• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම පිස්සු කෝලමක්..! ඔය ආඩම්බර අහංකාරකම් මම ළඟ නැහැ…! මම ජීවත් වෙන්නේ මහන්සිවෙලා ගන්න මුදලින්…! නයනි රාමනායක I Sri Lanka Latest News

March 22, 2026
in Heart
Reading Time: 3 mins read
A A
මම පිස්සු කෝලමක්..! ඔය ආඩම්බර අහංකාරකම් මම ළඟ නැහැ…! මම ජීවත් වෙන්නේ මහන්සිවෙලා ගන්න මුදලින්…! නයනි රාමනායක I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නයනි රාමනායක මේ දවස්වල නිර්මාණ රැසකම විවිධ චරිත හරහා අප හමුවට එන නව පරපුරේ රංගන ශිල්පිනියක්. ‘ආලවන්ති’, ‘කළු අහස’, ‘චංචල රේඛා’ යන ටෙලිනාට්‍යවල ඇයගේ රංගනය ගැන බොහෝ අය කතාබහ කරනවා. ඉතින් අපි නයනිව සම්බන්ධ කරගත්තා ඇගේ නවතම කලා තොරතුරු ගැන දැනගැනීමේ අදහසින්.

නයනි මේ දවස්වල කාර්යබහුල වෙලා නේද?
ඔව්. මේ දවස්වල ටෙලිනාට්‍ය පහක විතර ෂූටිං. ඒවාට අමතරව වේදිකා නාට්‍ය වැඩකටයුතු නිසා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. එක දිගට වැඩ කළත් මහන්සියක් දැනෙන්නේ නැහැ.
නයනිගේ හොඳම වැඩකිඩ දකින හොඳම කාලය දැන් වගේ?
මමත් හිතනවා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක මේ ගෙවී යන කාලය මගේ ජීවිතයේ හොඳම කාලය කියලා. හොඳ චරිත කිහිපයක් මට කරන්න ලැබුණා. ඉතින් මමත් ඉතා කැපවීමෙන් ඒ වැඩවලට සම්බන්ධ වෙලා කටයුතු කරගෙන යනවා.
මායම් හැටහතරෙන් කුසුමාගේ එක මායමක් අපි දකිනවා මේ දවස්වල?
ඒකනම් එක්තරා විදියේ මායමක් තමයි. මේ වගේ චරිතයත් මම මීට පෙර රඟපාලා නැහැ. මට වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් ලොකු වෙනසක් දැනුණා. ‘චංචල රේඛා’ ටෙලිනාට්‍යයේ කුසුමා චරිතය. ඒ විතරක් නෙවෙයි කුසුමා චරිතය හරහා වැඩිහිටි ප්‍රේක්ෂක පිරිසක් මා සමග එකතු වුණා.
නයනිව නිර්මාණ හරහා කොටුවීමක් දැක්කා?
ඔව්. ඒක මාත් පිළිගන්නවා. එකම රාමුවකට කොටුවීමක්. හැබැයි කුසුමා චරිතය හරහා මම එයින් මිදුණා කියලා මට දැනෙනවා. මගේ ඉදිරි ගමනට ලොකු ආලෝකයක් වුණා කුසුමා චරිතය. මට කවි කියන්න තිබුණා. ඒක තමයි මට තිබුණු ලොකුම අභියෝගය. ඒ විතරක් නෙවෙයි මේ චරිතයට රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන රඟපාන්න තිබුණු එක මට වෙනසක් දැනුණා. ප්‍රේක්ෂකයන් මගේ නොදුටු වෙනස්ම රූපරාමුවක් කුසුමා චරිතය හරහා විඳිනවා.

ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට වඩා වේදිකාවෙන් එන ප්‍රතිචාර කොහොමද?
මේ දවස්වල වේදිකා නාට්‍ය අටක් එක්ක මම රට වටා යනවා. දුම්මල වරම, සාජන් නානා, අප්පච්චි, සුරූපී කියන වේදිකා නාට්‍ය හරහා විවිධ ප්‍රදේශවලට යන්න ලැබෙනවා. එතකොට ඉතින් ඒ ප්‍රේක්ෂකයන් මම රඟපාන ටෙලිනාට්‍යවල චරිත ගැන කතාබහ කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ මොහොතේ සජීවී ප්‍රතිචාර අත්විඳින්න ලැබෙනකොට ගොඩක් ලොකු සතුටක් දැනෙනවා. කලාවේ මගේ මුල්ම අඩිතාලම වේදිකාව. මම පුදුම ආදරයක් තියෙන්නේ වේදිකාවට. ඉතින් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන අලුත් අයටත් මම කියන්නේ වේදිකාව හරහා එන්න කියලා. වේදිකාව කට්ටක් තමයි. හැබැයි ඉතින් කට්ට කවදාවත් අපතේ යන්නේ නැහැ. ලක්ෂ්මන් අමරසේකර අයියා හරහා තමයි මම මුලින්ම වේදිකාවට ගොඩවුණේ.
දොඩන් ගොඩ බදාගත්තා වගේ කියලා හිතෙන්නේ නැද්ද මේ විදියට වැඩ ගොඩක හිරවෙද්දී?
හැබැයි ඉතින් කිසිම දෙයක් අපතේ ගියේ නැහැ. සමහරු හිතනවා ඇති අවුරුද්දට වැඩ දෙක තුනක් කළාම ඇති කියලා. රංගන ශිල්පිනියක් ලෙස මම කැමැති තුන්සියහැටපස් දවසෙම මට වැඩ තියෙනවට.
මම වෘත්තීය රංගන ශිල්පිනියක්. මම ජීවත් වෙන්නේ මේ මහන්සිවෙලා ගන්න මුදලින්. හැම දේම බැලන්ස් කරගෙන ගේමක් ගහනවා.
ආශාවට රඟපාන්න ආපු ගමන අද දාලා යන්න ලෝබයිද?
දැන් මම මේ වෘත්තියට වශීවෙලා ඉන්නේ. මේ ලැබෙන ආදරය ගෞරවය කිසිම රාජකාරියක් කරලා ගන්න බැහැ. හැබැයි මම මේ තැනට ආවේ බාධක මැද. අන්තිමට මම ඉගෙනගත්ත දේවල් පැත්තක දාලා රංගනය මගේ වෘත්තිය බවට පත්කර ගත්තා.
සෙට් එකේදි නයනි කොහොමද හැඩගැහෙන්නේ?
එතැන ඉතින් මම පිස්සු කෝලමක් තමයි. ඔය ආඩම්බර, අහංකාරකම් මම ළඟ නැහැ. හැමෝම එක්ක සතුටින් විනෝදයෙන් ඉන්න කෙනෙක් මම. හැබැයි ඉතින් ඒකේ අනික් පැත්ත තමයි තරහා ආවොත්.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

වෙනස් දේවල් විඳින්න ගොඩක් කැමැති…! වතුරට බහින්නම ඕනෙ පීනන්න පුළුවන්ද බැරිද බලන්න…! පරිස්සමට මොන දේ කළත් කමක් නැහැ…! ඡායා නවරත්න I Sri Lanka Latest News

Next Post

යුද්ධය දරුණු අතට පත්වෙද්දී අමෙරිකාව කොළඹ වරායට ඇතුළු වෙයි! ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා මුළු වරායම හදිසියේ නිරීක්ෂණය කළේ ඇයි? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.