සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (16) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාය.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.
‘‘මෙරට පැවති පැරණි QR ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. QR ක්‍රමය ඔස්සේ ඉන්ධන ලබාගැනීමේදී රටේ ජනතාවට අපහසුතා රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. කෙසේ නමුත් රටේ ඇති වී තිබෙන අර්බුද පිළිබඳව අනුර දිසානායක මහතා , වසන්ත සමරසිංහ ඇමැතිවරයා , සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා , ලාල් කාන්ත ඇමැතිවරයා විපක්ෂයේ සිටින කාලයේ සිදුකළ ප්‍රකාශ දෙන නැවත හැරි බලන්න අවස්ථාවක් පැමිණ තිබෙනවා.
ඒ වගේම හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ලංකාවේ ඉන්ධන අර්බුදයට කිසිදු ගැටලුවක් ඇති නොවන බව විදේශ ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකාව සිංගප්පූරුවෙන් තෙල් මිලදී ගන්නා නිසා ඉන්ධන අර්බුදයක් ලංකාවට ඇති නොවන බව පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩුවේ පොල්ලෙලි කිහිපයක් පසුගියදා අදහස් දක්වා තිබුණා. තෙල් සැපයුම නිසි පරිදි සිදුවෙනවානම් ඉන්ධන ලබා ගැනීම සඳහා කිව් ආර් ඛේතයක් හඳුන්වා දෙන්න ආණ්ඩුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවෙනවා.
ආණ්ඩුව ඉන්ධන කිව් ආර් ක්‍රමවේදයට ලබාදීම හරහා ලංකාවේ සංචාරක කර්මාන්තය කඩාගෙන වැටෙනවා. කෘෂිකර්මාන්තය කඩාගෙන වැටෙනවා , ධිවර කර්මාන්තය කඩාගෙන වැටෙනවා , ආපනශාලා කඩාගෙන වැටෙනවා , ඒ වගේම කාන්තාවන්ට එක මිටට රත්තරං බඩු උකස් කරන්නත් සිදුවේවි. ඒ වගේම පසුගිය කාලයේදී කිව් ආර් ක්‍රමවේදයට ඉන්ධන ලබා දුන්නේ ඉන්ධන මිලදී ගන්න මුදල් නොමැති නිසා බවත් වර්තමාන ආණ්ඩුව සතුව මුදල් තිබෙන බවත් නමුත් ලෝක වෙළදපොලේ ඉන්ධන මිලදි ගැනිම අපහසු වී ඇති බවත් ආණ්ඩුවේ පොල්ලෙලි ප්‍රකාශ කරනු ලබනවා.
කෙසේ නමුත් රටේ ඉන්ධන පරිභෝජනය සීමා කරන්න සිදුවී තිබෙනවා කියන යථාර්ථයට පිළිගන්න සිදුවී තිබෙනවා. කෙසේ නමුත් මේ හරහා ආණ්ඩුවේ නොහැකියාව සහ හොරු කිම ඉස්මතු වී තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ලංකාවේ ඉන්ධන අර්බුදයට කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැතිනම් රටේ ඉන්ධන පරිභෝජනය සීමා කරන්න ආණ්ඩුව කටයුතු කරන්නේ ඇයි ද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම රටේ විපක්ෂය සිදුකළ යුත්තේ ඇත්ත තත්ත්වය රටට හෙළි කිරීමයි. නමුත් ඇතැමෙක් එව විවේඡනය කරන්නත් කටයුතු කරනු ලබනවා.
රට තුළ ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය හේතුවෙන් රටේ ආර්ථිකය අර්බුදයට පත් වෙමින් තිබෙනවා. ඒ වගේම මැදපෙරදිග යුද්ධය හේතුවෙන් විදේශ ප්‍රේෂණ වලට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. ඒ වගේම අපනයනයටත් විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. රටට ඩොලර් ආදායම් පැමිණෙන මාර්ග 4 න් තුනක්ම මේ වනවිට වැසි ගොස් තිබෙනවා. කෙසේ නමුත් ඉන්ධන සඳහා රජය අය කරන බද්ද අඩු කරලා ජනතාවට සහනයක් ලබා දෙන්න ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා. බදු අඩු නොකර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් වඩා රටේ ජනතාවගේ රීරි මාංශ උරාබොන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.
ඒ වගේම ලංකාවට අවශ්‍ය විදුලියෙන් සියයට 40 ක් පමණ ලබා දෙනු ලබන්නේ ලක් විජය බලාගාරයෙන්. ලක් විජය බලාගාරයට ගල් අගුරු ගෙන්වීම සඳහා වර්තමාන ආණ්ඩුව ටෙන්ඩර් කැදවනු ලැබුවා. ඒ අනුව ගල් අගුරු නැව් 9 ක් රටට පැමිණ තිබෙනවා. කෙසේ නමුත් එම නැව් 9 ම තිබෙන ගල් අගුරු ප්‍රමිතියෙන් තොර බව පරික්ෂණ වලින් තහවුරු වී තිබෙනවා. ඒ වගේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු යෙදවිම හරහා ලක් විජය බලාගාරයේ ජනන යන්ත්‍රවලින් නිෂ්පාදනය කරන විදුලි ධාරිතාවය අවම වී තිබෙනවා. ඒ අනුව අප්‍රේල් මාසයේදී විදුලි කප්පාදුවක් කරන්න අනිවාර්යෙන්ම සිදුවෙනවා.
ඒ වගේම 9 වැනි ගල් අගුරු නැව පැමිණියාට පසු නැවත කිසිදු නැවක් ලංකාවට පැමිණිලා නැහැ. කෙසේ නමුත් අප්‍රේල් මාසයේ 22 වැනිදා වෙනුවට ගල් අගුරු නැව් 25 ක් පැමිණිය යුතුයි. එසේ ප්‍රමිතියෙන් යුක්ත ගල් අගුරු නැව් පැමිණියොත් පමණයි අඛණ්ඩ විදුලි සැපැයුමක් ලබා දෙන්න හැකියාව තිබෙන්නේ. කෙසේ හෝ දැනට රටට පැමිණ තිබෙන ගල් අගුරු නැව්වල ගල් අගුරු ප්‍රමිතියෙන් බාලයි නම් , එම ගල් අගුරු දහනයෙන් විදුලි උත්පාදනය සියයට 40 කින් පමණ අඩු වෙනවානම් , අනෙකුත් ගල් අඟුරු නැව් පැමිණෙන්නේ නැතිනම් තෙල් වලින් නිෂ්පාදනය කරන විදුලිය මිලදී ගැනීමට හැකියාවක් තිබෙනවාදැයි ප්‍රශ්නයක් මතුවෙනවා.
ඒ වගේම ඩිසල් වලින් නිපදවල විදුලි ඒකකයක් මිලදී ගනු ලැබුවේ රුපියල් 65 කට. නමුත් මේ වනිවට ඩිසල් වලින් විදුලි නිපදවීමේදී විදුලි ඒකකයක් රුපියල් 100 කට පමණ මිලදී ගන්න සිදුවෙයි. එසේ සිදුවුණොත් විදුලි බිල ඉහළ යනවා මෙන්ම විදුලි කප්පාදුවක් කරන්නත් සිදුවේවි. කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා අපි සහාය දුන්නේ නැ කියලා හිනා වෙන්න පුලුවන්. නමුත් රටේ ජනතාව දුක්විඳින අවස්ථාවක එලෙස සිනා සිම සිදු නොකළ යුත්තක් මෙම ඉන්ධන අර්බුදයෙන් ආණ්ඩුවට ඡන්දය දුන්න පිරිස , ඡන්දය නොදුන්න පිරිස සියලුම දෙනා දුක් විඳිනවා. රටේ ආර්ථිකයත් විශාල කඩාවැටිමකට ලක්ව තිබෙනවා.
ඒ වගේම රටේ සිදුවුණ මහා පරිමාන ගල් අගුරු වංචාව පෙන්නේ නැත්තේ ඉතාම සුළු පිරිසටකටයි. මේ වනතුරු මහා පරිමාන ගල් අඟුරු වංචාව ගැන කතා කරන්න ජනාධිපති අනුර දිසානායක මහතා අපොහොසත් වෙලා තිබෙනවා. ඒ වෙගේම අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් චෝදනා එල්ල වුණ පුදගලයෙන් බලශක්ති ඇමැතිවරයා ලෙස පත් කර තිබෙනවා. කෙසේ නමුත් අල්ලස් චෝදනා එල්ල වන ඇමැතිවරයාගේ වැඩ තහනම් කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. නමුත් එසේ සිදුකරන්න ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා කටයුතු කර නැහැ.
එ් වගේම ප්‍රමිතියෙන් තොර ගල් අගුරු නැව් හරහා මිලියන 8497 ක් පාඩුවක් සිදුවී තිබෙනවා. ඒ වගේම වැඩි මිලට ඉන්ධන ලබාගෙන ඩිසල් බාලාගාර හරහා විදුලිය නිෂ්පාදනය කළහොත් මේ පාඩුව සියයට 20 ක් පමණ වැඩි වෙනවා. කෙසේ නමුත් අර්බුදකාරි තත්ත්වය හමුවේ වැඩි මිලටවත් ඩිසල් ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ. ඒ වගේම මේ මාසයට ඉන්ධන නැව් දෙකක් පමණයි ලංකාවට පැමිණ තිබෙන්නේ. සාමාන්‍යයෙන් මාසයකට ඉන්ධන නැව් 5 ක් ලංකාවට පැමිණිය යුතුයි.
කෙසේ නමුත් ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාවට විශාල අපහසුතාවයට පත්වෙන්න සිදුවෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය කණගාටුවට පත්වෙනවා. ඒ නිසා ඉදිරියේදී විදුලි කප්පාදුවක් අනිවාර්යෙන් ම සිදුකරන්න වෙයි. ඒ වගේම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම හින වීමට ඉඩ තිබෙනවා. කාන්තාවන්ට එක මිටට ගිහිල්ලා රත්තරං භාණ්ඩ උකස් කරන්න සිදුවෙනවා. මේ තත්ත්වයන් පාලනය කරන්න හැකියාවක් තිබෙනවාදැයි ප්‍රශ්නයක් තිබෙනවා. කෙසේ නමුත් භාණ්ඩාගාරයෙ පුරවා තිබෙන රුපියල්වලින් ජනතාවට සහන දෙන්න හැකියාවක් තිබියදී එය සිදුනොකර සිටිම විශාල වරදක්. ඒ වගේම ආණ්ඩුවේ අඩුපාඩු සෝදන්න මේ පාරනම් අපහසුයි.
කෙසේ නමුත් හොමුස් සමුද්‍ර සන්ධියේ ප්‍රශ්නය ඇතිවුණ වහාම ඒ සම්බන්ධයෙන් රටක් ලෙස පියවරක් ගත යුතු බව සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වගේම රුසියාව සහ ඉන්දියාම සමඟ කතා කර තෙල් ගෙන්වා ගන්න වහාම ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට මතක් කර දුන්නා. නමුත් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ලංකාවේ ඉන්ධන අර්බුදයට කිසිදු ගැටලුවක් ඇති නොවන බව විදේශ ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබුණා. ආණ්ඩුවේ උද්දච්ඡභාවය පසෙකින් තබා රටේ ජනතාව වෙනුවෙන් සාමුහිකව තින්දු තිරණ ගත යුතුයි. අර්බුදකාරි තත්ත්වය හමුවේ දේශපාලනය කිරීම සුදුසු නැහැ. සමගි ජනබලවේගය ආණ්ඩුවට උපදෙස් ලබා දෙන්නේ රටේ ජනතාවට අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනිමටයි.‘‘










