• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අමීර්ටත් දේශද්‍රෝහී ලේබලය ඇලවෙයිද

August 23, 2020
in Heart
Reading Time: 1 min read
A A
අමීර්ටත් දේශද්‍රෝහී ලේබලය ඇලවෙයිද
Share on WhatsAppShare on Facebook

අමීර් ඛාන් කියන්නේ බොහෝ විට බාල්දි පෙරළා ගැනීමේ තියරියට පටහැනිව ජීවත් වන සුපිරි තරුවක්. කිසිවකුගේ දොස් නොදකින කිසිවකුට දොස් නොකියන අමීර් සිනමාවේ කා සමඟ වුවද සුහදව කටයුතු කරන කෙනෙක්.
නමුත්..,
මාධ්‍ය පැපරාසින් පවසන්නේ ඊයේ පෙරෙයිදාවක අමීර් ඛාන් හිටි හැටියේ නොසිතූ ලෙස පුපුරා හැරිය දරුණු බෝම්බය ඔහුගේ වැදගත් ආධ්‍යාත්මික ප්‍රතිරූපයට විශාල හානියක් බවය.
මාධ්‍ය පමණක් නොව ඉන්දියානු පුරවැසියන්ද ඔහුට මඩ අහුරු පිටින් ගෙන දමා ගැසීමට පටන්ගෙන ඇත්තේ මෙතෙක් කල් ඔහු කළ සොඳුරු නළු මෙහෙවර කුණු බක්කියට විසිකරමින්ය.

එයට හේතුව වූයේ තම නවතම චිත්‍රපටයෙහි රූගත කිරීම සඳහා තුර්කියට පැමිණ සිටින අමීර් හිටි හැටියේම තුර්කි ජනාධිපති ඒබෝගන්ගේ බිරියව මුණගැසෙන්නට යෑමය.
අමීර් එවැන්නකට මුල පිරුවේ ඇයිද? යන්න නොදන්නා වුවද මේ හමුවීම නිසා අමීර් ක්‍ෂණිකව මුළු ඉන්දියාව පුරා ඇති කළ ගින්න, එදා රජ දවසක ‘හනුමා’ ඇති කළ ගින්නට වඩා දරුණුව ඇත.

අමීර් යනු අප නොසිතූ තරම් වූ නරකම නරක මිනිහෙකි. මෙතෙක් එය තේරුම් නොගැනීම ගැන අප අපටම ඉන්දියානුවන් ලෙස මිටියකින් තළාගත යුතුය.

ඔහු මෙන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක වර්ධන් සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කොට තිබිණි.
‘ඉන්දු කාශ්මීර් ගැටුම බලන විට පාකිස්තාන වැනි රටක ජනාධිපති ආර්යාව මුණගැසීමෙන් ඔබ පහත් දේශද්‍රෝහියකු බව මනාව ඔප්පු කොට ඇත.
තාරේ සටීන් පර්හී සොඳුරු සංවේදී ගුරුවරයා ලෙස පෙනී සිටි ඔබ මෙතරම් පහත් කටයුත්තකට මැදිවේ යැයි අප නොසිතුවෙමු.

‘එමීර් අර්බෝගන්’ ඔබේ කවුරුන්ද, ඈ සමඟ එකතුව තේ පැන් සංග්‍රහයක් බුක්ති විඳින්නට ඔබට අදහසක් දුන්නේ ඔබේ යටිහිතේ මෙතෙක් සැඟව සිටි අසික්ෂිත පුද්ගලයාද?’
ඉහත දැක්වූ ආකාරයේ ඉතාම පහත් අන්දමේ ප්‍රකාශයන් අමීර්ගේ ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් විසින් සීමාවකින් තොරව පළකිරීම ගැන අමීර් දැඩි කනගාටුවට පත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

උතුරු සේම දකුණු ඉන්දියානුවන්ගේද ‘මැතඞ් එක’ එහෙමය. කප් එක උස්සන විට ‘වෙල්ඩන් විරාත්’ කියා හුරේ දමන ඉන්දියානු රසිකයන් විරාත්ට සිය පිත්තෙන් යමක් කරගැනීමට බැරි වූ දාට ‘ගෝ හෝම් විරාත්’ යනුවෙන් ප්ලාස්ටික් බෝතල්වලින් දමා ගසති.
කෙසේ වුවද මුස්ලිම් සම්භවයක් ඇති නළු නිළියන් සහ කලාකරුවන්ව ‘ද්‍රෝහියන්’ ලෙස අහේතුකව ලේබල් කිරීමට ඉන්දියාවේ හින්දු ජනතාව සහ සමාජ ජාලා වෙබ් අඩවි මෑතක සිට වඩාත් පුරුදුව ඇත. සාමාන්‍යයෙන් සිදුවෙමින් තිබූ ඒ සදාචාරාත්මක නොවන සංසිද්ධිය තරමක් දරුණු වන්නට ගත්තේ, නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්‍ෂය බලයට පත්වූ පසුවය.

මීට කලකට ඉහත කිහිප වතාවක්ම සල්මන්, ෂාරුක් සහ නස්රුදීන් ෂා ද, මුස්ලිම් ජනතාව සමඟ ඉන්දියානුවන්ගේ තියෙන වෛරයේ ගින්දර හේතුකොට කිහිප වතාවක් බැට කෑහ.
තමාට එල්ල කරන ඉතා අමානුෂික වූ චෝදනා කෙරෙහි දැඩි සිත්තැවුලට පත්ව සිටින අමීර් ඛාන් ඒ පිළිබඳව කිසිදුම ප්‍රතිචාරයක් තවමත් දක්වා නැත.

නමුත් ජාත්‍යන්තර වශයෙන් බොහෝමත් මාධ්‍ය පවසා සිටින්නේ, ඉන්දීය මාධ්‍ය සහ සමස්ත ජනතාව අමීර් වැනි ප්‍රවීණයකුට කරන මේ මානසික හිංසනය තරයේ හෙළා දකින බවය.
ඉන්දියානු සිනමා ක්‍ෂේත්‍රයෙහි ජාතික වස්තුවක බඳු අමීර්ට කළ මේ ගැරහිලි කෙරෙහි ‘නරේන්ද්‍ර මෝඩි’ මුනිවත රැකීම පුදුමයක් බවත්, ‘අමීර්’, එමීන් අර්බෝගන් හමුවීම සුහද පිළිසඳරක් ලෙස දකින්නට සමස්ත ඉන්දියානුවන් පසුබට වීම ඉතාම කනගාටුදායක බවත් ඔවුහු තවදුරටත් පවසා සිටියහ.

සියල්ල එලෙස සිදුවෙමින් තිබෙන අතරවාරයේ, තුර්කි ජනාධිපතිතුමන්ගේ සොඳුරු ආර්යාව වූ එමීන් අර්න් තම ට්විටර් ගිණුමෙහි මුදාහැර තිබුණේ මෙවැනි පෝස්ටුවකි.
ලෝක ප්‍රකට, අපූර්වතම ඉන්දීය නළුවා, චිත්‍රපට අධ්‍යක්‍ෂ සහ නිෂ්පාදක අමීර් ඛාන් මං හමුවීම මා හට කල්ප කාලාන්තරයක සතුටකි. ඔහු තම නවතම සිනමා නිර්මාණය තුර්කියෙහි සුන්දර වටපිටාව සමඟ සිදුකිරීමට තීරණය කිරීම ගැන මම අමන්දානන්දයට පත්වන අතර, එය නරඹන දිනය පැමිණෙන තුරු ඇඟිලි ගනිමි.’

අමීර් ඔබ සත්තකින් ගෞරවනීය අලංකාර මිනිසකු බව මෙහි සඳහන් කිරීමට අමතක නොකරමි.
එම වැකිය පාමුල එමීන්, තමා සහ අමීර් සඳැල්ලට වී සතුටු සාමිචියේ යෙදෙන ලස්සන සේයාරුවක්ද එක්කර තිබිණි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මට හොඳ ප්‍රතිරූපයක් වගේම මිලක් තියෙනවා

Next Post

සංගීතේ අතඇරලා අමිලා මහණ වෙයිද?

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.