• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පියුමි වයිෆ් එකේ ඔයා මරු…! පොඩි අවුලක් තියෙනවා ඒ ගැන… ! මට ළෙන්ගතු හැමෝටම මමත් ළෙන්ගතුයි…! නිළි රැජින ගාව පියුමි බොතේජු කියන්නේ කවුද? Sri Lanka Latest News

March 15, 2026
in Heart
Reading Time: 3 mins read
A A
පියුමි වයිෆ් එකේ ඔයා මරු…! පොඩි අවුලක් තියෙනවා ඒ ගැන… ! මට ළෙන්ගතු හැමෝටම මමත් ළෙන්ගතුයි…! නිළි රැජින ගාව පියුමි බොතේජු කියන්නේ කවුද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියානු ටෙලි කලාව අභාවයට ඇදදැමූ පබා ටෙලිනාටකය මතකද? නිසැකවම එය ආලින්දයේ සිනමාව වටා අසුන්ගන්නා කිසිවකුට අමතක වන්නේ නැහැ. හරි අලංකාරෙට තිබුණු එහි විවිධ වූ චරිත අතර මන්දබුද්ධික තරුණියක වූ හිමාලිගේ චරිතයද අතිශයින්ම ජනප්‍රියව තිබිණි. පබා ගැන සමගිපුර වසන්ත ගැන කතා කරන තරමටම ප්‍රේක්ෂකයෝ හිමාලිගේ කදිම රංගනය ගැනද විශේෂයෙන් කතා කළහ. එච්චරට ඒ ගැන කතා එවක නවක රංගන ශිල්පිනියක ලෙස ටෙලි තිරයට ආ පියුමි බොතේජු ඉතා අපූරුවට සිය රංගනයෙහි යෙදුණු නිසාය. පබා විකාශය වී දශක දෙකකට ආසන්න කාලයක් ගතවුවද හිමාලි ගැන තවමත් බොහොමයක් දෙනා කතා කරන බව අසන්නට ඇත.
‘මව්රට’ අපිද හිමාලිට රැඟූ පියුමි බොතේජුව සොයා ගියෙමු. ඒ, නම් හිමාලි ගැන නොව ඇගේ රංගන ජීවිතය ගැන අලුත්ම තොරතුරු කතා කරන්නටය. Sri Lanka Latest News

ආයුබෝවන් කියලා හදවතින්ම කිව්වා පියුමි ඔන්න…
බොහොමත් ස්තුතියි. මමත් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම ආයු බෝ වේවා කියලා.
ඉතින් කොහොමද අලුත් තොරතුරු එහෙම?
මේ දවස් නම් ටිකක් බිසී තාලෙටයි ගෙවෙන්නේ. සිංහල අවුරුදු ළඟ ළඟම එන නිසා රූපවාහිනී චැනල්වල අවුරුදු වැඩසටහන්වලට මේ දවස්වල සහභාගි වෙනවා. ඒ අතර අකුරට යන වෙලාවේ ෂූටින්වලටත් දිගින් දිගටම යනවා එනවා.
අලුත් නිර්මාණ ගැනත් ටිකක් කතා කරමු නේද?
ජනක දීප තඹවිටගේ ලස්සනම ටෙලිනාට්‍යයක රූගත කිරීම් පසුගියදා නිම වුණා. එහි මා රඟදක්වන විශාඛා නම් චරිතය ප්‍රේක්ෂක සිත් තුළ සදා නොමැකෙන මතකයක් වන බව විශ්වාසයි.


චිත්‍රපට කිහිපයකටත් ඔබට අලුතෙන් ආරාධනා ලැබුණා?
රන්ජන් රාමනායක අයියාගේ ‘ගාඩාෆි’ සහ සුරංග ද අල්විස්ගේ ‘ඒක තමයි මේක’ චිත්‍රපටවල චරිත නිරූපණයන් සඳහා ආරාධනා ලැබුණා. රන්ජන් අයියාගේ ‘ගඩාෆි’ නම් රූගත කිරීම් අවසානයි. මාතලේ පැත්තේ තමයි ෂූටින් තිබුණේ. හරිම රසවත්ව ඒ දවස් ටික ගෙවුණා. ෂූටින් ඉවරවෙනකොට හිතට දුකක් දැනෙන තරමට ඒ දවස් හරිම විනෝදකාමීව තිබුණා. අනෙක අපිට වැඩ කරන්න ලැබුණේ හොඳ ප්‍රඩක්ෂන් එකක් එක්කයි කියන එකත් මෙහිදී කියන්නම ඕනෙ.
මේ දවස්වල තිරගත වන ‘වයිෆ්’ චිත්‍රපටය ගැනත් කතා කරමු?
චමීර නාඔටුන්නගේ ‘වයිෆ්’ චිත්‍රපටයේ නම් මට කරන්න ඒ හැටි දෙයක් තිබුණේ නැහැ. අනෙක ‘වයිෆ්’ ෆිල්ම් එකේ රූගත කළ දර්ශනවලින් බොහෝ කොටස් ඉවත් කොට තිබුණා. එයට හේතුව වෙලා තිබුණේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. ඉවත් වුණු කොටස්වල මා චරිත නිරූපණය කළ දර්ශන තමයි වැඩිපුරම තිබුණේ.
ඔබ කතා කරන්නේ පුංචි හිතේ අමාරුවකින් වගේ?
පොඩි අවුලක් තියෙනවා ඒ ගැන. ඒත් ඉතින් චිත්‍රපටයක් ධාවනය විය යුතු කාලසීමාවක් තියෙනවනේ. අපට ඒ සීමාවන්ට හෝ රීතිවලට පිටින් යන්න බැහැ. ඒ නිසාම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට එහි යම් කොටස් ප්‍රමාණයක් අඩු කරන්න වෙනවා. ඒ හින්දා ඉතින් හිත හදාගන්න වෙනවා.
හැබැයි පියුමි ඔබ රඟන කොටස සුළු වුණත් හොඳ ප්‍රතිචාර ලැබෙන බව ආරංචියි?
අනිවාර්යයෙන්ම ඒක එහෙමයි. මගේ සමීපතමයන් මට කතා කරලා කියනවා ‘පියුමි වයිෆ් එකේ ඔයා මරු…’ කියලා.
කොහොමත් ඔබ නිර්මාණවල පුංචි චරිතයක් හෝ සතුටින් භාරගන්නවා…?’
මගේ විදිය ඒකයි. සාර්ථකව යමක් කරන්න චරිතයේ දිග පළල අවශ්‍ය නැහැ. නිදසුනක් විදියට ගන්නවා නම් ගිරිරාජ් අයියාගේ ‘සුහද කොකා’ සහ ‘කතුරු මිතුරු’ ෆිල්ම්වල මට කරන්න තිබුණේ විනාඩි ගණනක පුංචි සීන් එකක්. හැබැයි ඒ ටිකත් ප්‍රේක්ෂකයන්ට දැනෙන විදියට මම කළා. අදටත් මග තොටදී මුණගැහෙන රසික රසිකාවියෝ ඒ ගැන මතක් කරන අවස්ථා අප්‍රමාණයි.
‘පබා’ ටෙලියෙ හිමාලිවත් ප්‍රේක්ෂකයන්ට තවම මතකයි?
ඒ මතකය අතිවිශේෂයි. සමහරු කියනවා අදටත් මම මොන තරම් චරිත රඟපෑවත් හිමාලිගේ විකාරරූපී චරිතය ඒ හැම එකකටම වඩා විශේෂයි කියලා.
ඒ දවස්වල පාරේ බැහැලා යන්න බැරි තරමට හිමාලි ජනප්‍රිය වුණා?
ඔව්නේ. අන්න අන්න අපේ හිමාලි යනවා කියලයි හැමෝම කෑගහන්නේ. ඒ මොහොතට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්.
මහේෂ් රත්සර මද්දුමආරච්චි අතින් ලියැවෙන තිර පිටපත්වල ඔබට චරිතයක් බොහෝ විට තියෙනවා?
ඒක වෙන්නේ මෙහෙමයි. ස්ක්‍රිප්ට් එක මුලින් ලියනකොට මම ඒ කතාව තුළ නැහැ. පස්සේ පස්සේ මහේෂ් අයියගේ ඔළුවට තව තව අදහස් සහ චරිත එනකොට ඔන්න පියුමි බොතේජුට කෝල් එක එනවා. ‘නංගි මෙහෙම චරිතයක් තියෙනවා, කරමු නේද?’ කියලා අහනවා. ඔහු ලියන්නෙත් මා වෙනුවෙන්. ප්‍රතික්ෂේප කරන්න බැරි චරිතනේ ඉතින්. මං භාරගන්නවා. එහෙම භාරගන්න හැම චරිතයක්ම මට පුළුවන් උපරිමයෙන් කරනවා. ප්‍රේක්ෂකයොත් ඒ චරිත ආදරයෙන් භාරගන්නවා.
‘එක්ටැම්ගේ’ ටෙලිනාට්‍යයේ මාලා වීමේ භාග්‍යය ඔබට ලැබුණා?
ලොකු සතුටකින් භාරගත්ත චරියක්. චරිතය ලැබුණු හැටියෙම කතා කළේ නිළි රැජින මාලනී අක්කට. මාලනි අක්කේ මට ‘එක්ටැම්ගේ’ මාලාගේ චරිතය ලැබුණා කියලා කිව්වා. ‘හරිම අපූරුයි පියුමි. ඔයා ඒක ලස්සනට කරන බව මට විශ්වාසයි….’ ඈ හරිම නිහතමානීව කිව්වා. පළමු කොටස විකාශය වෙන දවසෙත් මම ඇයට කතා කරලා කිව්වා. නාට්‍යය බලලා මගේ අඩුපාඩු පහදලා දෙන්න කියලා. තේමා ගීතය පවා තත්පරයෙන් තත්පරය බලාපු මාලනී අක්කා එහි රූගතකිරීමකදී වෙච්ච පුංචි අතපසුවීමක් ගැනත් කියලා මගේ රංගනය ගැනත් හොඳ නරක කියලා දුන්නා. නිළි රැජින අබියස පියුමි බොතේජු කියන්නේ කවුද? අනේ ඇගේ ඒ ආදරයට දයාවන්ත බවට එදා මට හරි ලෝභ හිතුණා. ඇගේ අවමංගල්‍යය අවස්ථාවෙත් මම ඇගේ නිහතමානී බව ගැන මාධ්‍ය සමග කතා කළේ හදවතින්මයි.
බොරු ආඩම්බරකම් පෙන්වන කලාකරුවන් අතර ඔබත් හරිම නිහතමානී, හැමෝම සමග සුහද ශිල්පිනියක්?
මට ළෙන්ගතුව කතාකරන හැමෝටම මමත් ළෙන්ගතුයි. මගතොටදී ප්‍රේක්ෂකයන් දක්වන ආදරයට වුණත් මම ආදරයෙන් ප්‍රතිචාර දක්වනවා. මාධ්‍ය මිතුරන් සමග වුණත් එහෙමයි.
කියන්නට තව යමක් තියෙනවද පියුමි?
රංගනය කියන්නේ දෙවියන් මට දුන් හැකියාවක්. පියුමි බොතේජු කියන රංගනවේදිනිය අද මේ ඉන්න තැනට ආවේ බින්දුවේ ඉඳන්මයි. අද මම ගතකරන සැපවත් ජීවිතය සහ අනෙකුත් හැම දේම මට ලැබුණේ ඒ හැකියාව නිසයි. ඉතින් මට හැම දේම දුන් මේ කලාවට මම ගෞරවනීයව ආදරය කරනවා. මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ටත්, මම මේ තැනට එන්න අවස්ථාව දුන් හැමෝටමත් හැමදාමත් මගේ ආදරණීය ප්‍රතිචාර නිසැකවම ලැබේවි.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

මුලින්ම විජිත…! ඊළඟට නාමල්..! මෙන්න ඒ පාර ඉන්දියාවෙදි සුජීව සේනසිංහවත් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න කරනවා! හොඳට බලන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉරානෙට ගහලා අමෙරිකාව ආසියාවට තෙල් දෙන්න හදයි!  I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.