• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දේවිකාගේ අමතක නොවන අතීතය

August 31, 2019
in Heart
Reading Time: 2 mins read
A A
දේවිකාගේ අමතක නොවන අතීතය
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ප්‍රථම වේදිකා නාට්‍ය රංගන ශිල්පිනිය ලෙස විරුදාවලිය ලත් ඇය පුංචි තිරයේ රැජිනයි. දේවිකා මිහිරාණී නම් වූ ඇය වයස අවුරුදු 17දී නර්තනය හැදෑරීම සඳහා සුදර්ශී ශාලාවේ තිබුණු සෝමදාස තිත්තවෙල ගුරුතුමාගේ පෞද්ගලික පන්තියකට සහභාගි වීමත් සමග ඇයට සුවිශේෂී පුද්ගලයකු මුණගැසෙයි. කල්යත්ම එය ආදර සම්බන්ධතාවක් බවට පත්වෙයි. ඔහු එහිදී දේවිකාව වේදිකා නාට්‍ය රංගනය සඳහා යොමුකරවයි. ඒ, වෙන කවුරුවත් නොව අප අතරින් වසර 3කට පෙර සමුගත් විජය නන්දසිරි නම් විශිෂ්ට කලාකරුවායි. ඔහු මුළුමහත් ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවත් දිනාගත් ආදරණීය පුද්ගලයෙකි. විජය නන්දසිරි මෙරට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකරමින් නළුවකු, නිවේදකයකු මෙන්ම ගායකයකු ලෙසද සේවය කර ඇත. දේවිකා පවසන ආකාරයට ඇයගේ හදවතේ විජය තාමත් ජීවත් වෙයි. විජය දේවිකාගේ හදවතේ පමණක් නොව මුළුමහත් ජනතාවගේ හදවතේ ජීවත්වනවා නොඅනුමානයි. ඉතින් අපි මේ සියලු දේ දැනගන්නට දේවිකාගේ හඬට සවන්දෙමු.

කොහොමද ජීවිතේ තොරතුරු?
විශේෂයක් නැහැ. සුපුරුදු පරිදි ගෙවීගෙන යනවා.
විජය නැති පාළුව පාඩුව කොහොමද දැනෙන්නේ?
ඒක නම් වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ හිස්තැන පුරවගන්න ලේසි වෙන්නේ නැහැ. විජය නන්දසිරිගේ තිබුණු හැකියාවන් වෙන කෙනෙක්ට ඇති කියන්න අමාරුයි. එයාට ඩුප්ලිකෙට් (ආදේශක) නැහැ කියලයි කියන්න තියෙන්නේ.
ඇයි දේවිකා චිත්‍රපට සඳහා දායක නොවී වේදිකාවට සහ ටෙලිනාට්‍යයට සීමා වුණේ?
මුලින් නම් දායක වුණා. ඊට පස්සේ ගොඩාක් කට්ටිය සිනමා ක්ෂේත්‍රයට ඇතුළු වුණා. ඉස්සරහට මම ඒ ගැන සලකා බලනවා.
මුලින් දායකවුණු චිත්‍රපට මොනවද?
හිඟන කොල්ලා, රන්මලීගේ වාසනාව, එකගෙයි කුරුල්ලෝ, සීතා.
දේවිකා කියන්නේ “මගේ පණ විජය නන්දසිරි” කියලා නේද? ඉතින් ඒ ප්‍රථම ප්‍රේමය ආවර්ජනය කළොත්?
ඒ ආදරය පුදුමාකාර මිහිරියාවක් තියෙන්නේ. මම නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ මට එහි නැටුම් ඉගැන්වූයේ දයා නෙල්ලම්පිටිය මහත්මියයි. ඇය නිසා මට නර්තනය පිළිබඳ ආසාවක් ඇතිවුණා. මම නර්තනය වැඩිදුර හැදැරීම සඳහා සෝමදාස තිත්තවෙල ගුරුතුමා ළඟට ගියා. ඒ කාලයේ පන්ති තිබුණේ කොළඹ සුදර්ශි ශාලාවේ. නැටුම් උගන්වන වෙලාවට දොරවල් වහනවා. ඒ වෙලාවට එහි වෙනත් කලා කටයුතු සඳහා සහභාගිවෙන පිරිමි ළමයි කවුළුවලින් එබිලා බලනවා. දවසක් ඒ අතරින් එබිලා බැලූ කඩවසම් තරුණයෙක් “නංගි ඔයා ලස්සනට නටනවා” කියලා කිව්වා. ඊට පස්සේ දිනෙන් දින අපේ ආදරය දලුදාලා වැඩුණා. ඔහු තමයි මාව රංගනය සඳහාත් යොමුකළේ. මගේ ප්‍රථම වේදිකා නාට්‍ය “සුබ සහ යස.” ඒ ප්‍රථම ප්‍රේමය. මම නොදන්න මොකක්ද සංසාරගත හේතුවක් නිසා නොසිතූ වෙලාවක මේ විදියට මට අහිමි වුණත් මගේ හිතේ විජය නන්දසිරි වෙනුවෙන් ඉපදුණු ආදරය මගේ දිවි තිබෙනතුරු පවතින එක ස්ථිරයි. ඔහු මට හොඳ පෙම්වතෙක් වුණා, ස්වාමි පුරුෂයෙක් වගේම හොඳ පියෙක් වුණා. අවසානයේ හොඳ සීයා කෙනකුත් වුණා.
විජය නන්දසිරි රඟපෑ චිත්‍රපට ටෙලිනාට්‍ය විකාශනය නොවුණු ඒවා තියෙනවාද?
ඔව්. ලකී ඩයස් නිෂ්පාදනය කළ චිත්‍රපටයක් එන්න තියෙනවා.
මොනවද විජය වෙනුවෙන් කරන පිංකම්?
තෙවර්ෂ පූර්ණය වෙනුවෙන් අගෝස්තු 10 වැනිදා ලේ දන්දීමේ පිංකමක් පැවැත්වුණා. එයා වෙනුවෙන් සෑම වර්ෂයකම ධර්ම දේශනාවක් හෝ පිරිත් පිංකමක් පවත්වනවා.
විජය වෙනුවෙන් ගල්කිස්සේ ටෙම්ප්ලර්ස් පාරේ ඔහුගේ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට 2018 වර්ෂයේ මුල්ගල තිබ්බා. ඒ ප්‍රතිමාව නිරාවරණය කළාද ජනතාවගේ සිහිවටනයක් විදියට?
නැහැ. කලින් ඒකට අධාර කරනවා කව්ව කෙනා ඒ ගැන කතාකරන්නෙත් නැහැ. ඒකට හේතුව මොකද්ද දන්නේ නැහැ. එහෙම වුණොත් ඒක හදන්න වෙන්නේ මටම තමයි. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය වෙනවා.
ඔබගේ අදහසක් තිබුණා විජය වෙනුවෙන් රංගන පාසලක් ඉදිකරන්න. එහි වැඩකටයුතු ආරම්භ කරලාද තියෙන්නේ?
රජයේ අනුග්‍රාහය ලබාගෙන තමයි ඒක කරන්න වෙන්නේ. මේ වෙනුවෙන් රජය උදව් කරයි කියලා විශ්වාසයි. ඒ සඳහා මට තියෙන වුවමනාව වෙන කාටවත් නැහැනේ.
විජය ජීවත්ව සිටි කාලයේ විජය වෙනුවෙන් මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රධානීන් නිසි ඇගයීමක් කළේ නැද්ද?
මම හිතනවා මීට වඩා ඇගයිමක් කළයුතුව තිබුණා. විජය නැතිවුණාට පස්සේ එයාගේ අගය ගොඩාක් අයට දැනුණේ. සමහර තැන්වල ඇගයිමක් වුණා. ඒත් මිනිස්සු මැරුණාට පස්සේ ඇගයීමක් කරලා වැඩක් නැහැ. ජීවත්ව ඉන්න කාලේ ඇගයීමක් කරන්න තිබුණා.
කොහොමද දේවිකා විජය නැතිව ගතකරන ජීවිතය?
අපට ඉතින් සමහර දේවල් තියෙනවා කැමැති වුණත් අකැමැති වුණත් කරන්න. විජය නැතිවුණා කියලා ජීවිතය අතහරින්න බැහැ. දරුවන් වෙනුවෙන් පියාගේ සහ මවගේ භූමිකාව දරන්න ඕනේ. දරුවන්ට යුතුකම් සහ වගකීම් ඉෂ්ට කරන්න ඕනේ. මම ඒකට බැඳී සිටිනවා.
ඉදිරියේදී රඟපාන්න ආරාධනා ලැබුණොත් භාරගන්නවාද?
මෙතෙක් ආරාධනා ලැබුණා. පුතාගේ අධ්‍යාපන කටයුතු ඉවරවෙනකන් තමයි ඉන්නේ. පුතාගේ උපාධිය ඉවරවෙන්න ඕනේ. ඒකට තව අවුරුද්දක් වගේ කාලයක් තමයි තියෙන්නේ. ඉන් පසුව මම රඟපානවා.
දිමුතුමුතු ටෙලිනාට්‍ය හා නූතනයේ විකාශය වන ටෙලිනාට්‍යවල නළු නිළියන් අතර ඔබ කොහොමද වෙනස දකින්නේ?
ඒක කාසියක දෙපැත්තක් වගේ ඕනම දේක හොද සහ නරක දෙකම තියෙනවා. අදටත් ඉස්සරහටත් එහෙම තමයි. දැන් රංගන ශිල්පීන්ට පහසුකම් තියෙනවා. තප්පරයෙන් මුළු ලෝකයම වෙනස් කරන්න පුළුවන්. එදා එහෙම පහසුකම් තිබුණේ නැහැ. දැන් පහසුකම් සිය දහස් ගුණයෙන් වැඩිවෙලා.
පුතා රසංජන දායකවුණු චිත්‍රපටයක් ඉදිරියේදී තිරගතවෙන්න තියෙනවා නේද?
ඔව්. “කතුරු මිතුරු” කියලා ගිරිරාජ් කෞෂල්‍යගේ අලුත්ම චිත්‍රපටය.
පුතා දිගටම රඟපාන්න නැමති නැද්ද?
එයාට තාම අවුරුදු 24යි. වෘත්තියෙන් ගුවන් නියමුවෙක් වෙන්න ඉගෙන ගන්නේ. ඒ වෘත්තිය කරන අතරතුර රංගනය සඳහා අවස්ථාවක් උදාකරගනියි.
දුව නවංජනා ගැන තොරතුරු මොනවද?
එයා විවාහ වෙලා දූ සිඟිත්තක් ඉන්නවා. එයාට අවුරුදු 3යි. එයාලා පිටරට ජීවත්වෙන්නේ. තාත්තා ඉන්න කාලේ ගායනයෙන් රංගනයෙන් තාත්තාගේ නාට්‍යවලට සම්බන්ධ වුණා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මවගෙ මරණයෙන් පසු උපන් මහාකොළසන්නි යකා

Next Post

එදා සහ අද වන්දනාවේ වෙනස

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

1990 හදිසි ගිලන් රථ සේවාව (සුව සැරිය) අක්‍රීය වන බවට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පුවත බොරුවක් බව සුවසැරිය...

Read more
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.