සීසර්ලා බලහත්කාරයෙන් නැවතත් දිගින් දිගටම වාහන අත්පත් කර ගන්නා බවත්, අහිංසක මිනිසුන්ට පහර දී සිදු කරන මෙම අනීතික ක්‍රියාව සඳහා ලීසිං ආයතනවලින් පොලිසියේ ඇතැම් නිලධාරීන් යැපෙමින් සන්තෝසම් ලබාගෙන ක්‍රියාකරන බවත් ලිසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය ඊයේ (10 වැනිදා) පැවැසීය.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් පොලිසිය භාර ඇමැතිවරයාත් නිහඬ බව කීය. හෙතෙම තවදුරටත් මෙසේද පැවැසීය.
‘‘ලීසිං මාෆියාවට මේ වත්මන් ආණ්ඩුව යටවෙලා. පොලිස්පතිවරයාගේ චක්‍රලේඛ පවා මායිම් නොකර වාහන අත්පත් කර ගැනීම සිදුවනවා. පසුගිය දිනක බදුල්ල ප්‍රදේශයේදී මැර සීසර්ලා තරුණයකුට පහරදී වාහන අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් වාර්තා වුණා. එහිදී හිමිකරු තරුණයාට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නට වුණා. එලෙසම කුරුණෑගල ප්‍රදේශයේදී තරුණයකුට පහරදීමෙන් එම තරුණයා තවමත් මහව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ රටේ මැර කණ්ඩායම් ක්‍රියාත්මක වීම මේ වනවිට වැඩි වී තිබෙනවා. පසුගිය දිනක පොලිස්පතිවරයා ජනාධිපතිවරයාට සහතිකයක් දී තිබුණා වාහන කොල්ලකෑම් සඳහා මැදිහත්වෙන්නෙ නැහැ කියල. නමුත් මේ වනවිට මේ රටේ තරුණයන්ගෙ ජීවිත අනතුරට ලක්වී තිබෙනවා. පුද්ගලයකු ණයක් ගත්තොත් පැහැදිලිව ගෙවන්න ඕනේ. හැබැයි ගෙවන්න බැරි නම් පහර දීලා වාහන රැගෙන යන්න මේ රටේ කිසිදු නීතියක් නැහැ.
මේ සම්බන්ධව ප්‍රධාන හේතුව මූල්‍ය ආයතනවල හාම් පුතාලාගේ පදයට මේ ආණ්ඩුව නටනවා. ඇත්තම කතාව ජනතාව රැවටිලා. දේසින් මාෆියාවෙන් වාහන මංකොල්ලකෑම නවත්වන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාව ඒ සම්බන්ධව දැනුවත් කර තිබුණත් කිසිදු වැඩක් වුණේ නැහැ. මම එතුමාව දැනුවත් කරා ඔබ මේ මාෆියාව නැවතුවොත් ජනාධිපතිගේ පිළිරුවක් හදන බවට. නමුත් මේ වනවිට රට පුරාම ලිසීං මැර කණ්ඩායම් හරහා වාහන මංකොල්ලකෑම සිදුවෙමින් පවතිනවා.’’










