• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බබා නෝනාට ආරූඪ වුණු නීටාගේ සුපිරි රංගනය

August 22, 2020
in Heart
Reading Time: 2 mins read
A A
බබා නෝනාට ආරූඪ වුණු නීටාගේ සුපිරි රංගනය
Share on WhatsAppShare on Facebook

නීටා ප්‍රනාන්දු ගැන ලියන මේ ආටිකල් එකට දියයුතු ආරම්භය කොතැනින්ද පටන් ගන්නේ කියන සිතුවිල්ල තුළ මම මොහොතක් නැවැතී බලා සිටියෙමි. මොනවා ලියන්නද ඇය ගැන, කවුද ඇයව නොදන්නේ, ඒ නිසා මම කෙටියෙන් මෙහෙම ලියන්න හිතුවා. 1998 ‘පවුරු වළලු’ චිත්‍රපටය සඳහා ජාත්‍යන්තර කීර්තියට පත් නීටා ප්‍රනාන්දු 2019 වර්ෂයේදීද පාංශු වෙනුවෙන් නැවැත වරක් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණා. සිංහල සිනමාවේ අසහාය රංගවේදිනියක වූ ඈ ‘මව්රට’ පුවත්පතෙහි ‘හාට්’ විශේෂාංගය වෙනුවෙන් දොඩමළු වූ සුහද හෝරාවක කෙටි සටහනයි මේ දිගහැරෙන්නේ.
මොනවදැයි තොරතුරු කියා අහන්න අවැසි නැහැ. මේ දිනවල ඔබ ‘පාංශු’ වෙනුවෙන් වෙහෙසනවා නේදැයි කියා අපි අහන්නම්?
හරියටම හරි… විසාකේස චන්ද්‍රසේකරම්ගේ ‘පාංශු’ අගෝස්තු 21 සිනමාහල්වලට පැමිණියා. ප්‍රේක්‍ෂකයන් ඒ ගැන දක්වන ප්‍රතිචාර ගැන උනන්දු වෙන අතර, එහි ප්‍රචාරක කටයුතු කෙරෙහිද මේ දිනවල මඳක් කාර්යබහුලව සිටිනවා.
‘බබා නෝනා’ කියන්නේ ඔබ රඟපෑ චරිත අතර සුවිශේෂීම චරිත නිරූපණයක්?
සත්තකින්ම ඔව්. ‘බබානෝනා’ කියන්නේ මගේ සිනමා ජීවිතයේ තවත් එක් රංගනයක්ම නෙවෙයි. එතැනදී සිදුවූයේ විසාකේස නම් අපූරු නිමැවුම්කරුවා විසින් මා තුළ කොහේකදෝ නිදා සිටි පීඩාවට පත් අම්මා කෙනකුව එළියට ඇද දැමීමයි. සමහර විටෙක, මටම පුදුම සිතෙන ආකාරයට ඒ දහිරියවන්ත අම්මා ‘බබා නෝනා’ ලෙස නීටා ප්‍රනාන්දුට ආරූඪ වී සිටියාය කිව්වොත් එය අතිශයෝක්තියක් නෙවෙයි.
‘විසාකේස චන්ද්‍රසේකරම්’ කියන්නේ ඔබට හමුවූ කදිම අධ්‍යක්‍ෂවරයෙක්?
‘පාංශු’ තිර පිටපතත් විසාකේසගේමයි. ඔබ කීවා වගේම ඔහු මං දුටු හොඳම අධ්‍යක්‍ෂවරු අතර තවත් එක් අයෙක්. මේ මොහොතේ ප්‍රසන්න විතානගේ ගැනද මගේ මතකයට එනවා. ප්‍රසන්න විතානගේ තමා වෙත එන රංගවේදීන් සමඟ කටයුතු කරන්නේ හරිම අපූරු සංයමයකින්. ඒ වගේම කදිම විනයකින්. විසාකේස යන නිර්මාණකරු තුළින්ද මම එය ඉතා හොඳින් දැකපු දෙයක්.
ජාත්‍යන්තර වශයෙන් ඔබ සම්මානයට පාත්‍ර වූයේ ඔවුන්ගේ ඒ අපූරු දැක්ම නිසාද?
විවාදයකින් තොරවම මම ඒ ප්‍රශ්නයට ඔව් කියන පිළිතුර දෙනවා. ඒ වගේම විසාටත්, ප්‍රසන්නටත් මම ස්තුති කරනවා මාව එම චරිත තුළ ඉතාම අපූරුවට මෙහෙයවීම ගැන.
ඔබේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය ‘පවුරු වළලු’ද?
‘පවුරු වළලු’ කියන්නේ මගේ සිනමා ජීවිතයේ කීර්තිමත් සන්ධිස්ථානයක්. හැබැයි එහි හැරවුම් ලක්‍ෂ්‍යය ලෙස මම නම් කරන්නේ ‘දුහුළු මලක්’ සිනමා පටයයි.
‘දුහුළු මලක්’ ගැන ටිකක් කතා කරමුද අපි?
අදටත් මගතොටකදී හමුවන බොහෝ ප්‍රේක්‍ෂකයන් තවමත් කතා කරන්නේද, ‘දුහුළු මලක්’ ගැන තමයි. සමහර හිතවතුන් තවම වුණත් මාව අමතන්නේ ‘දුහුළු මලක්’ යන නමින්මයි.
ඒ හැඳින්වීම ගැන ඔබ හුඟක්ම සතුටුයි වාගේ?
අපොයි ඔව්. ‘දුහුළු මලක්’ කියන්නේ මම හරිම කැමැත්තෙන් රඟපෑ චිත්‍රපටයක්. ඒ වගේම එයට ලැබුණු ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මෙන්ම විචාරක ප්‍රශංසාද අපමණයි.
නිලූපා සුරවීරගේ චරිතය රඟපෑම ගැන ඇතැම් ප්‍රේක්‍ෂකයන් ඔබට දොස් කී අවස්ථා තිබුණා නේද?
නැහැ. එවැන්නක් සිදුවූයේ නැහැ. නිලූපා සුරවීරගේ චරිතය ඉතා අපූරුවට නිම කිරීම ගැන ප්‍රේක්‍ෂකයන් මට ලොකු අගයක් දුන්නා. ඒ දවස්වල පැමිණි පාඨක ලිපිවලින්ද නිතර සඳහන්ව තිබුණේ ‘දුහුළු මලක්’ වැනි වෙනස් චිත්‍රපටයක් බාර ගැනීම ගැන ඔවුන් තුළ වූ කැමැත්තයි. මොකද, ළසඳා, මංගලා වැනි චරිත තුළ මා රඟදැක්වූ අහිංසක ගැමි සුන්දරත්වය ‘දුහුළු මලක්’ තුළ නොවූ නිසා ප්‍රේක්‍ෂකයනට එහි වෙනස හොඳින් දැනුණා. අනෙක කලාකාරියක ලෙස අර චරිතය එපා මේ චරිතය එපා කියා චරිත වර්ග කරනවාට වැඩිය විවිධ චරිත හරහා අභියෝගයනට මුහුණ දීම දක්‍ෂ රංගවේදිනියක සතු කාර්යභාරයක් බවයි මගේ හැඟීම වන්නේ. අනෙක් කාරණය ‘දුහුළු මලක්’ අධ්‍යක්‍ෂණය කර විජය ධර්මශ්‍රී වැනි ප්‍රවීණ සිනමාකරුවකු උත්සාහ දැරුවේ සමාජයට යහපත් පණිවුඩයක් දීමටයි. නිලූපා සුරවීර තුළින් ඔහු කියාපෑවේ අනියම් සබඳතාවක පැටලීමෙන් කාන්තාවක අත්විඳින අත්දැකීම් කොයිතරම් අශෝභනද, කටුකයිද යන පණිවුඩයයි. ඒ පණිවුඩය සියුම්ව කියාපෑමට තමයි නීටා ප්‍රනාන්දු කියන රංගවේදිනිය නිලූකාට මැදි වූයේ. හුදෙක් එය චරිතයක් පමණයි.
විජය ධර්මශ්‍රී ‘දුහුළු මලක්’ චිත්‍රපටයට නිලූපා ලෙස ඔබව තෝරා ගැනීමට යම් විශේෂයක් තිබුණද?
ඒ සඳහා උත්තරය ඇත්තේ විජය ධර්මශ්‍රී නම් උසස් සිනමාකරුවා ළඟයි. කිසිම දවසක මම ඒ ප්‍රශ්නය ඔහුගෙන් ඇසුවේ නැහැ. ඒ ගැන යම් පැහැදිලි කිරීමක් මට අවැසි වූයේද නැහැ.
සිනමාවේ මෙතෙක් පැමිණි ගමන තුළ වඩා කැමැත්තෙන් කළ චරිත නිරූපණය කුමක්දැයි ඇසුවහොත්?
එයට පිළිතුරක් බලාපොරොත්තු වීම අසාධාරණයි මම හිතන්නේ. ඒ ඇයිද? මම සංසන්දනයට කැමැති නැහැ. එදා සිට මේ දක්වාම මම රංගනයෙන් දායක වූ බොහෝ චරිත විවිධාකාරයි. නිදසුනක්ව ගන්නවා නම්, මංගලා, ළසඳා, දුහුළු මලක්, පවුරු වළලු, පාංශු යන චිත්‍රපටවල මම රඟපෑ හැම චරිතයකටම මම ආදරෙයි. ඒ ආදරය තුළ යම් දේ වර්ග කිරීම අපහසුයි.
විවිධාකාර චරිත අතර දෝලනය වීමේ වාසනාව තවමත් ඔබ සතුව තිබෙනවා?
ඇත්තෙන්ම ඒ සිනමාකරුවන් මාව දැකපු විලාසය සහ මාව සොයාගෙන පැමිණි විලාසය නිසා මා ලද වාසනාවයි. ඒ ගැන ඔවුනට ස්තුති කරන අතර මා ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.
‘පාංශු’ නරඹන ප්‍රේක්‍ෂකයන් ‘බබා නෝනා’ ගැන හැඟීම්බරව කතා කරතැයි යන විශ්වාසය තුළ ඔබ සිටිනවද?
හොඳ චිත්‍රපට නරඹන කණ්ඩායමක් තවමත් අප අතර සිටිනවා. ඒ අතර සිටින කවුරුන් හෝ පිරිසක් ‘බබා නෝනා’ ගැන කතාකරාවි. ඒ වගේම ‘පාංශු’ කුතුහලය පිරි මානුෂීය වූ කතා පුවතක්. ඒ තුළ බොහෝ දෙනකු තම සිතුවිලි සංවේදීව බෙදාහදා ගන්නා බව නිසැකයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දකුණු ආසියාවේ අක්කයි නංගියි- අයියයි මල්ලියි (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)

Next Post

ගැහැනු පිරිමි වරදෙ බන්දන ග්‍රහයෝග

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.