන්ම හීනය වුණේ ගායකයෙක් වෙන්න…! මගේම සින්දු කිහිපයක්ම ඉස්සරහට එනවා…! ඉඳුවර සයාගි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මගේම සින්දු කිහිපයක්ම ඉස්සරහට එනවා…

සංගීතයේ රිද්මයෙන් ජීවිතය අරඹා, රංගනයේ සජීවී ඉරියව්වලින් මුළු රටකම ආදරය දිනාගත් ඔහු, අද වනවිට ටෙලි තිරයේ නොමැකෙන සලකුණක්. ගායකයෙකු හෝ නළුවෙකු පමණක් නොව, නිවේදන කලාව තුළද තම අනන්‍යතාවය සනිටුහන් කරන ඔහු, තාරුණ්‍යයේ නවතම ආකර්ෂණයයි. ‘රොන් සොයා‘ ටෙලිනාට්‍යයේ ‘ඉඳුවර සයාගි‘ ලෙසින් ඔබ හමුවට එන, හීන පස්සේ නොනවත්වා හඹායන ඒ අපූරු තාරුණ්‍යයේ හඬ, ඉඳුවර සයාගි සමග අද අපේ කතාබහ…Sri Lanka Latest News

කවුද මේ සයාගි?
සයාගි කියන්නේ හැමවෙලේම ජීවිතයේ අලුත් අත්දැකීම්වලට ආදරය කරන, හැම දෙයක් දෙසම ධනාත්මකව බලන චරිතයක්. අද වනවිට මම ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වගේම හිරු ටීවී ‘හිරු ටොප් ටෙන්’ වැඩසටහනේ නිවේදකයෙක් විදිහටත් ප්‍රේක්ෂකයන් අතරට එනවා. කෙටියෙන් කිව්වොත් මම මගේ හීන පස්සේ නොනවත්වාම හඹායන කෙනෙක්.
ගායකයෙක් විදිහට ආපු ගමන නළුවෙක්ගෙන් නතර වුණේ කොහොමද?
ඇත්තටම මගේ පොඩි කාලේ ඉඳන්ම තිබුණු ලොකුම හීනය වුණේ ගායකයෙක් වෙන එක. ඒ හීනයත් එක්ක තමයි මම ‘හිරු ස්ටාර්’ වේදිකාවට එන්නේ. රංගන ශිල්පියෙක් වෙන්න මට අවස්ථාව ලැබෙන්නේ ඒ ගමනේ ප්‍රතිඵලයක් විදිහටයි. මේ අවස්ථාවේදී මම හිරු නාලිකාව වගේම නිවන්ත ප්‍රසාර සර්ව ගොඩක් ආදරයෙන් මතක් කරනවා, මොකද ඔවුන් තමයි මගේ ඇතුළේ හිටපු නළුවාව හඳුනාගෙන මට මේ වගේ වටිනා අවස්ථාවක් ලබා දුන්නේ.
රංගනය කියන්නේ කලින් ඉඳන්ම තිබුණු ආසාවක්ද?
අවංකවම කිව්වොත් මට රංගනය ගැන ලොකු ආසාවක් තිබුණේ නැහැ. හැබැයි මම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට බලන්න හරිම ආසයි. මම ජීවිතේ අලුත් අත්දැකීම් ගන්න කැමැති කෙනෙක් නිසා, රංගනය කියන අභියෝගයත් මම භාරගත්තා. අද වනවිට මම ඒ ක්ෂේත්‍රයටත් ගොඩක් ආදරය කරනවා.
‘රොන් සොයා’හි සයාගි ගැන කතා කළොත්?
‘රොන් සොයා’ ටෙලිනාට්‍යයේ මගේ චරිතයේ නමත් සයාගි. ඇත්තටම කිව්වොත් මේ චරිතය මගේ සැබෑ ජීවිතයට ගොඩක් සමීපයි. වෙනසකට තියෙන්නේ පරිසරය විතරයි. ටෙලිනාට්‍යයේ අපි ඉන්නේ රෙදිමෝලවත්ත කියන පරිසරයේ. රෙදිමෝලවත්ත පරිසරය විතරයි වෙනස්, සැබෑ ජීවිතයේ සයාගි සහ ටෙලිනාට්‍යයේ සයාගි කියන්නේ දෙන්නෙක් නෙමෙයි, එක්කෙනෙක්. මගේ සැබෑ ගතිගුණ සහ ටෙලිනාට්‍යයේ සයාගිගේ ගතිගුණ සමාන නිසා මට වෙනම චරිත අධ්‍යයනයක් කරන්න අවශ්‍ය වුණේ නැහැ. හරිම සැහැල්ලුවෙන් මගේම විදිහට ඒ චරිතයට පණ පොවන්න මට පුළුවන් වුණා.
අද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
හිරු ස්ටාර් වේදිකාවේදී මට විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. හැබැයි ‘රොන් සොයා’ ටෙලිනාට්‍යය විකාශය වෙන්න ගත්තට පස්සේ ඒ ආදරය දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. යන එන තැන්වලදී මිනිස්සු දක්වන ප්‍රතිචාර දකිද්දී ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා.
පළමු රංගනයෙන්ම මෙවැනි ආදරයක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඒක ලොකු ජයග්‍රහණයක්. මට මං ගැනම ආඩම්බරයි වගේම නිහතමානී සතුටක් දැනෙනවා. මම ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කළා කියලා මම විශ්වාස කරනවා. මිනිස්සුන්ට දැනෙන චරිතයක් වෙන්න ලැබීම කලාකරුවෙක් විදිහට ලොකු භාග්‍යයක්. මට ආදරය කරන හැමෝටම මම කියන්නේ, දිගටම මාත් එක්ක රැඳී ඉන්න කියලයි.
සයාගි සහ නේසර අතර තියෙන්නේ රංගනයක් විතරද?
නැහැ, අපි දෙන්නා සැබෑ ජීවිතයේත් ඉතාම හොඳ මිතුරන්. අපි කැමරාව ඉදිරියේ පෙන්වන්නේ අපේ සැබෑ ජීවිතයේ තියෙන ඒ සුන්දර මිතුදමම තමයි. අපි පිටපතට විතරක් කොටු වෙන්නේ නැතිව, ඒ හැඟීම් හරිම ස්වභාවිකව ඉදිරිපත් කරනවා. ප්‍රේක්ෂකයන් අපේ ඒ මිත්‍රත්වයට ගොඩක් ආදරය කරන්නේ ඒ නිසයි.
රංගනය නිසා ගායනය මගහැරෙයිද?
අපෝ නැහැ. මම මේ වෙනකොටත් මගේම ඇල්බම් එකක් නිර්මාණය කරලා තියෙන්නේ. එහි ගීත හතරක් අඩංගුයි. ඉන් එකක පද රචනයක් මගේ අප්පච්චිගේ මිත්‍ර ගීත රචකයකු වන සංජීව මාමා කළා. ඉතිරි ගීත තුනේම පද රචනය වගේම තනු නිර්මාණය කළේ මමමයි. ඒ නිසා රංගනය කොතරම් කාර්යබහුල වුණත් මගේ මුල්ම හීනය වන ගායනය මට කවදාවත් මගහැරෙන්නේ නැහැ.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ඉදිරියේදී මගේ අලුත් සින්දු කිහිපයක්ම එළිදක්වන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම රංගනය පැත්තෙනුත් අලුත් වැඩ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. මට ගැළපෙන හොඳ නිර්මාණ හරහා දිගටම ප්‍රේක්ෂකයන් හමුවට එන්න මම බලාපොරොත්තු වෙනවා.

පවනි උමේෂා

SendShareShare
Previous Post

බලෙන් තියාගන්න පුරුද්දක් මට නැහැ…! කා යටතේවත් නටන්න මම ලෑස්ති නැහැ…! කිත්මිණි කාවින්ද්‍යා

Next Post

එකම ටාර්ගට් එක හොඳම නිළිය වෙන්න…! ලොකුවට දේවල් හිතන්නෑ…! ඔමන්දි චාමිණී I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.